ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේනට එරෙහිව මඩ ගැසීමේ ව්‍යාපාරයක්
ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේනට එරෙහිව මඩ ගැසීමේ ව්‍යාපාරයක් ඔහු සම්බන්ධ වන නඩුවක් හරහා දියත් වෙමින් පවතී.
මෙය ආරම්භ කොට ඇත්තේ මව්බිම පුවත්පත හරහාය.
මාලිංග ප්‍රනාන්දු යනු Assnet International ( pvt) Ltd නම් ආරක්ෂක අංශ වලට මෙවලම් සපයන කොම්පැනියක කළමනාකාර අධ්යක්ෂ වරයාය.
මොහු
කුලියට සිටි කොළඹ ඉඩමක් අදාල ඉඩමේ අයිතිකරුගෙන් කුමාර ධර්මසේනට අයත්
පින්තැන්න සමාගම මගින් මිළදී ගෙන ඇති අතර මොහුව අදාල ඉඩමෙන් බලහත්කාරයෙන්
පලවා හැරි බවට කොළඹ මහේස්ත්‍රාත් උසාවියේ නඩුවක් පවරා තිබේ.
එහෙත් ඉඩමේ අයිතිකරු මොහු නොවන අතර පසුගියදා අදාල නඩුව විභාගයට ගත් අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා නොවැම්බර් 2 වෙනි දිනට කල් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම නඩුවට අදාල වග උත්තර කරුවන් සම්බන්ධව පරීක්ෂණයක් සිදුකර වරදක් සිදු කර ඇත්නම් උසාවියට ඉදිරිපත් කරන ලෙසය. මෙම සිද්ධියට අදාලව නඩු දෙකක් පවතී.
මහෙස්ත්‍රාත්වරයාගේ ප්‍රකාශය විකෘති කර මව්බිමේ මෙය වාර්තා කළේ කුමාර ධර්මසේනව අත් අඩංගුවට ගන්නා ලෙස හෙඩිමක් සහිතව මුල් පිටුවේ පුවතක් ලෙසය . අනිකුත් පුවත්පත් එසේ වාර්තා කර නොතිබුණු අතර මව්බිම පුවත අලලා රූපවාහිනී මාධ්‍ය හා වෙබ් සයිට් කිහිපයක එය එසේම පළ කර තිබිණ.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක තරග විනිශ්චයේ යෙදෙන අවස්ථාවක ඔහුගේ මානසිකත්වට පීඩා ගෙන දෙමින් මව්බිම කරන ලද අපහාසයට එරෙහිව නඩු පැවරීමට කුමාර ධර්මසේන කටයුතු කරන බව වාර්තා වේ.
සත්‍ය සමාජ ගත කරනවාට බොහෝම ස්තුතියි
ReplyDeleteKuhaka kama minissunge.
ReplyDelete❤
ReplyDeleteකුමාර ධර්මසේන කියන්නේ යුක්තිගරුක මනුස්සයෙක්
ReplyDelete