සිංහල බෞද්ධ සංචාරකයන්ට හිතේ කහටක් නැතුව නවාතැන් ගන්නට හැකි හෝටලයක් අස්ගිරිය පන්සලේ විවෘත කෙරේ

 


මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ වන්දනාවට ලක් වෙන යතිවරයානන් වහන්සේලා පිළිබඳව නවමු ආකාරයෙන් සිතන්න⁣ට සිදුවන අපූරු ආදර්ශයක් අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥාණරත්න හිමියන් විසින් සපයා දී තිබේ.


වරකාගොඩ ඥාණරතන හිමියන් මේ ආදර්ශය සපයා ඇත්තේ බොහෝ භික්ෂූන් වහන්සේලා මුදල් ඉපයීම සදහා විවිධ ආකාරයට බෞද්ධ දර්ශනය අලෙවි කරන බවට සමාජය වෙතින් චෝදනා කෙරෙන ව⁣ටපිටාවකය.පසුගියදා අපවත් වූ අනුරාධපුර අටමස්ථානධිපති සතුව පැවැති නිශ්චල හා චංචල දේපොල වල වටිනාකම කෝටි 50 ඉක්මවන බව අධිකරණයේ පැවැති නඩුවකදී අනාවරණය විය.මෙම දේපොල වලින් කොටසක් අටමස්ථානාධිපති නායක හිමියන් විසින් සිය අනියම් බිරිඳගේ දියණියට නෛතිකව ලියකියවිලි මගින් පවරා දී තිබූ බවද එම නඩු විභාගයේදී අනාවරණය විය.

අස්ගිරි පාර්ශවයේ මහා නායක වරක ගොඩ ඥානරතන හිමි අස්ගිරිය පන්සල අසල මී⁣ට ටික කාලයකට පෙර බෞද්ධ වන්දනාකරුවන් සඳහා ඉඳි කරන ලද අස්ගිරි විශ්‍රාම ශාලාව බී.පී.ආර්.අස්ගිරිය
රෙස්ටි නමින් තරු තුනේ හෝටලයක් බවට නවීකරණය කර තිබේ.එම තරු තුනේ හෝටලය ඇරඹීමෙන් වරකාගොඩ ඥාණරතන දක්ෂ ව්‍යාපාරිකයකු බව සමාජයට පෙන්වා දෙන බව අපගේ විශ්වාසයයි.

මෙම අස්ගිරිය රෙස්ට් හෝටලය පවත්වාගෙන යාම එක අතකින් සිංහල බෞද්ධ සමාජයට වාසියක් සැළසෙන කාරණයකි.ඒ වරකාගොඩ ඥාණරතනගේ පෙර සමාජ ක්‍රියාකාරකම් ගැන අවධානය යොමු කරන විටය.2017 වර්ෂයේදී ගලබොඩඅත්තේ ඥානසාර ඇතුළු භික්ෂූන් කිහිපදෙනෙකු අලුත්ගම මුසල්මානු විරෝධය අවුලවන විට වරකාගොඩ ඥානරතන හිමි අස්ගිරියේ සිට ඇවිලෙන ගින්නට පිදුරු දැමූ හැටි අපට මතකය.කුරුණෑගල  දොස්තර ෂාපි ට එරෙහිව වඳ සැත්කම් චෝදනාව සමාජගත වෙද්දීද මේ හිමියන් අත්පුඩි ගසමින් සමාජය කුලප්පු කරන ලදී.මිල්ටෙරි නන්දසේන බලයට පත් කිරීමේ ඡන්ද ව්‍යාපාරයේදී හිට්ලර් කෙනෙකු වෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටින ලද්දේද මේ වරකගොඩ ඥාණරතන හිමිය.

මේ හෝටල් ව්‍යාපෘතිය ඇරඹීමත් සමඟම වරකගොඩ ඥාණරතන හිමියන්ට ජාතිවාදියකු ලෙස පෙනී සිටීම අකැපය.ඒ මන්ද යත් ශූර බිස්නස් කාරයෙකුට ජාති භේදය ,කුලය ,ආගම අදාල වන්නේ නැති නිසාය.බී.පී.ආර්. අස්ගිරිය හෝටලයේ ලාංඡනය තුළ ඇත්තේ වටාපතක හැඩය ගත් ඇතුළතක නෙළුමක සංකේතයකි.එම සංකේතය තුළින්ද මෙම හෝටලයේ හිමිකාරිත්ව⁣ය හා බැඳුණු  සිංහල බෞද්ධ බව අනියම් ආකාරයට  ප්‍රකාශනය කෙරෙන බවට සිතා ගත හැකිය. වටාපත හෝටලයේ ලාංඡනය විදියට ගත්තාට කාටවත් කිරිපණු ගාය හැදෙන්නට ඕනෑ නැත.ඒ වරකාගොඩ ඥාණරතන හිමියන් මෙරට මහා නායක උන්නාන්සේ කෙනෙක් වෙන නිසාය.  

මෙම හෝටලයේ නවාතැන් ගැනීමට මුසල්මානුවන්ද කතෝලිකයන් හින්දූන් ආදී විවිධ ආගම් අදහන්නන්ද පැමිණෙනු ඇත.එබැවින් වරකගොඩ උන්නාන්සේ මින් ඉදිරියටවත් බෞද්ධ දර්ශ⁣නයට අනුව සියළු සත්වයෝ කෙරෙහි අනුකම්පා කරනු ඇති බව අපට විශ්වාසය.එහෙම නැතිවුව හොත් ව්‍යාපාරය කඩා වැටෙන්නට ඉඩ තියෙන්නට පුළුවන.

දැන් කාට හෝ ප්‍රශ්ණයක් මතු වනු ඇත්තේ බෞදධ භික්ෂූන්ට ව්‍යාපාර කරන්නට පුළුවන්ද කියාය.මෙරට ඇතැම් විහාරස්ථාන වල පිහිටා ඇති දේවාල තුළද සිඳු කරන්නේ ව්‍යාපාර වේ.
බී.පී.ආර්.අස්ගිරිය රෙස්ට් හෝටලය යනු බෞද්ධ සාංඝික දේපොල පවතින සමාජයට ගැලපෙන ආකාරයට  ගලපා ගැනීමකි.මෙය දේවාල වලින් උපයා ගැනීම් වලට වඩා සරු ආදායම් මාර්ගයක් වනු නිසැකය.අස්ගිරිය හෝටලය පූර්වාදර්ශයක් කර ගනිමින් මෙරට විහාරස්ථාන වල බණ මඩු සංචාරක නවාතැන් බවට පරිවර්තනය වීමටත් ඉඩ තිබේ.

දැන් අස්ගිරිය විහාරයට දාන වේල වැරදීම ගැන ප්‍රශ්ණයක් මතු වන්නේද නැත.දාන වේල වැරදුන විට අස්ගිරිය හෝටලයට දන්වන පරක්කුවට එම දාන  වේල ලැබෙනු ඇත.

කොහොමද වරකාගොඩ ඥාණරතන හිමියන්⁣ගේ ටිකිරි මොළේ

අනේ සාදුු.....සාදුු......සාදු.........  




Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්