අපි ඔක්කොම කුඩ්ඩෝ මල්ලී


 

බර්ට්‍රෝල් බ්‍රෙෂ්ට් මිතුරන් ඇසුර ගැන අපූරු කතාවක් පවසා තිබේ.


ඔබ ඇසුරු කරන ඔබගේ මිත්‍රයන්ගෙන් ඔබ කවරෙක්ද යන්න හඳුනා ගත හැකිය යන්නය ඒ.

මතුගම ෂාන් යනු නොම්මර එකේ හෙරොයින් ජාවාරම් කාරයෙකි.ඔහුට ඒ පිළිබඳව කැරැක්⁣ටර් සහතිකය දී ඇත්තේ අප නොවේ.ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවයි.⁣ලංකාවේ උසාවියෙන් මතුගම ෂාන් රතු වරෙන්තු කරුවකු ලෙස ලේඛන ගත කර ඇති බවද පැවසේ.






ෂාන් සමග අපට පෞද්ගලික ආරෝවක් නැත.එහෙත් නීතිය හා සාමය පිළිබඳ ඇමති අලස් හා වැබ පොලිස්පති දේශබන්දු හෙරොයින් ජාවාරම් කාරයන් මර්දනය ගැන තැන තැන පවසන ඇඟේ හිරි ගඩු මතුවෙන වීර කයිවාරු  කතන්දර අපට ඇහෙද්දී මතුගම ෂාන් ගැන අපට නොලියා සිටින්නට පුළුවන.අලස් හා දේශබන්දු ඩබල පවසන විදියට හොරොයින් ජාවාරම්කාරයන් ගේ ආරක්ෂාවට පෙනී හිටින්නේ  නීතිඥයන්ය. හෙරොයින් ජාවාරම් කාරයන් සමග සම්බන්ධතා පවත්වන එම නීතිඥයන් රොත්ත ගැන හෙට අනිද්දා දවසක එළිදරව් කරන බවටද ටිරාන් අලස් ඇමතිවරයා ප්‍රසිද්ධියේ පැවසුවේය.

මෙරට වාහීනී වල ප්‍රවෘත්තිවල සඳහන් වන ආකාරයට දැන් ටිරාන් හා දේශබන්දු සූදානම් වී ඉන්නේ මෙරට හෙරොයින් ජාවරම්කාරයින් පමණක් නොවේ උන් ඇසුරු කරන ගජමිතුරන්ද දඬු කඳේ ගසන්නට ඔන්න මෙන්න වගේය.මේ ඩබලගෙන් පාතාලයන් හා උන්ගේ මිත්‍රයන්ට නෝ චාන්ස්ය.ජනතාවද ඇස් කන් ඇරගෙන බලාගෙන හිටින්නේ ටිරාන් හා දේශබන්දු ඩබලගේ මේ කෙරුවාව හා කයිවාරුව ගැනය.

මතුගම ෂාන් දැන් පදිංචිය ඩුබායි රාජ්‍යයේය.ඒත් දේශබන්දු
ලොක්කා වැඩ බලන පොලිස්පති ලෙස පත්වීම බාර ගත්ත දවසේම ඒ පත්වීම ගැන ෂාන් සුබ පැතුම් බැනරයක් මතුගම එල්ලා තිබුණේ තියෙන යාළු කම නිසා බොක්කෙන් සතුටු වෙන හන්දා වෙන ඕනෑ නිසාය. 

⁣⁣ටිරාන් හා දේශබන්දු ගේ යුක්තිය මෙහෙයුම නිසා දැන් මෙරට හෙරොයින් නැත්තට නැති සයිස් එකේ තියෙන්නට ඕනෑය.එහෙත් හෙරොයින් ජාලය⁣ට සම්බන්ධ මෙරට කිසිම නගරයක හොරොයින් නැති නිසා සික් එක වැදී හොටු කඳුළු පෙරාගෙන නලියන එක කුඩ්ඩෙක්වත් දකින්නට ඇත්තේ නැත.සිද්ධ වී ඇත්තේ හෙරොයින් පැකට් එකක මිල වැඩි වීම විතරය.බඩු හිඟයක් නැතුව ඕනෑ තරම් තිබෙි.ටිරාන් හා දේශබන්දු ඩබලට ඕනෑ වී ඇත්තේ හොරොයින් මිල ඉහල දමා තමන්ගේ ගජ මිතුරු හොරොයින් ජාවාරම්කාර පාතාලයන්ගේ බිස්නස් එක ගොඩදැමීම යැයි කට කැඩිච්ච කතා කියන වුන්ද සිටී. 

ඒ පාහර කතාව ඇත්තක්ද බොරුවක්ද යන්න අපට වැදගම්මක් නැත.එහෙත් මේ පොටෝ කෑලි දකින විට මහා පරිමාන හොරොයින් ජාවාරම් කාරයන් එහෙමත් නැතිනම් ජාත්‍යන්තර රතු වරෙන්තු කරුවන්ගේ අඹ යාළුවන් කවුදැයි කාට කාටත් හිතා ගන්නට පුළුවන.

මතුගම ෂාන් තමන්ගේ යාළු මිත්තරයන් සමග කැකිරි හිනා දමාගෙන කරට අත දමාගෙන සිටින මේ පොටෝ කෑලි දැක්කාම ඔවුන් අතර තියෙන සහෝදර ප්‍රේමය ගැන තව අටුවා ටිකා ලියන්න අවශ්‍ය නැත.  

දැන් මේ පොටෝ කෑලි දැක්කාම කවුරු කවුරුත් මතුගම ෂාන් අපේ ඡන්ද දායකයෙක් බව කියා තමන්ගේ පාරිශුද්ධ භාවය ඔප්පු කරන්න උත්සාහ කරන බව නිසැකය.ඒත් මේ පොටෝ කෑලි වල මතුගම ෂාන් හා අනෙක් අයගේ ශරීර භාෂාව ගැන  විමසිලිමත්ව බැලුවොත් ඒ යාළු කම කොහොම එකක්දැයි හිතා ගන්නට පුළුවන.

ටිරාන් හා දේශබන්දු  ඩබලට නීතිඥ මහත්වරුන් ගැන තියෙන රුදාව මේ පින්වත් උපාසක මහත්තරු ගැන නැත්තේ මක් නිසාදැයි අප ප්‍රශ්ණ කරමු

(ප්‍රවෘත්ති මූලාශ්‍රයහා ඡායාරූප/ ලංකාසර ස්තූතියි )

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්