රට වෙනුවෙන් තේමා පාඨය ඉතින් කුජීතයි මහත්(හො)රුනේ2

 


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට ලබා දී තිබූ  විශේෂ ජනාධිපති සමාව අහෝසි කිරීමට අද (17) ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව පිළිබඳව අප  විසින් මීට ඉහතදී වාර්තා කෙරිණි.


කෙ⁣සේවෙතත් එම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර හිටපු ජනපතිවරයා වූ මිල්ටෙරි නන්දසේන විසින් දුමින්ද සිල්වාට  සමාව දීම සම්බන්ධයෙන් සඳහන් කර ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්  කර තිබූ දිවුරුම් ප්‍රකාශයේ අන්තර්ගත කරුණු ගැන අද දින ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශ්ණ කරන ලදී.

එම දිවුරුම් පෙත්සමෙහි හිටපු ජනපති මිල්ටෙරි නන්දසේන සඳහන් කර තිබුණේ දුමින්ද සිල්වාට තමා සමාව දුන්නේ රට ගැන සිතා බවය.එහිදී
ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශ්ණ  කෙරුවේ රට ගැන සිතා කටයුතු කිරීම යනු කුමක්ද යන්නය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ ප්‍රශ්ණයට වග උත්තරකාර පාර්ශ⁣වයට පිළිතුරක් නොවීය.

එහෙත් රාජපක්ෂ පවුල ඒ දිනවල සෑම තක්කඩි වැඩක්ම සිදු කර රටට පැවසුවේ එය සිදු කලේ රට වෙනුවෙන්  සිතා බවය.රටේ ජනතාවද බඩේ බත් නැතිවී කුජීත ගහන තුරු ඒ කතාව හිස් මුදුනින් පිළිගත්හ.

පෝද්දල ජයන්තගේ අත පය කැඩුවේ රට වෙනුවෙන්ය,

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කෙරුවේ රට වෙනුවෙන්ය,

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙරුවේ රට වෙනුවෙන්ය,

ලලිත් කුගන් මරා දැම්මේ ර⁣ට වෙනුවෙන්ය,

තව තව ඝාතන හා මෙලේච්ඡ පහරදීම් කෙරුවේ රට වෙනුවෙන්ය,

වඳ සැත්කම් වඳ කොත්තු වැනි කතන්දර පවසා මුසල්මානුවන් හා සිංහල බෞද්ධයන් අතර බෙදීමක් ඇති ⁣කෙරුවේ රට වෙනුවෙන්ය,

නාමල් බබා චිචී බබා යෝෂිත බබා මහනුවර දළදා මාලිගාව අබියස කාර් රේස් පැද්දේ රට වෙනුවෙන්ය,

ඒ රේස් සංදර්ශනයට එරෙහිවූ මහනායක හිමිවරුන්ට තර්ජනය කෙරුවේ රට වෙනුවෙන්ය

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හිරේ දැම්මේ රට වෙනුවෙන්ය,

විශේෂ කාර්ය බලකාය මගින් අත් අඩංගුවට ගත් නිමල් ලන්සා නිදහස් කර ගැනීමට මහින්ද මහත්තයා චොපරයෙන් මීගමුවට ගියේ රට⁣ වෙනුවෙන්ය

හබරන දුම්රිය පාරට අලි රෑන එලවා මව්පිය ඇතුන් කෝච්චියට හසු කර ඇත් පැටව් අල්ලා ගෙන අලෙවි කෙරුවේ රට වෙනුවෙන්ය,

සුනාමි ආධාර තමන්ගේ ගිණුමට දා ගත්තේ රට වෙනුවෙන්ය,

මහින්ද මහත්තයාගේ අයියා ගේ පුතා කතරගම දේවාලයේ බස්නායක නිළමේ වුනේ රට වෙනුවෙන්ය.
 
ඔය විදියට එයාලා රට වෙනුවෙන් කළ වැඩ ලැයිස්තුව බොහොම දිගය.

කරුමේ කියන්නේ රාජපක්ෂ පවුලේ වුන් රට වෙනුවෙන් සිදු කළ ඒ අපුල කාර්යභාරයට චරිත සහතික දුන් චීවරයන් රැළක්ද හමුදාකාරයන් රොත්තක්ද පරිපාලනයේ ලොක්කන් හා නඩුකාරයන්  පිරිසක්ද පත්තරකාර කුලී ලියන්නන්ද කඩප්පුලි මැති ඇමතිවරුන් රැසක්ද  මෙරට සිටියහ.

 රාජපක්ෂ පවුලේ වුන් කුණු ගඳ අධෝවාතයක් ඇරියත් මේ  නොසන්ඩාලයන් බුදු අම්මෝ ඒක හරිම සුවඳ බව පැවසුවේ පුක උඩ දමමිනි.

මුළු සමාජයම හිටියේ කරක⁣වා අත හැරිය ගාණටය.සියල්ල සිද්ධ වන්නේ රට  වෙනුවෙන් නිසා කාගෙ කාගේත් පංචේන්ද්‍රියටම ඉබි යතුරු වැටී තිබුණි

 රාජපක්ෂ පවුල දවස පුරා මුදා හැරි රට වෙනුවෙන්  තේමාව අස්සේ සැඟවී මුන් හැම දෙනාම හරි හම්බ කර ගත්හ.

පොදු  සමස්ත සමාජයම කුල්ල කුජීත වී පාරට වැටී රට බංකොලොත් වූ විට රාජපක්ෂලාගේ රට වෙනුවෙන්
තේමා පාඨය අමු තක්කඩි හොර වැඩක් බව කාට කාටත් වැටහෙන්නට විය.එහෙත් ප්‍රමාදය.වැඩේ තේරුම් ගන්නා විට රට ජෝන් බාස්ට ගිහිල්ලා ඉවරය.   

දැන් දැන් රට වෙනුවෙන් හැදූ අයිසින් කේක් කෑල්ල ඉස්සරහ⁣ට දමා මේං කොකා පෙන්වීමට රාජපක්ෂලාට ඉඩක් නැති සමාජයක් නිර්මාණය වී ඇති ⁣බව පෙනී යයි.

ඒ බව අද (17)ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද තහවුරු කර සහතිකයක් දී තිබේ.දුමින්ද සිල්වාට රට වෙනුවෙන් මිල්ටෙරි නන්දසේන දී තිබූ ජනපති සමාව අහෝසි වන්නේ ඒ නිසාය.

ඒ ගැන අප මෙසේද කල්පනා කළ යුතුය.
හදිසියේවත් මේ වන විටත් ආණ්ඩු බලය රාජපක්ෂලා විසින් හසුරවමින් තිබුණේ නම් අද දින ශ්‍රේෂ්ඨාධිකරණය දුමින්ද සිල්වා රට වෙනුවෙන් නිදහස් කරන්නට ඉඩ තිබුණි.

ඒ දවස්වල බොහෝ නඩු තීන්දු දුන්නේ එහෙම රට වෙනුවෙන් සිතා බවත් අපට මතකය.

රට වෙනුවෙන් කියා ජනතාව  ගොනාට  අන්දන්නට තවත් ඉතින් මොන අයියාටවත් බැරි බව අපට සිතේ.

අනේ සාදු

Comments

Popular posts from this blog

ආණ්ඩුවේ සොහොන් ලකුණු- රිය අනතුරින් සනත් නිශාන්ත මිය යයි

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

අනියම් විවාහ මංඟල උත්සවය දැනුම් දීමයි