පොලිස්පති සී.ඩී. නැවත පත්කිරීම වැරදියි - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීන්දු කරයි
පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා සී.ඩී.වික්‍රමරත්නට දෙවන වරට ලබා දී තිබූ මාස 03 ක කාලය පසුගිය ඔක්තෝම්බර් මස 09 වෙනිදායින් පසුව ජනපතිවරයා විසින් ඔහුට ඔක්තෝම්බර් 13 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි සති 03 ක සේවා දිගුවක් ලබා දීමට කටයුතු කර ඇති බවට වාර්තා විය.
එහෙත්
වයස අවුරුදු 60 ට වැඩි රජයේ නිළධාරීන්ගේ සේවය දීර්ඝ නොකිරීමට රජය ගෙන ඇති
තීරණය අනුව පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට නැවත සේවා දිගුවක් ලබා දීම අනුමත
කළ නොහැකි බව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විසින් තීන්දු කර ඇතැයි දැන ගැන්මට
තිබේ.
අද (17)දින කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්ව ඇති ව්‍යවස්ථාදාවක සභා රැස්වීමට අගමැති දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්,සහ
සිවිල් නියෝජිතයන් සහභාගි වූ බව පැවසේ.එහෙත් ව්‍යවස්ථා දායක සභාවේ
සාමාජිකයකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙම රැස්වීමට සහභාගි වී
නැත.ඔහු මේ වන විට ඉන්දියාවේ සංචාරයක නිරත වේ.
කෙසේවෙතත්
විදේශගත සංචාරයක නිරත ජනපතිවරයා ලංකාවට පැමිණිමෙන් පසු ව්‍යවස්ථා දායක
සභාවේ තීරණය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග ගනු ඇතැයි ජනපති ලේකම්
කාර්යාල ආරංචි මාර්ග පවසයි
Comments
Post a Comment