ඕස්ට්‍රේලියාවේ සංඝ නායක හිමියන්ට එරෙහිව ළමා අපචාර චෝදනා එල්ල වේ
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ධම්ම සරණ ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානයේවිහාරාධිපති නාඔටුන්නේ විජිත හිමියන්ට එරෙහිව ළමා අපචාර චෝදනා ගණනාවක් එල්ල වී ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබේ.
68
වියේ පසුවන මේ හිමියන් මීට වසර ගණනාවකට පෙර එනම් 1996 සිට 2004 දක්වා කාලය
තුළ ස්ප්‍රීවෙල් සහ කිංස්බරිහි විහාරස්ථාන වල රැඳී සිටි කාලය තුළ තමන්
හමුවට ආ බාල වයස්කාර දරුවන් තිදෙනෙකු අපයෝජනයට ලක් කරන ලද බව
ඕස්ට්‍රේලියානු පොලීසිය චෝදනා කර ඇත.වයස අවුරුදු 16 අඩු දරුවන් ඉදිරියේ
අශෝබන ලෙස හැසිරීම හා ඔවුන් ලිංගිකව අපයෝජනය කිරීම ඇතුළු චෝදනා 13 ක් මෙම
හිමියන්ට එරෙහිව ගොනු වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
පසුගියදා
ඕස්ට්‍රේලියානු අපරාධ මර්දන ඒකකයේ රහස් පරීක්ෂකයන් විසින් අත් අඩංගුවට ගත්
නාඔටුන්නේ විජිත හිමියන් නේවාසිකව සිටි විහාරස්ථානවල ඉරිදා දින දහම්
පාසැල් පවත්වාගෙන ගොස් ඇති අතර මෙම අපචාරයට ලක්වූ දරුවන් එම දහම් පාසැල්
වල දහම් අධ්‍යයන කටයුතු වලට සහභාගි වූ දරුවන් බව කියවේ. මෙරට රාමඤ්ඤ
නිකායේ ඕස්ට්‍රේලියාවේ සංඝනායක වන්නේද මේ හිමියන්ය.
පොලීසිය මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලද මෙම හිමියන් ඇප මත මුදා හරින ලදී
මේ නඩුව නොවැම්බර් මස 10 වන දින නැවත කැඳවීමට නියමිතය.
Comments
Post a Comment