පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ සේවා දිගුව අවසන් වීමට තව දින කිහිපයයි-උසී.. උසී.. උසී ..
පොලිස්පති චන්දන වික්‍රමරත්නට ලබා දී ඇති මාස තුනක සේවා දිගුව මේ මස 23 වනදායින් අවසන් වේ.ඉන් පසු පොලිස්පති වරයා ලෙස පත් කරන පොලිස් නිළධාරියාගේ නම ආණ්ඩුව මෙතෙක් ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කර නැත.පොලිස්පති තනතුර සඳහා ඡ්‍යෙෂ්ඨත්වයෙන් ඉදිරියෙන් සිටින තිදෙනා වන්නේ ඡ්‍යෙෂ්ඨ පොලිස්පති නිලන්ත ජයවර්ධන,
ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායක,ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වේ.මෙම ඡ්‍යෙෂ්ඨ පොලිස්පතිවරුන් තිදෙනාගෙන්
දෙදෙනෙකුට පාස්කු බෝම්බ ප්‍රහාරයේ රාජකාරිය පැහැර ඇති බවට එම ප්‍රහාරය
සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කරන ලද ජනපති කොමිෂමෙන් වාර්තා කර තිබේ.
ඒ
ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන හා දේශබන්දු
තෙන්නකෝන්ට එරෙහිවය.මෙහිදී ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු
තෙන්නකෝන්ට එරෙහිව ගාලු මුවදොර ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකරන ලදැයි
චෝදනා කොට මේ වන විටත් නඩු පවරා තිබේ.
නීතිඥ සංඟමය ආණ්ඩුවට ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ අපරාධ චෝදනා නඩු ඇති කිසිම
පොලිස් නිළධාරියකු පොලිස්පති වරයා ලෙස පත් නොකරන ලෙසය.
වර්තමාන
පොලිස්පති චන්දන වික්‍රමරත්න හට සේවා දිගුවක් ලබා දීමට පෙර පොලිස්පති
තනතුරට පත්වීම සඳහා පොලිස් ඡ්‍යෙෂ්ඨයන් අතර බලු පොරයක් ඇරඹී තිබුණි.එහිදී
පොලිස්පති තනතුර අපේක්ෂාවෙන් දේවාලවල බාර හාර පවත්වන කට්ටඬි ගුරුකම් කරන
පොලිස් ඡ්‍යෙෂ්ඨයන් ගැනද අපට වාර්තා විය.තවත් සමහර පොලිස් ඡ්‍යෙෂ්ඨයන් ඒ
සඳහා ආණ්ඩුවේ දේශපාලන ප්‍රබලයන් ගේ සහයෝගය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින
බවද මාධ්‍ය වලින් අනාවරණය කෙරිණි.
දැන්
නැවත පොලිස්පති බලු පොරය ඇරඹෙන්නට නියමිතය.තමන්ගේ හිතේෂියාට ඒ සඳහා සහයෝගය
දීමට කටු සූප්පු කරන මාධ්‍යකාරයන්ටත් පුළුවන.එහෙත් ඒ ගැන අපට කියන්නට
ඇත්තේ සැරසේන් එල්ලවේන් උසී උසී උසී කියා පමණය.
Comments
Post a Comment