පොදු ජන පෙරමුණේ ඇමති සිහිනය බිඳවැටෙයි
පොදු ජන පෙරමුණේ ඡ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුට කැබිනට් අමාත්‍ය තනතුරු දෙන බවට පසුගියදා ජනමාධ්‍ය වාර්තා කරන ලදී.එම ඡ්‍යෙෂ්ඨයන් අතර ගාමිණි ලොකුගේ ,රෝහිත අබේගුණවර්ධන සී.බී.රත්නායක,ජොන්ස්ටන් ප්‍රනාන්දු සනත් නිශාන්ත ආදීන් සිටින බවද වාර්තා විය.
එහෙත් අද සවස වන විට වාර්තා වූයේ පොදුජන පෙරමුණේ එම ඡ්‍යෙෂ්ඨයන් කැබිනට් අමාත්‍ය තනතුරු වලට පත් කිරීමට ජනපතිවරයා අකමැත්ත ප්‍රකාශ කර ඇති බවය.ආණ්ඩුවට සම්බන්ධ පාර්ශවයන් මොවුන් හට අමාත්‍ය තනතුරු ලබා නොදෙන ලෙසට ජනපතිවරයාගෙන් ඉල්ලා ඇති බවද කියවේ.පොදු ජන පෙරමුණේ සිට මේ වන විට ජනපතිවරයා හා සම්බන්ධ වී සිටින නිමල් ලන්සා මන්ත්‍රීවරයා මෙම ඡ්‍යෙෂ්ඨයන් හට ඇමතිකම් ලබා දීමට එරෙහිව ප්‍රබල විරෝධතාවක් දක්වා තිබේ.එහිදී ඔහුගේ අදහස වී ඇත්තේ පොදු ජන පෙරමුුණ විසින් අමාත්‍ය තනතුරු වලට පත් කරන ලෙසට ඉල්ලා ඇති අයවළුන් අන්ත දූෂිතයන් බවත් ඔවුන් අමාත්‍ය තනතුරු වලට පත් කළ හොත් ආණ්ඩුව ජනතා අප්‍රසාදයට පත් විය හැකි බවත්ය.
කෙසේ වෙතත් පොදු ජන පෙරමුණ ඉල්ලා සිටින අමාත්‍ය තනතුරු ලබා දීම ජනපතිවරයා ප්‍රතික්ශේප කළ හොත් පොදු ජන පෙරමුණෙහි ඡ්‍යෙෂ්ඨයන් බරපතල ප්‍රශ්ණයකට මුහුණ දීමට සිදු වෙනු ඇති බව පැහැදිලිය.පොදු ජන පෙරමුණේ දේශපාලන හයියෙන් ජනපති තනතුරට පත් ජනපතිවරයා තමන්ට දක්වන කුඩම්මාගේ සැළකිල්ල පිළිබඳව ඔවුන් අඩු තක්සේරුවකින් නොසිතන බවද සිතන්නට පුළුවන.එහෙත් එහිදී ජනපතිවරයාට එරෙහිව ගත හැකි තීන්දු තීරණ සිය දේශපාලන පැවැත්මට බරපතල අවදානමක් ඇති කරවන වටපිටාවක් නිර්මාණය විය හැකි බවද ඔවුන්ට සිතන්නට සිදුවේ.ඒ ජනපතිවරයාට පාර්ලිමේන්තුව විසුරවා හැරීමේ බලය හිමිව තිබෙන නිසාය.
ජනපතිවරයාගේ පාර්ශවය හා පොදු ජන පෙරමුණ පොර කුකුළන් මෙන් සිය ප්‍රතිවාදියාට එරෙහිව පළමු ප්‍රහාරය එල්ල කිරීම ගැන නැවත නැවතත් සිතා බලනු ඇත. ඒ මන්ද යත් කුලල් කා ගත හොත් තමන් දෙපාර්ශවයම විනාශයට පත් වන බව ඔවුන් දන්නා බැවිනි.පාර්ලිමේන්තුව විසුරවා හැර මහා මැතිවරණයකට යාම පිළිබඳව කල්පනා කළහොත් පොදු ජන පෙරමුණට නැවත දේශපාලනිකව ගොඩ ඒමක් නැති බව පැහැදිලිය.යම් ආකාරයකින් එම මැතිවරණයෙන් සමගි ජන බලවේගය ආණ්ඩු බලය ගත හොත් ජනපතිවරයාට සිය ඉදිරි කාලය කරදරයකින් තොරව පවත්වා ගෙන යා හැකිය.ඒ සමගි ජන බල වේගය යනු අලි ජාන වලින්ම නිර්මාණය වූ පක්ෂයක් නිසාය.එහෙත් කිසිම පක්ෂකට පාර්ලිමේන්තු බලය ලබා ගැනීමට තරමේ ආසන සංඛ්‍යාවක් හිමිවේද යන්නත් සැක සහිතය.එහිදී තරගය පවතින්නේ සමගි ජන බලවෙිගය හා ජාතික ජන බලවේගය අතරය.
පොදු ජන පෙරමුනට හා එක්සත් ජාතික පක්ෂය එම මැතිවරණයේදී කුජීත වන වන බව අත් දුටු සත්‍යයයි.
කෙසේ වෙතත් අද ආණ්ඩුව තුළ නිර්මාණය වී ඇති මෙම ඇමති අර්බුදය දෙපාර්ශවය විසින් විසඳා ගත්තේ නැති වුවද ආණ්ඩුවේ ඉදිරි පැවැත්මට හානියක් නොවන ඇති බවට කැට තියා පැවසිය හැකිය.
එහිදී ජනපතිවරයාට විරුද්ධව මරාගෙන මැරෙන මෙහෙයුමකට පොදු ජන පෙරමූණේ මන්ත්‍රී කණ්ඩායම කිසිසේත්ම මැදිහත් නොවනු ඇත.ඇතැම් විට මේ ඇමති අර්බුදය අවසන් වනු ඇත්තේ පොදු ජන පෙරමුනේ මන්ත්‍රී කණ්ඩායමක් ජනපතිවරයාට සෘජුවම සහයෝගය ලබා දීමට තීරණය කිරීමෙන් වෙන්නටද පුළුවන.එය එසේ වෙනවා නම් රාජපක්ෂ කඳවුරේ බිඳ වැටීමද ඉන් ඇරඹෙනු ඇත.රාජපක්ෂ කඳවුරද සිය දේශපාලනික පැවැත්ම ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ උපාය උපක්‍රම යොදා ගන්නා බවද නිසැකය.නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා දිගින් දිගටම තමන් ගේ කණ්ඩායම විපක්ෂයට යාමට ඕනෑම අවස්ථාවක සූදානම් බව පවසන්නේ ඒ නිසාය.පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන්ට කැබිනට් අමාත්‍ය තනතුරු ලබා දීම ජනපතිවරයා ප්‍රතික්ශේප කළ හොත් ඔවුන් කණ්ඩායම විපක්ෂයේ අසුන් ගැනීමට ඉඩ කඩ පවතී.ඒ සිය දේශපාලන පෞරෂයේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරගැනීම සඳහා මිස අන් කාරණයකට නොවේ.එම කණ්ඩායම විපක්ෂයට පැමිණිය හොත් සමගිජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් ආණ්ඩුවට එක් වීමටද ඉඩ තිබේ.එසේ නැති වුවද විපක්ෂයට පැමිණෙන පොදු ජන පෙරමුණේ කණ්ඩායම ආණ්ඩුව බිඳ වැටිමට ඉඩ නොදෙන බව සීයට සීයක් විශ්වාසය.ජනපතිවරයාද ඒ බව දනී.
එකම එක ආසනයකින් පාර්ලිමේන්තු බලය ආරක්ෂා කරගනිමින් මෙරට පාලනය කළ ජනපතිවරුන්ද ඉතිහාසයේ සිටි බව අපට මතකය.ඒ නිසා අද වන විට නිර්මාණය වී ඇති ඇමති අර්බුදය පොදු ජන පෙරමුණේ දේශපාලන පෞරෂය හා ගැටෙන ප්‍රශ්ණයක් මිස ආණ්ඩු බිඳවැටීමේ ප්‍රශ්ණයක් නොවන බව ලංකා දවසේ අදහසයි.
Comments
Post a Comment