ප්‍රහාරයක් ද ? ඝාතනයක් ද ? - එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් නැරඹිය හැකිය

  


මහාචාර්ය රොහාන් ගුණරත්න වෙිදිකාවට ආවෙිය.ඒ  පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු ඉංග්‍රීසියෙන් ලියන ලද ග්‍රන්ථය එළි දැක්වීමටය.එම ග්‍රන්ථයේ දොරට වැඩුමට  ⁣ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් රොත්තක්ද නීතිපතිවරයාද ආරක්ෂක අංශ වල ප්‍රධානීන් ගනනාවක්ද සහභාගි වී සිටියහ.


රොහාන් ගුණරත්නගේ ග්‍රන්ථයෙහි අන්තර්ගතය තුළ ඇත්තේ ⁣පාස්කු බොම්බ ප්‍රහාරය ඉස්ලාමි ආගමික අන්තවාදීන් විසින් සිඳු කරන ලද්දක් බවය.පාස්කු ප්‍රහාරය තුළ පවතින අබිරහස් කළු කුහරය වසා දැමීමට මොහු බරපතල උත්සාහයක නිරතව සිටින්නෙකි.මෙම ග්‍රන්ථය ලියවෙන්නේද ඒ සඳහාය.කාදිනල් උන්වහන්සේ ඇතුළු කතෝලික පියතුමන්ලාද මෙරට මාධ්‍යවේදීන් ගණනනාවක්ද පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය මන්ත්‍රීවරුන් පිරිසක්ද  දිගින් දිගටම  විවිධ කෝන වලින් පාස්කු ප්‍රහාරය පිළිබඳව පවතින අබිරහස් සැක සංකා සහිත සිද්ධීන් විවේචනය කරමින් රජයෙන් ඉල්ලා සිටින්නේ ඒ ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන ලෙසය.    
 
එහෙත් හිටපු ජනපති මිල්ටෙරි නන්දසේන එය වසන් කළ ආකාරයටම ජනපති රනිල් රාජපක්ෂද පාස්කු ප්‍රහාරය ගැන කිසිදු උනන්දුවක් නොදක්වයි.

මිල්ටෙරි නන්දසේන ජනපතිවරයා ලෙස කටයුතු කරන අවදියේ පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමෙින්තුවේ විලාප අදෝනා නැගුවේ විපක්ෂය නියෝජනය කළ හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර මන්ත්‍රීවරුන්ය.ඔවුන් පාර්ලිමේන්තු සභා වාරයන් වලදී මිල්ටෙරි නන්දසේනට හෙණ ඉල්ලූ අවස්ථාද බොහෝය.මේ තක්කඩියන් දෙදෙනා මේ වන විට පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මිනීමරුව⁣න්ගේ ඔඩොක්කුවේ නැළවෙමින් සිටී.දැන් කතෝලික ජනතාව එම තක්කඩියන් දෙදෙනාටද වැහි නැති හෙණ ඉල්ලමින් සාප කරමින් තිබේ. 

රොහාන් ගුණරත්න පිටියට පිවිස ඇත්⁣තේ මෙවැනි වටපිටාවකය.⁣මොහු රනිල් රාජපක්ෂගේ උපදේශකයෙකි.වීඅයිපී ගුවන් ගමන් බලපත්‍රයක් හිමි තැනැත්තෙකි.මේ සියළු කාරණා ගැන පැහැදිලිව විමසා බලන විට රොහාන් ගුණරත්න පාස්කු ප්‍රහාරයේ අබිරහස් සිදුවීම් යටපත් කරන්නට උත්සාහ දරන්නේ කාගේ අවශ්‍යතාවටද යන්න අමුතුවෙන් හාරා අවුස්සා බැලිය යුතු නැත.

මෙහිදී රොහාන් ගුණරත්න ගහන මෙි මැච් එක ලේසි ප⁣හසු එකක්ද නොවේ.පාස්කු ප්‍රහාරයේ  සැබෑව  අනාවරණය කරන ලෙසට පෙල ගැසී සිටින පාර්ශවයන් විශේෂ අවධානය යොමු කළ යුතු සිදුවීම වන්නේ රොහාන් ගුණරත්නගේ ග්‍රන්ථය සමාජගත කරන දින එම උත්සවයට සහභාගි වූ විනිසුරුවරුන්ගේ හා  නීතිපති ගේ නියෝජනයයි.රොහාන් ගුණරත්න හා ආණ්ඩුව මෙරට අධිකරණය තමන් ඉදිරියේ දණ ගස්වාගෙන සිටින බව ඉන් පැහැදිලිය. අගවිනිසුරුවරයා හා විනිසුරුවරුන්ද නීතිපතිවරයාද දැන් ඉන්නේ පාස්කු ප්‍රහාරය සිදු කරන ලද්දේ ඉස්ලාමි ආගමික අන්තවාදීන් බවට නිශ්චිත තීරණයකට එළඹ⁣ ගෙනය.ඒ මහාචාර්ය රොහාන් ගුණරත්නගේ සංකල්පයයි.පාස්කු ප්‍රහාරයේ සැක තැන් පිළිබඳව යම් ප්‍රශ්ණ කිරීමකට අළුත්කඩේ නඩුකාරයන් ගෙන් දැන් සාධාරණය අපේක්ෂා කිරීම විහිළුවකි.

මේ වන විට මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ විශාල කුණාටුවක පෙර නිමිති පහල වෙමින් තිබේ.රොහාන් ගුණරත්න සිය ග්‍රන්ථය සමාජගත කරන දින සිදු කරන ප්‍රකාශයක සඳහන් වූයේද නුදුරේදීම මෙරට දේශපාලනයේ මහා පිපිරීමක් සිදුවන බවය.සැබැවින්ම අපටද ඒ පිළිබඳව යම් අදහසක් පවතී.
මෑතකදී දළදා මාලි⁣ගාවේ දියවඩන නිළමේ සිය හිතවතෙකුට පෞද්ගලිකව ප්‍රකාශ කර ඇත්තේ මේ විදියට ගියොත් මාලිමාව මෙරට ආණ්ඩු බලය අල්ලන බවය.එය එසේ වුව හොත් තමන්ට කටුනායක ගුවන් තොටුපොළෙන් රටින් පැන යාමට සිඳු වන්නේ බ්‍රෙෂියර් ඇඳ ගෙන බවද දියවඩන නිළමෙි  වැඩිදුරටත් පවසා තිබේ.දැන් ආණ්ඩු පක්ෂයේ දූෂිතයන් බොහෝ දෙනෙකුද මේ වටපිටාව තුළ දේශපාලනිකව නොසන්සුන්ව සිටින බවද පැහැදිලිය.මෙරට දේශපාලනයේ පාරාජිකා වී සිටින පාදඩ දේශපාලඥයන් ගනනාවක්ද ජනපති රනිල් රාජපක්ෂ ආණ්ඩුව තවත් ශක්තිමත් කළ යුතුය යන අදහ⁣සේ සිටී.සැබවින්ම දැන්  සිද්ධ වෙමින් පවතින්නේ මෙරට දේශපාලනයේ ජඩයන් නොසන්ඩාලයන් හොරුන් හා වංචාකාරයන්  එක පෙරමුණකට පැමිණීමය.

රෝහිනී කවිරත්න සජිත් හා රනිල් මගේ ඇස් දෙක වාගේය කියන්නේ මෙවැනි සංදර්භයකය.චන්ද්‍රිකා බණ්ඩාරනායක මෛත්‍රීපාල සිරිසේන නොකියා කියන්නේද  එම කතාවමය.
 
කෙසේ වෙතත් එහි පළමු අදියර ලෙස නුදුරේදීම මහින්ද රාජපක්ෂ නැවත මෙරට අගමැතිවරයා ලෙස පත්වීමට නියමිතය.ගෞරවාන්විත දේශපාලන සමුගැනීමකට පා ඔසවන රට බේරාගත් වීරයා ලෙස එය අරුත් ගැන්වෙනු ඇත. ඉන් පසුව මෙරට දේශපාලනය තුළ බොහෝ සිදුවීම් සිදු වෙනු ඇත.එහෙත් ඒ වෙනස්කම් "සිදුවෙනු ඇත" යනුවෙන් සිල්ලරට සිතිය යුතු සිදුවී⁣මිද නොවේ. ඒ නිසා මෙරට දේශපාලනය තුළ බලය ආරක්ෂා කර ගැනීම පිණිස අවස්ථානුකූලව ක්‍රියාත්මක වී ඇති  "අදෘශ්‍ය මාන හස්තය" විසින් නැවත මහා ඛේදවාචකයක් නිර්මාණය කරනු ඇති බව අපට සැකයක් මතු වී තිබේ. 
 
මහාචාර්ය රොහාන් ගුණරත්න අනාවැකියක් ලෙස අඟවා ඇත්තේ අප තුළ මතුවී ඇති එම සැකයයි.මේ වන විටත් එම බිහිසුනු පිපිරවීම එම මිනීමරුවන් විසින් සිතියම් ⁣ගත කර ඇති බව අපට විශ්වාසය.පිපිරවීම යනු බෝමිබ නොවන්නටද පුළුවන.රොහාන් ගුණරත්න මේ ගැන හොඳින් දනී.කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැති යැයි කතාවක් තිබේ.  
 
ඇතැම්විට  මෙම සාහසිකයන් ගේ ඉලක්කය සමහර විට ජනපති රනිල් හාමු වන්ටද පුළුවන.ඒ මන්ද යත් මහා තිගැස්මකට ලක්වී සිටින දේශපාලන සාහසිකයන්  සිය පැවැත්ම තහවුරු කර ගැනීමට ඕනෑම මිලක් ගෙවීමට සූදානමින් සිටින බැවිනි.
 
කෙසේ වෙතත් සමාජය විශාල කම්පනයකට ගොදුරු කරවන මෙලෙච්ඡ සිද්ධි දාමයකට පසුව එහි බිල අනුර කුමාර දිසානායක ඇතුළු ජාතික ජනබලවේගයේ නායකයන් ගේ නමින් ලියන්නට ඉඩ තිබේ.එය ජේආර් ජයවර්ධන කළ පැරණි ක්‍රීඩාවේ නව මුහුණුවරක් වන්ටද පුළුවන. එහිදී එහි හැඩය හා මුහුණුවර වෙනස් ස්වරූපයක් විය හැකිය.

රොහාන් ගුණරත්න කට්ටඬියා වෙස් බැඳගෙන කරලියට පැමිණ ඇත්තේ බහිරව පෙරේත ත⁣ටුව පුද දී තොවිලය අරඹන්නටය.දහ අට සන්නිය එන්නේ ඊළඟටය.ඒ නිසා ප්‍රවේශමි වන ලෙස  රට ජාතියට ආදරය කරන සෑම දේශපාලඥයෙකුගෙන්ම අපි ඉල්ලමු.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්