කුපාඩි කමෙන් ප්‍රසිද්ධ වෙන හැටි කියවෙන රාජපක්ෂ තියරිය
මාධ්‍යවේදී තිස්ස කොරතොට විසින් උදයංග වීරතුංඟ හා කළ සාකච්ඡාවක් ටිරාන් අලස්ගේ මව්බිම පුවත්පතේ පල කර තිබේ.උදයංග වීරතුංඟ මහින්ද රාජපක්ෂගේ මවගේ නැඟෙණියගේ පුත්‍රයාය.මෙහිදී මාධ්‍යවෙිදී තිස්ස කොරතොට ඇසූ ප්‍රශ්ණයකට උදයංග වීරතුංඟ පිළිතුරු දී ඇත්තේ මෙසේය." මෙයා මට කියනව මල්ලි උඹ එක්කෝ ඉගෙන ගෙන ප්‍රසිද්ධ වෙයන්.නැතිනම් ක්‍රීඩා කරල ප්‍රසිද්ධ වෙයන්.එහෙමත් බැරි නම් මොන කුපාඩිකමක් කරල හරි ප්‍රසිද්ධ වෙයන් .."උදයංග වීරතුංඟ මෙහිදී මෙයා යනුවෙන් හඳුන්වා දී ඇත්තේ තම ඥාති සොහොයුරු මහින්ද රාජපක්ෂය.මේ අනාවරණයෙන් හෙළි වන්නේ මහින්ද රාජපක්ෂගේ ඇතුළාන්තයයි.මහින්ද රාජපක්ෂගේ දරුවන් තිදෙනාද ඒ උපදේශය අනුව ක්‍රියා කර ඇති බව නම් පැහැදිලිව පෙනෙන්ට තිබේ.යෝෂිතද නාමල්ද චිචීද ඉගෙන ගත්හ.එහෙත් ඉන් ප්‍රසිද්ධියක් ලබා ගන්නට නොහැකි විය.ඔවුන් ක්‍රීඩා කළහ.එයද සාර්ථක නොවීය.එහෙත් මෙි තිදෙනාම කුපාඩිකම් වලින් නම් මෙරට ප්‍රසිද්ධ වූ බව කවුරු කවුරුත් දන්නා ඇත්තය.අප්පා ද එහෙමය.අප්පා කළ දේ පුතා කරන්නේ නැති නම් නොන්ඩිගෙ පුතා වෙන බවට කියා ඇත්තේ කට කහනවාට නොවේ.මේ පුතුන් තුන්දෙනා අප්පා කළ කුපාඩි කම් වලට එහා ගොස් ඒ සඳහා කප් ගසා තිබේ.
Comments
Post a Comment