දුමින්ද සිල්වාට මිල්ටෙරි නන්දසේන දුන් සමාව ශ්‍රේෂ්ඨාධිකරණය අහෝසි කරයි
හිටපු
ජනපති මහින්ද රාජපක්ෂ ගේ මාධ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ
භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ගේ ඝාතනයට වැරදිකරුවී බන්ධනාගාර ගතව සිටි හිටපු
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට හිටපු ජනපති මිල්ටෙරි නන්දසේන
විසින් ජනපති සමාව ප්‍රධානය කරන ලදී.
දුමින්ද සිල්වා හට
හිටපු ජනපති මිල්ටෙරි නන්දසේන ලබා දුන් සමාව බන්ධනාගාරගතව සිටින
වැරදිකරුවෙකු විෂයෙහි ජනපතිවරයා විසින් ව්‍යවස්ථානුකූලව අනුගමනය කළ යුතු
විධානයන්ට යටත්ව සිඳු නොකළ නිසා එම සමාව අවලංගු කරන ලෙසට ඉල්ලා හිරුනිකා
ප්‍රේමචන්ද්‍ර ඇගේ මව සහ නීතිඥ ගසල් හුසේන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට
අභියාචනයක් ඉදිරිපත් කරන ලදී.
මෙම අභියාචනය විභාග
කළ ශ්‍රේෂ්ඨාධිකරණය අද දින (17)හිටපු ජනපතිවරයා විසින් දුමින්ද සිල්වා වෙත
ප්‍රධානය කරන ලද ජනපති සමාව ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණය කර ඇති අතර ඔහුට
ලබා දී සිර දඩුවම තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙසට නියෝග කර තිබේ.
මේ
වන විටත් දුමින්ද සිල්වා බන්ධනාගාර ගත කර සිටී.නමුත් ඔහු රඳවා ඇත්තේ
බන්ධනාගාර රෝහලේ බව පැවසේ. පිටතින් ගෙන එන සුපිරි ආහාර වේල් ලබා ගනිමින් හා
අනෙකුත් සියලු පහසුකම් ලබා ගනිමින් දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහළ තුළ
සිට්න බවද දැන ගැන්මට තිබේ.එහිදී සාමාන්‍ය සිරකරුවෙකු විෂයෙහි අනුගමනය කරන
සිර දඬුවම් ප්‍රතිපත්තිය දුමින්ද සිල්වා හට බලපා නැත.බන්ධනාගාර ඡ්‍යෙෂ්ඨ
නිළධාරීන් පවා ඔහු අමතන්නේ සර් කියමිනි.මෙහිදී දුමින්ද සිල්වාගේ පවුලේ
අයවළුන්ගෙන් බන්ධනාගාර නිළධාරීන්ට විශාල වශයෙන් සන්තෝසම් ලැබෙමින් තිබෙන
බවද අනාවරණය වේ.
අද දින ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ
තීන්දුව සමග දුමින්ද සිල්වා හට මේ වන විට බන්ධනාගරයෙන් හිමිවී ඇති සුපිරි
වරප්‍රසාද අහිමි කළ යුතු බව රටේ බහුතරයකගේ මතය වී තිබේ.
Comments
Post a Comment