සෞඛ්‍ය සේවාව කම්මුතුයි -රට අමු සොහොනක් වීමට නියමිතය

 


  • මේ වන විට වෛද්‍යවරුන් නොමැති වීම නිසා වැසී ඇති රෝහල්  සහ සේවාව අහිමිව පවතින විශේෂඥ වෛද්‍ය ඒකක ගණන 432 ක් වන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ.

    ඒ අතර වෛද්‍යවරුන් නොමැති වීමෙන් රෝහල් 20 ක් මුළුමනින් වසා දමා ඇති අතර තවත් රෝහල් 44ක උපාධිධාරී වෛද්‍යවරයකු නොමැතිව සහකාර වෛද්‍යවරයකුගේ පාලනය යටතේ පවත්වාගෙන යාමට සිඳු වී ඇති බවද එම සංඟමය පවසා සිටී.

    එම තොරතුරු අනුව විශේෂඥ වෛද්‍යවරුන් නොමැතිව ඉදිරියේදී වසා යාමට නියමිත වෛද්‍ය ඒකක ගණන 95 ක් වන අතර සේවා අඩපනව ඇති රෝහල් සහ විශේෂඥ වෛද්‍ය ඒකක ගණන 150 ක් බව හා වෛද්‍ය හිඟය හේතුවෙන් ඉදිරියේදී සේවා අඩපන වීමට නියමිත රෝහල් හා විශේෂඥ වෛද්‍ය ඒකක ගණන 167 කි.

    වෛද්‍යවරුන්ට බලපා ඇති ආර්ථික අර්බුදය නොසලකා ඔවුන් මෙරට රඳවා ගැනීමට ආණ්ඩුව කටයුතු නොකිරීම නිසා මේ වන විට වෛද්‍යවරුන්ගෙන් සියයට 05 ප්‍රතිශතයක් රට හැර ගොස් ඇති අතර ඉදිරි කාලයේදී සියයට 25ක ප්‍රතිශතයක් රට හැර යාමට නියමිත බවද රජයේ වෛද්‍ය සංඟමය අනතුරු අඟවා තිබේ.

    රට තුළ මෙවැනි බිහිසුනු වටපිටාවක් නිර්මාණය වෙමින් පැවතියදී දේශපාලඥයන් හා ඔවුන්ගේ දරු පවුල් සෞඛ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට මහජන මුදල් වියදම් කරමින් සිංගප්පූරුවේ මවුන්ට් බැට්න් රෝහළ ආදී සුපිරි රෝහල් වලට යමින් සිටී. ජනපති රනිල් රාජපක්ෂ සිය ලිංගික සහකරු වන සාගල රත්නායක සමග විදේශයන්හී විනෝද සංචාරවල නිරත වෙමින් සිටී.මේ වන විට මොවුන් දෙදෙනා ඇමරිකාව ,එංගලන්තය ,ඉන්දියාව,ජර්මනිය ,චීනය ආදී ලෝකයේ ප්‍රධාන රටවල් ගණනාවක සංචාරවල නිරත වී ඇති නමුත් මෙරට සංවර්ධනය සඳහා එම රටවල දායකත්වය ලබා ගෙන ඇති බවක් වාර්තා නොවේ.

    මේ වන විට මෙරට තරුණ කොටස් හදිසි හෘදයාබාධ වලට ගොදුරුව මිය යන බවත් වැඩිහිටි සමාජය විවිධ රෝග වලට ලක් වෙමින් පීඩා විඳින බව වාර්තා වේ.⁣කෝවිඩ් සඳහා ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත් නිසා මෙවැනි තත්වයක් මතු වී ඇති බව ⁣සමාජයේ පොදු  අදහස වී තිබේ.එහෙත් රජයේ සෞඛ්‍ය බලධරයන් මේ සම්බන්ධයෙන් මෙතෙක් අවධානය දක්වා නැත.
    සෞඛ්‍ය සේවාවේ බරපතල කඩා වැටීම නිසා හෙට දවසේදී මෙරට අමු සොහොනක් වන බවට පරිවර්තනය වන බව නිසැකය. 

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්