ආතල් ජනපති රනිල් රාජපක්ෂ ගුටි කෑමට නියමිතය
ඇත්තටම එළඹෙන වර්ෂයේ නියමිත කාලයේදී ජනපතිවරණය තියේවිද නැද්ද යන ගැන මුළු රටටම ඇත්තේ සැකයකි.සාංකාවකි.ප්රජාතන්ත්රවාදය පිළබඳව අදහසක් තිබෙන සෑම පුරවැසියෙකුම දැන් ඉන්නේ එම ප්‍රශ්ණයට ආණ්ඩුවෙන්
ලැබෙන
පිළිතුර කුමක්ද යන්න ගැන අවධානයෙනි.පලාත් මැතිවරණයට ෂොට් එක දුන් ආණ්ඩුව
ජනපතිවරණයද එවැනි ගේමකින් යටපත් කරනු ඇතැයි කාට කාටත් සැකයක් ඇතිවීම
සාධාරණය.
සැබවින්ම ආණ්ඩුව ජනපතිවරණය පැවැත්වීමට කටයුතු කරන්නේද නැද්ද යන්න ගැන විවිධ දේශපාලන අනාවැකි අසන්නටද
ලැබේ.මේ වන විට ජනපතිවරයාගේ ඔඩොක්කු කුක්කන් වන වජිර අබේවර්ධන ,මේල් නර්ස්
සමන් ,රජිත කීර්ති තෙන්නකෝන් වැන්නන් සමාජගත කරන්නට හදන්නේ රනිල්
වික්‍රමසිංහ මෙරට ජනපතිවරයා ලෙස වල කජ්ජ ගහන තුරුම කටයුතු කරනු ඇති බවය.මේ
තක්කඩියන් තුන්දෙනාම දැන් ජීවත්වන්නේ රනිල් වික්‍රමසිංහ ගේ පිහිටෙනි.ඒ
පිහිට නැති වූ දවසට සිය පාදඩ ආත්මය කුල්ල කුජීත වන බවද මුන් දනී.මේ
තක්කඩියන් තුන් දෙනාම එකම හැඩයේ මානසික ආබාධිතයන්ය.පොලිස් කාරයන් තමන්ට
සැලියුට් ගහනවා දකින්නට මේ වාහෙලා හරිම කැමතිය.
සමාජයේ පට්ට
පොරවල් බව අඟවන්නට මුන් කැමතිය.මුන් තුන්දෙනාගේම පැටිකිරිය හොයා බලන විට
කුණු ගඳ මිස වෙන ලබ්බක් හොයාගන්නට බැරිය.මේ තුන්දෙනා ගැන වෙන වෙනම කතා
කිරීම තේරුමක්ද නැත.තුන්දෙනාම එකම වල්ලේය. ජනපතිවරණය
සුන්නත් කිරීමට ජනපති රනිල් රාජපක්ෂද බරපතල ප්රයත්නයක නිරත වනු ඇති බවට
සැකයක් නැත.උන්දෑ දැන් ජීවත්වන්නේ මාර ආතල් එකකය. තමන්ගේ දෙකකුල යටින්
පොළොව කම්පනය වන බව පවා මුන්දෑට වැටහීමක් නැත.ඒ තරමටම උන්දෑ ඉන්නේ සිහින
ලෝකයකය.
එළඹෙන වර්ෂයේ ව්‍යවස්ථානුකූලව ජනපතිවරණය
පැවැත්වීමට නියමිතව තිබුණද එය කල් දමා ගැනීමට ජනපතිවරයා බාල්දු තුරුම්බු
ගණනාවක්ම දේශපාලන පොර පිටියට දමන්නට පුළුවන.මේ වටපිටාව තුළ රාජපක්ෂ
කල්ලියේ දේශපාලන මැදිහත්වීම අප අමතක නොකළ යුතුය.රාජපක්ෂ කල්ලිය දැන්
සිටින්නේ සෝදාපාළු වෙමින් පවතින සිය දේශපාලන බලය ආරක්ෂා කර ගැනීමේ
ඉරියව්වකය.
ඔවුන් ඒ සදහා විවිධ උපාය උපක්‍රම යොදන බව සහතිකය දෙරණ
දිලිත් ජයවීර හා ධම්මික පෙරේරා ජනපතිවරණයට තරග කිරීමට පිටියට බැස ඇත්තේ
රාජපක්ෂ පවුලේ න්‍යාය පත්‍රයට අනුව මිස වෙන කෙහෙල්මලකට නොවේ.ධම්මික පෙරේරා
හා දිලිත් ජයවීර යනු රාජපක්ෂ පවුලේ මුදල් සේප්පුය.ජනපතිවරණයේදී
ඉදිරියෙන් සිටින අපේක්ෂකයා ගේ ඡන්ද ගොඩ අවුල් කිරීම ඒ දෙදෙනාගේ අපේක්ෂාව
වනු ඇත.ඒ සදහා මොවුන් දෙදෙනාම රුපියල් සත විසි කරනු ඇත්තේ පොහොට්ටුවෙන් මේ
වන විට දුරස් වී සිටින පාක්ෂිකයන් ගෙ හිත හදන්නටය.
ජනපතිවරණයක්
නොපවත්වා ජනමත විචාරණයක් පැවැත්වීමට ආණ්ඩුවේ සැලසුම වුවද එය මහ පොළොවේ
යථාර්තයක් කර ගැනීම එතරම් ලේසි පහසු නැත.රාජපක්ෂවරුන් ජනපතිවරයාට යෝජනා කර
ඇත්තේ විධායක ජනපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට බලය පැවරීම සඳහා වූ ව්‍යවස්ථා සංශෝධනයකටය.එහිදී නාමල් රාජපක්ෂ පොදු ජන පෙරමුණේ මන්ත්‍රී
කණ්ඩායමක් රැගෙන විපක්ෂයේ අසුන් ගෙන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා බවට පත්
වීමේ සැළසුමක් ගැන ඉඟියක් ගැන අසන්නට තිබේ.
අගමැති ප්රමුඛ කැබිනට්
මණ්ඩලයට වැඩි බලයක් පැවරෙන ව්‍යවස්ථා සංශෝධනය ලෙහෙසි පහසු කාර්යයක්
නොවේ.පාර්ලිමේන්තුවේදී එම සංශෝධනයට තුනෙන් දෙකක ඡන්දයක් හිමි විය
යුතුය.වර්තමාන පාර්ලිමේන්තු සංයුතිය තුළ එය ඉතා අසීරු වන ඇති බව
නිසැකය.කෙසේ වෙතත් එම කාර්යයට දීර්ඝ කාලයක් ගත වෙනු ඇති බවද අවධානයට ගත
යුතුය.විධායක ජනපති ක්‍රමය වෙනස් කරනවා නම් එය ලබන අවුරුද්දේ නොවැම්බර්
මාසයට මාස තුනකට පෙර එය අවසන් කළ යුතුය.නැතිනම් ඊළඟ ජනපතිවරණය සදහා දින
නියම කර ජනපතිවරණයට නාම යෝජනා කැඳවිය යුතුමය.
එහෙත් ආණ්ඩුව පාර්ශවය පලාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා ගැසූ දහම් ගැටය ජනපතිවරණය සඳහාද යොදා ගන්නට ඉඩ තිබේ.එහෙත් ජනතාවගෙන්
ඒ සඳහා ඉඩක් නොලැබෙන බව අපට සියයට සීයක්ම විශ්වාසය.එහිදී මෙරට නීතිය හා
සාමය බරපතල අර්බුදයකට ලක් වනු ඇත.එසේනම් මෙය මග හරහා ගත හැක්කේ ස්වාධීන
අධිකරණයක් තුළින් පමණි.නීතිය පාච්චල් කරනා කොඳු නාරටියේ සෙවල බැඳුන
විනිසුරුවරුන් සිටින අළුත්කඩේ ඉහළ අධිකරණය ගැන බලාපොරොත්තු තබා ගැනීමටද
නොහැකිය.
මේ වන විට ජනතාව මුහුණ පා සිටින්නේ
බරපතල ආර්ථික පීඩනයකටය.මේ ආර්ථික පීඩනය එන්න එන්ටම දරා ගත නොහැකි වටපිටාවකට
ලඟා වෙමින් පවතින බවද පෙනෙන්ට තිබේ.තව දුරටත් ජනතාව ආණ්ඩුවේ වැල් බයිලා
අසා සිටින්නට සූදානම් නැති බවද ස්ථිරය. අන්තර්ජාතික මුල්‍ය
අරමුදලේ දෙවන වාරිකය මෙරටට නොලැබීමද බරපතල කාරණයකි.එය ලබා ගැනීම සඳහා
ආණ්ඩුව ජනතාව පිට තව බදු බර පටවනු ඇත.එහෙත් ඒ පීඩනය නම් ජනතාව තවදුරටත්
ඉවසනු නැති අතරම එළඹෙන වර්ෂයේ පැවැත්වීමට නියමිත ජනපතිවරණය කල් දැමීමට
ආණ්ඩුව තක්කඩි මැදිහත් වීමක් කළ හොත් එය ජනතාව ප්‍රකෝප කිරීමට හේතුවක් වන
බව නිසැකය.
එහිදී ජනපති රනිල් රාජපක්ෂට පුකට
පයින් ගසා එළවා දැමීමට පෙල ගැසෙන ජනතාව විසුරුවා හැරීමට ආණ්ඩුවේ මිල්ටරි
යාන්ත්රාණයට නොහැකි වනු ඇත්තේය.මේ නිසා මේල් නර්ස් සමන්ටත් මං හිටපු
ආණ්ඩුකාර රජිත් කීර්තිටත් මොළය මංඥං වජිර අබේවර්ධනටත් අපට කියන්නට ඇත්තේ තම
තමන්ගේ කේන්දර බලා ගැනීම හොඳ බවය.
Comments
Post a Comment