ජනපතිවරණය කල් දමා ගැනීමට පාස්කු කල්ලිය තවත් කුමන්ත්‍රණයකද
අප මේ ලියන්නේවි විකාර යැයි කවරකු හෝ හිතන්නට පුළුවන.එහෙත් අප මේ ලියන්නේ අපට ලැබෙන තොරතුරු කපා කොටා විශ්ලේෂණය කර පෙර සමාජ හා දේශපාලනික අත්දැකීම් හා ගලපා ගනිමිනි.ඒ සදහා අප අපගේ මිල්ටෙරි අත්දැකීම්ද උපයෝගී කරගනිමු.
පාස්කු
ප්‍රහාරයට පෙර එය සිදු කිරීමට සැළසුම් කළ මෙලේච්ඡයන් ඒ සඳහා සමාජයේ ඔළුව
සකස් කළ ආකාරය ඔබට තවමත් මතක ඇති බව අපට ස්ථිරය.එහිදී වඳ සැත්කම් වඳ කොත්තු
වඳ බ්‍රෙෂියර් ආදී සාවද්‍ය මනෝ මූලික තක්කඩි ව්‍යාපෘති ගණනාවක් මුදාහරින
ලද්දේ මුසල්මානුවන් හා සිංහල සමාජය අතර විරසකයක් ඇතිවන ආකාරටය.එහි අවසාන
පරිච්ඡේදය වූයේ පාස්කු ප්‍රහාරයයි.එම ප්‍රහාරයෙන් ජාතීන් අතර මහා විරසකයක්
ඇතිවී සිඳුවන්නට තිබූ ලේ වැගිරීම් වලක්වා ගන්නට කාදිනල්වරයා ගේ මැදිහත්වීම
අගය කළ යුතුය.මෙම පාස්කු ප්‍රහාරය සඳහා ඇවන්ගාඩ් සේනාධිපතිගේ මැදිහත් වීමක්
පැවැති බවට සාක්ෂි ලැබී තිබූණි.
කෙසේවෙතත්
ඇවන්ගාඩ් සේනාධිපති හා ජනතා විමුක්ති පෙරමුණ අතර පවතින්නේ නයි මුගටි
වෛරයකි.ඇවන්ගාඩ් සේනාධිපතිගේ තාත්තා පරණ පොලිස් සැරයන් වරයෙකි.පරණ පොලිස්
කාරයන්ට ජනතා විමුක්ති පෙරමුණ නයාට අඳු කොල වාගේය.සේනාධිපතිට ජනතා විමුක්ති
පෙරමුණ සමග ඇරියස් එකක් ඇත්තේ ඒ ජාන නිසා වන්ටත් පුළුවන.
ඒ
කෙසේ වෙතත් ඇවන්ගාඩ් සේනාධිපති වරක් ප්‍රකාශ කරන ලද්දේ ජනතා විමුක්ති
පෙරමුණ විනාශ කිරීමට තම වත්කමේ අන්තිම සතය දක්වා වැය කිරීමට තමන් සූදානම්
බවය.මේ වන විට ජනතා විමුකිති පෙරමුණ මාලිමාව ලෙස රූපාන්තරය වී තිබේ.ඒ වටා
රොද බඳින ජනතාවද අති විශාලය.සෑම තරාතිරකම අයවළුන් මාලිමාව වටා එක් වන බව
පැහැදිලිය.මාලිමාවේ මේ ප්‍රසාරණය ඇවන්ගාඩ් සේනාධිපති වැන්නන්ට දරා ගත
නොහැකි බවද අපට සිතා ගත යුතුය.
මිල්ටෙරි නන්දසේනට
බලය ලබා ගැනීම සඳහා පාස්කු සැළසුම සිදු කළ මෙලේච්ඡයන් සමූහයේ එක්
සාමාජිකයකු වන ඇවන්ගාඩ් සේනාධිපති මාලිමාවේ සමාජගත වීම වැලැක්වීමට ඕනෑම
දෙයක් කරන්නට සැළසුම් කරනු ඇති බව අපට සීයයට සීයයක්ම විශ්වාසය.ඒ සඳහා
බිලියන ගණනක මුදල් ආයෝජනය කිරීමටද හැකි තරමේ වත්කම ඔහුට තිබේ.
පාස්කු ප්‍රහාරය සිද්ධ වූයේ රට තුළය.
එම
ප්‍රහාරය තවමත් නිරවුල් කර ගෙන නැති අපරාධයක් වුවද එහි සත්‍යයය පිළිබඳව
කාට කාටත් පැහැදිලිය.එවැනි සාහසික ප්‍රහාරයකට මෙරට සමාජය නැවත සූදානම් නැති
බවද මේ සමාජය නැවත එවැනි ප්‍රහාරයකට යොදා ගත නොහැකි බවද තවමත් නිදැල්ලේ
පසුවන පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් සිතා ගෙන සිටිය හැකිය.
එය
එසේ වන්නේ නම් සිය දූෂිත ජාවාරම්කාර දේශපාලනික බලය තව දුරටත් තහවුරුව
පවත්වාගෙන යාමට සමාජය කම්පනය කරවන සැළසුමක් නිර්මාණය කර මුදා හැරීම
අත්‍යවශ්‍ය වන්නේය.
එම සැළසුම පාස්කු
ප්රහාරයටත් වඩා අතිශය අමානුෂික මෙලේච්ඡ ප්‍රහාරයක් වන්නටත් ඉඩ තිබේ.අප ඒ
ගැන සිතන්නේ හා ගණන් හදන්නේ එය ඔළුවේ තියාගෙනය.අප මේ අනාවරණය කරන අදහස
ඇතමකුට මනෝ විකාරයක් වන්ටත් පුළුවන.
මාලිමාව මෙරට
දේශපාලන බලය ගැනීම වැලැක්වීමට එයට එරෙහිව සිටින සියළු දේශපාලනික දූෂිතයන්
එක කඳවුරකට ගාල් විය හැකි බවට පෙර නිමිති දැනටමත් පහල වෙමින් තිබේ.මෙහිදී
ජනපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් තම ව්‍යාපාරික අරමුණු ගොඩ දාගැනීමට
කුරුමානම් අල්ලන පුද්ගලයන් හැරුණ විට දේශපාලනිකව බලය ආරක්ෂා කර ගත යුතුය යන
අදහසේ සිටින ජාවාරම්කාර පැලැන්තිය ඒ සඳහා පෙල ගැසෙමින් සිටින බව
පැහැදිලිව දකින්නට තිබේ.ඇවන්ගාඩ් සේනාධිපති ඉන්නේ එම දේශපාලනික ජාවාරම්කාර
පැලැන්තියේ මිල්ටෙරි මෙහෙයුම් අංශයේ පළමු පෙල නායකයකු ලෙසය.
අප
මීට ඉහතදී ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න ,යුද හමුදාපති විකුම්
ලියනගේ හා ඇවන්ගාඩ් සේනාධිපති නයිජීරියාවේ සංචාරයක නිරත වූ බව අනාවරණය
කෙරුවෙමු.
මෙම සංචාරය අතිශය රහස් සංචාරයක් ලෙස සිදු කළ එකක් බව
අප නිගමනය කෙරුවේ මෙම සංචාරය ගැන ආරක්ෂක අමාත්‍යංශ හා යුද හමුදා වෙබි සයිට
වල සඳහන් නොවූ නිසාය.අනෙක් ප්‍රශ්ණ සහගත කාරණය වූයේ ඇවන්ගාඩ් සේනාධිපතිට
මෙරට රාජ්‍ය තාන්ත්‍රික නියෝජනයක් හිමි කර දුන්නේ කවුරුන්ද යන්නය.ඔහු
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ චුදිතයකු ලෙස සැක කරමින් සිටින වටපිටාවක
නයිජීරියාව වැනි අන්ත දූෂිත හා ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයක් ක්‍රියාත්මක
වන රටකට රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස කැඳවා ගෙන යන ලද්දේ කුමන අපේක්ෂාවකට යන්න
ගැනද පැහැදිලි නැත.
අප ප්‍රශ්ණ කරන්නේ මේ
පසුබිමයි.එහිදී තවදුරටත් හූති ත්‍රස්ත සංවිධානය මගින් රතු මුහුදේ සිදුවන
ප්රහාරයන් වලක්වා ගැනීමට අපගේ නාවුක හමුදාවට අයත් ප්‍රහාරක නෞකා දෙකක්
යෙදවීමට අපේක්ෂා කරන ජනපති රනිල් වික්‍රමසිංහ ගේ සැළසුමත් ඇවන්ගාඩ්
සේනාධිපතිගේ සැළසුමත් අතර අන්තර් සම්බන්ධතාවක් පවතින බවට අපට සැකයක් හා
අවිශ්වාසයක් මතු වී තිබේ.
මේ වන විට කඩා
වැටෙමින් පවතින මෙරට ජරාජීර්ණ දූෂිත දේශපාලන බලය ඉදිරියටත් ආරක්ෂා කර
ගැනීම සඳහා මෙම දූෂිත ජාවාරම්කාර තක්කඩියන් ජාත්‍යන්තර ගේමක් මෙරට මුදා
හැරීමට සූදානම් වේදැයි අපට සිතෙන්නේ ඒ නිසාය.හූති ගරිල්ලන්ට මුහුණ දීමට
අපගේ නාවුක හමුදාවට අයත් ප්‍රහාරක නෞකා යැවීමට ජනපතිවරයා ගත් තීරණය
කිසිසේත්ම ඔහුගේ තනි තීරණයක් නොවන බව අපට සහතිකය.එය ආරක්ෂක අමාත්‍යංශ ලේකම්
කමල්ගූණරත්න ඇතුළු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් ඇතුළු ආරක්ෂක මණ්ඩලයේ
සාකච්ඡාවක සිදු කළ යෝජනාවක් විය හැකිය.ආරක්ෂක මණඩල රැස්වීමේදී ජනපතිවරයා
මුරුංගා අත්තේ තබා ඒ සඳහා ඔහු පොළඹවා ගැනීමට ආරක්ෂක අමාත්‍යංශ ලේකම්
ප්රමුඛ මගෝඩියන් කටයුතු කළ බවට කිසිම සැකයක් නැත.
මෙරට
ජනපතිවරණය කල් දමා ගත හැක්කේ මෙරට සිදුවන ස්වභාවික පීඩනයක් සමාජය තුළ
නිර්මාණය වුව හොත් පමණි.එය සුනාමියක් ,මහා පරිසර විනාශයක් හෝ රට තුළ
කැරැල්ලක් ඇති වීමද හේතුවක් විය හැකිය.
හූති
ගරිල්ලන් ඉදිරියට දමා බොකෝරාම් ත්රස්තයන් ලවා මෙරට සමාජය තුළ මහා ලේ
වැගිරීමක් ඇති කර ජනපතිවරණය කල් දමා ගැනීම සඳහා වූ සැලසුමක් දියත් කිරීමට
ඇවන්ගාඩ් සේනාධිපති ප්රමුඛ මිල්ටෙරි ජාවාරම්කාරයන් අර අඳිමින් සිටින බවට
සැකයක් අපට මතු වන්නේ මේ පසුබිම තුළය.පාස්කු ප්‍රහාරය සිද්ධ වූයේද එලෙසය.
කෙසේ
වෙතත් මේ අවුලේ බිල අවසානයේදී ලියවෙනු ඇත්තේ ජනපති රනිල් වික්‍රමසිංහට
එරෙහිවය.තවමත් පාර්ලිමේන්තු දේශපාලන බලය ඇත්තේ පොදුජන පෙරමුණේ
රාජපක්ෂලාටය.එවැනි අර්බුදයක් සමාජය තුළ මුදා හැරීමෙන් පසුව රනිල්
වික්‍රමසිංහ කණෙන් අල්ලා ඉවත් කර තමන්ගේ රැහේ එකෙකු ජනපතිවරයා ලෙස පත්
කිරීමට රාජපක්ෂලාට එතරම් අපහසුවක්ද නොවන්නේය.එහි අවසන් ප්රතිඵළය මාලිමාවට
පවතින ජන ප්‍රසාදය අහිමි කිරීමද විය හැකිය
(අනුන්ගේ
ජංගි තමන්ගේ විදියට අඳින යූ ටියුබ කාරයන්ට අප මතක් කරන්නේ මෙහි ඇති අපගේ
අදහස සොරා ගෙන බක පණ්ඩිත විචාර කිරීමට පෙර තමන්ගේ ආත්මය හා හෘද සාක්ෂිය
නිවැරිදි කර ගන්නා ලෙසය)
Comments
Post a Comment