නඩුත් හාමුදුරුවන්ගේය. බඩුත් හාමුදුරුවන්ගේ

 


ලංකාවේ අලුත්ම මාතෘකාව ක්‍රිකට් ය. දැන් ලයිට් බිල අහස උසට නැග්ගත් පෙට්‍රල් කීයකින් වැඩි වුණත් කොත්තුව ප්ලේන්ටිය නැග්ගත් කමක් නැත. 

කවුරුත් කතා කරන්නේ අපේ ක්‍රිකට් වලට වූ කලදසාව ගැනය. 

රූපවාහිනී චැනල් වල මේන් නිව්ස් එකත් ක්‍රිකට්‍ ය. 

ලෝක කුසලාන තරගාවලියේ මෙවර අපේ කණ්ඩායම අජූත ලෙස පරදිමින් සිටී. ආසියාවේ රටවල් ඔක්කොටම අපි පරාදය. 

ඒ අස්සේ ක්‍රීඩා ඇමති ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් අතුරුකමිටුවක් පත් කළේය. 

පුදන කොටම කාපි යකා කිව්වාක් මෙන් පහුවදාම අභියාචනාධිකරණය මගින් එයට අතුරු තහනම් නියෝගයක් පනවන ලදී. 

ක්‍රිකට් විනාශ කළ ෂම්මි ඇතුළු හොර නඩය එදාම වීර ලීලාවෙන් ආපහු ක්‍රිකට් මූලස්ථානය අත් පත් කරගත්තෝය.

මේ සියල්ල පොලිටිකල් ඩ්‍රාමා එකකි. 

රනිල්ගේ මෙහෙයවීමෙන් සෙස්සෝ එහි විවිධ භූමිකා රඟ දක්වන්නෝය. 

නඩුකාරයෝත් ඒ අතර වෙති. නඩුත් හාමුදුරුවන්ගේය. බඩුත් හාමුදුරුවන්ගේය. 

තීන්දුව දුන් අභියාචනාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න යනු අල්ලස් මරුවෙකි. ඔහු ක්‍රිකට් ආයතනයෙන්ම කෝටිපති වරයකු බවට පත්ව සිටින අසේල රැකවගේ බාප්පාය. 

ක්‍රිකට් ආයතනය වෙනුවෙන්  සභාපති ෂම්මි විසින් දමන නඩු වල උපදේශකයා රැකවය. රැකව විසින් අල්ලන්නේද ලේසි පාසු නීතිඥ යන් නොවේය. 

එක් නඩු දිනයකට මිලියන 5 ක් පමණ ගන්නා එයින් කොටසක් නඩුකාරයන්ටද දෙන රොමේෂ් ද සිල්වා විශේෂ වන අතර කුවේර ද සොයිසා අනෙක් නීතිඥ යාය. ඔවුන්ගෙන් සියයට ගාන රැකවගේ සාක්කුවේය.

මේ හඩුකාර බන්දුල කරුණාරත්න මෙතෙක් ඇසූ හැම ක්‍රිකට් නඩුවකම තීන්දු දෙන්නේ ක්‍රිකට් බලධාරීන්ට අවශ්‍ය පරිදිය. 

මෙවර අතුරු කමිටුවට එරෙහිව තීන්දුව දී ඇත්තේත් කැකිල්ලෙ රජ්ජුරුවන්ගේ තීන්දුවක් ලෙසින්‍ ය. 

මේ බන්දුල කරුණාරත්නට එරෙහිව අධිකරණ සේවා කොමිසමට හා අග්‍ර විනිශ්චයකාරවරයාට පැමිණිලි කිරීමට සිවිල් සංවිධාන රැසක් මේ වන විට කටයුතු කරමින් සිටී. 

ක්‍රීඩා ඇමතිවරයාට එරෙහිව ක්‍රිකට් ආයතනය දමන නඩු වලින් මොහු ඉවත් කරන මෙන් පැමිණිල්ලක්ද අද හෙට ගොනු කරනු ඇත. 

සියල්ලම කෙළවුණත් මෙරට මිනිසුන් තවමත් අධිකරණය ගැන විශ්වාසයෙන් යුතුව බලා සිටිති. 

එහෙත් රොමේෂ්ලා මෙන් නම හදා ගත් හම්පඩ කළුකෝට් කාරයන් මෙන්ම බන්දුල කරුණාරත්නලා වැනි හඩුකාරයන් මෙරට නීති පද්ධතිය බල්ලට යවමින් සිටීම දේශයේ මළගම තවත් ඉක්මන් කරනු ඇත.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්