මහනුවර ඇහැලේපොළ වලව්වටත් ෂොට් එක දෙයි

 


 අප මේ ප්‍රවෘත්තිය ලියන්නට පෙර 2023 ජුනි මස 11 වන දින ඉරිදා  දිවයින පුවත්පතේ දළදා මාලිගාවට දුන්න මොකද්ද මේ ඇහලේපොල වලව්ව නම් ශීර්⁣ෂයෙන් පල කරන ලද ලිපියේ සඳහන් කාරණයක් පිළිබඳව අවධානයට ලක් කිරීමට කැමතිය.ඒ ලිපිය ලියවී තිබුණේ මහනුවර රජවීදියේ පිහිටි ඇහැලේපොළ වලව්ව  පිළිබඳවය.ශ්‍රී වික්‍රමරාජ සිංහ රජුගේ පාලන කා⁣ලයේදී ඇහැලේපොළ අධිකාරම් හා ඔහුගේ පවුලේ අයවළුන් ජීවත් වූයේ මේ වලව්වේය.මෙය පසුකාලීනව ඇහැලේපොල වලව්ව,රිමාන්ඩ් බන්ධනාගාරය හා බන්ධනාගාර නිල නිවාසය ලෙස ගොඩනැගිලි තුනකින් සමන්විතව තිබුණි.මහනුවර දළදා මාලිගාව ආශ්‍රිත පූජා භූමි ප්‍රදේශයේ පිහිටා ඇති මේ වලව්ව 2005 වර්ෂයේදී

පුරාවිද්‍යා ගොඩනැගිල්ලක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ ඇහැලේපොළ වලව්ව නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගන්නා ලදී. 

ඉන් අනතුරුව අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් දළදා මාලිගාවට පවරා දීමට කටයුතු කළ අතර එම පවරා දීම ගැන අප විසින් ඉහත සඳහන් කළ දිවයින පුවත්පතේ පල කරන ලද ලිපිය මගින් ⁣සැක සංකා මතු කර තිබුණි.එහිදී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මෙම ගොඩනැගිල්ල තම අමාත්‍යංශය යටතේ නොවන දළදා මාලිගාවට පවරා දෙන්නට තරමේ හදිසියක් ඇති වූයේ මන්දැයි  ප්‍රශ්ණ කර තිබුණි.

ඉරිදා දිවයින පුවත්පත මෙම පවරා දීම සම්බන්ධයෙන් දළදා මාලිගාවේ දියවඩන නිළමේ නිලංඟ දෑල ගෙන් ප්‍රශ්ණ කර තිබූ අතර ඔහු එහිදී ප්‍රකාශ කර තිබුණේ ඇහැලේපොළ වලව්ව ඉටි රූප සහිත කෞතුකාගාරයක් බවට පත් කිරීමට සැළසුම් කර ඇති බවය.උඩරට අභිමානය මතුකරන පෞඩත්වය සනිහටුන් කරන එම කෞතුකාගාරයේ දේශීය ආහාර පාන පැරණි භාණ්ඩ ආදී ඉතිහාසගත මතක නැවත සිහි ගැන්විය හැකි ස්ථානයක් බව⁣ට පත් කරන්නට යෝජනා වී ඇති බවත් ලංකාව තුළ මෙවැනි කෞතුකාගාරයක් ඉඳි කරන්නට යන පළමු අවස්ථාව මෙය බවත් දියවඩන නිළමේ ඉරිදා දිවයිනට වැඩි දුර⁣ටත්  සඳහන් කර ඇත.  

ඒ වන විටත් නාගරික සංවර්ධන අධිකාරයේ රුපියල් මිලියන එකසිය හතලිස් හතක් වැය කර ඇහැලේපොළ වලව්ව නැවත නවීකරණය වෙමින් තිබූ බවද එම දිවයින  පුවත්පතේ ⁣සදහන් වේ.කෙසේ වෙතත් මේ වලව්ව දළදා මාලිගාවට බාර දීම සඳහා ප්‍රසන්න රණතුංඟ අමාත්‍යවරයා විසින් ඒ දිනවල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්ද ඉදිරිපත් කරන ලද බව වාර්තා වෙි.

එහෙත් මේ වන විටත් දළදා මාලිගාව ඇහැලේපොළ වලව්ව බාර ගෙන නැත.⁣ එය දළදා මාලිගාව බාර නොගන්නේ නම් ආයෝජන ව්‍යාපෘතියක් වෙනුවෙන් යොදා ගැනීමට ඇමති මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කරන ලෙසට ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා  නාගරික සංවර්ධන අධිකාරියේ නිළධාරීන්ට උපදෙස් දී ඇති බවට අනාවරණය වේ.

මෙි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී ඇත්තේ විකුණා ගෙන කෑමය.පසුගියදා ජනපතිවරයා නිළධාරීන්ට තග දමා අත්පත් කර ගැනීම⁣ට සැළසුම් කර ඇත්තේද පුරාවිද්‍යා ගොඩනැගිල්ලක් වන නුවරඑළිය තැපැල් කාර්යාලයයි.⁣ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ආගමික  කුලකයට අයත් නොවන සියළුම ගොඩනැගිලි හා ඉඩකඩම් විකිනීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව පැහැදිලිය.හොඳින් හෝ නරකින් එය ඉටු කර ගැනීම ජනපතිවරයාගේ අපේක්ෂාව වී ඇත..

පුරාවිද්‍යා වටිනාකමක් සහිත යන්න මෙරට ජනතාව බෞද්ධ සිද්ධස්ථාන පිහිට් භූමි වලට පමණක් ලඝු කර ගෙන සිතීම ඉතා අවස⁣නාවන්ත තත්වයකි.මේ නිසා තක්කඩි දේශපාලඥයන්ට   ඇහැලේපොළ වලව්ව වැනි ඓතිහාසික වටිනාකමක් පවතින පෞඩ ගොඩනැගිල්ලක් පවා විකුණා දැමීමට හැකි වී තිබේ.ඒ කිසිදු මහජන විරෝධයක් මතු නොවන නිසාය.
ඇහැලේපොළ වලව්ව විකිනීමට යන්නේද එවැනි කූඨ සැලැස්මක් දියත් කරමින් බව ඉරිදා දිවයින පුවත්පතේ පලවූ ලිපිය තුළින් පවා තහවුරු කර ගත හැකිය.ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා දළඳා මාලිගාවට ඇහැලේපොළ වලව්ව බාර දීමට යාමේ නාටකය පළමුවෙන් රඟ දැක්වූයේ ඒ නිසාය.ඒ දින වල ඇහැලේපොළ වලව්ව තුළ  කෞතුකාගාරයක් ඉඳි කරන බවට මාධ්‍ය වෙත ප්‍රකාශ කළ දියවඩන නිළමේ අද නෝ කතාය නෝ සිනාය.
මොවුන් සියළුම දෙනා සුදු ඇඳගත් කලු  ජාවාරම්කාරයන්ය. 

මව්බිම විකිණීම රාජ්‍ය ප්‍රතිපත්තිය කර ගත් රනිල් රාජපක්ෂගේ ආණ්ඩුව හෙට අනිද්ද ⁣වන විට ලෝක උරුමයන් සේ නමි කර ඇති මෙරට පුරාවිද්‍යා වටිනාකමක් සහිත සියළුම දේපල විදේශිකයන්ට සින්නක්කර ඔප්පු ලියා අලෙවි කරන බව නම් ස්ථිරය.


Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්