ගෙදර ගියොත් අඹු නසී මඟ හිටියොත් තෝ නසී නොහොත් රනිල් රාජපක්ෂගේ දේශපාලන සිහිනය

 


  • රනිල් රාජපක්ෂ ආණ්ඩුව හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් පැවරත්වීමට සැළසුම් කරමින් පවතින බවට තොරතුරු ලැබෙමින් පවතී. අයවැය පැරදවීමේ අදහසක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡා වීම ,අමාත්‍ය තනතුරු නොලැබීම නිසා  කළකිරිණු ආණ්ඩු පක්ෂයේ ඡ්‍යෙෂ්ඨයන් ගේ කළකිරිිම ආදී හේතුන් ගණනාවක් එයට හේතුවී ඇති බවට දැන ගැන්ම තිබේ.

    කෙසේවෙතත් මීට පෙර ජනපතිවරයා හා රාජපක්ෂ පවුලේ සැලසුම වූයේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ජනපතිවරයාගේ විධියක බලය අහෝසි කර පාර්ලිමේන්තු බලය දිගටම පවත්වාගෙන යාමටය.මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ව්‍යවස්ථානුකූලව ජනමත විචාරණයකට යායුතු වේ.එහෙත් ජාතික ජන බලවේගය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ජනපතිවරයාගේ විධායක බලය අහෝසි කරන ව්‍යවස්ථා සංශෝධනයත් සමගම පාර්ලිමේන්තුව විසුරවා හැරීමට කටයුතු නොකළහොත් ජනමතවිචාරණයේදී ආණ්ඩුවේ මතය පරාජයට පත්කිරීමට කටයුතු කරන බවය.  

    දැන් ජනපතිවරයාගේ පාර්ශවය මුහුණ පා ඇත්තේ බරපතල දේශපාලන ආරවුලකටය.පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නැතුව ජනපතිවරයාට සිය අභිමතය පරිදි ආණ්ඩුව ගෙන යාමට නොහැකිය.ජනපතිවරයාගේ ඔඩොක්කු කුක්කන් රැළ හිතා ගෙන හි⁣ටියේ රාජපක්ෂ පවුලේ දේශපාලන බලය ඉවතට දමා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නොතකා අමුතු ජාතියේ සෙල්ලමක් දමා බලය තමන් අත අත රඳවා ගත හැකි බවටය.එහෙත්
    එම තක්කඩියන්ගේ පැවැත්ම දෙදරා යන තාලයට දේශපාලනය උනුසුම් වෙමින් පවතින බව ඇස් පනා පිට පෙනෙන්නට තිබේ.

    ජනපතිවරයාට දැන් ඇති එකම තුරුම්බුව  පාර්ලිමේන්තුව විසුරවා හැර මැතිවරණයක්  පැවැත්වීම පමණය. එසේ නැති නම් ලබන වර්ෂයේ අගෝස්තු මාසය වන විට ජනපතිවරණයට සූදානම් විය යුතුය.කවර මැතිවරණයක් පැවැත්වූවද ජනපතිවරයාගේ කූට්ටාලින් රොත්ත කුජීත වන බව පෙල ගැසෙමින් තිබෙන දේශපාලන රැළි වලින් සිතා ගත හැක.



Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්