යුක්තියේ පාදඩ මෙහෙයුම හිට්ලර් පන්නයේ ඝාතන රැසක ඇරඹුම විය හැකිය
නාරම්මල තරුණයකු පොලීසිය ඝාතනය කර පැය ගාණකට යන්නට පෙර තෙලිජ්ජවිලදී තවත් අහිංසක තරුණයකු ඝාතනය විය.ඒ ජංගම දුරකථන අලෙවිසකදීය.ඝාතනය වූ තරුණයා එම වෙළඳ සැල හිමියාාගේ මිතුරෙකු බව පැවසේ.වෙළඳ සැල හිමිකරු ඒ අවස්ථාවේ එහි නොසිටි අතර මේ තරුණයා වාඩි වී සිටියේ ව්‍යාපරිකයා ගේ අසුනේය.පැමිණි අපරාධ ඝාතකයන්ට වැරදුනේ එතැනය.
ඔවුන් විසින් තරුණයාට වෙඩි තබා ඝාතනය කෙරිණි.මේ තරුණයා ඉදිරි දින දෙක තුන තුළදී කොරියාවේ රැකියාවකට යාම සඳහා සූදානම්ව සිටි අයෙකි. ඒත්
මෙතැන ඇති බරපතල කම ඒවා නොවේ.මේ තරුණයාට වෙඩි තබා මරා දමා ඇත්තේද
පොලීසියයි.තවමත් මේ ඝාතනය පිළිබඳව විමර්ශන අවසන් වී නැතත් ඇත්ත එයයි.
ඒ
සමගම අද දින අපට වාර්තා වූයේ කැළණිය සේදවත්ත ප්‍රදේශයේ වැටලීමකට ගිය
පොලිස් කණ්ඩායමක් තරුණයකු අල්ලා ගැනීමට යාමේදී එම තරුණයා කැළණි ගඟට පැන
පීනා යාමට උත්සාහ කිරීමේදී දියේ ගිලී මිය ගොස් ඇති බවය.
මේ
තරුණයන් දෙදෙනාම මිය ගොස් ඇත්තේ නිරපරාදේය.නාරම්මලදී පොලීසියෙන් වෙඩි
තැබීමෙන් මිය ගිය තරුණයාගේ පවුලට වැබ පොලිස්පති දේශබන්දු මිලියනයක්
පරිත්‍යාග කරන ලදී.ඒ දේශබන්දුගේ පොකට්ටුවේ ඇති මුදල් නොවේ.පොලිස්
ප්‍රතිපාදන වේ.එය එසේ වන්නේනම් පොලීසියේ තක්සේරුවට අනුව මෙරට ජීවිතයක
වටිනාකම ලක්ෂ දහයකි.දැන් තවත් තරුණයක් දෙදෙනෙක් පොලීසිය ඝාතනය කර ඇති ඇති
නිසා පොලිස් ප්‍රතිපාදන වලින් ලක්ෂ විස්සක් වැය කරන්නට සිදුවේ.
අලස්
හා දේශබන්දු ගේ යුක්තිය මෙහෙයුමේ අරමුණ මෙරටට සමාජය බියවැද්දීමය.මෙහෙයුම
පවතින මේ කාල වකවානුවේ අවස්ථා කිහිපයකදී අලස් ඇමතිවරයා විවෘත සමාජය තුළ
ප්‍රකාශ කෙරුවේ අපරාධ කරුවන් ඝාතනය කරන්නට වරක් දෙවරක් නොසිතන බවය.යමකු
අපරාධ කරුවකු බවට තීරණය කළ යුත්තේ අධිකරණයයි.එහෙත් මේ වන විට අමාත්‍යවරයා
අධිකරණ බලතල පවා තමන් යටතට ගෙන ඇති බව පෙනී යයි.අමාත්‍යවරයා ගේ ඝාතන තියරිය
දූෂිත පොලිස් නිළධාරීන්ට ජාවාරමක් වෙමින් පවතින බව මේ වන විට පැහැදිලි
වෙමින් පවතී.ඔවුන් ජනතාව හිංසනයට ලක් කරමින් සිටින්නේ හිට්ලර්ගේ එස්එස්
හමුදාව ආකාරයෙනි.ඇමතිවරයා ඒ සඳහා උඩ ගෙඩි දෙන්නේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පවා තමන් පයිසෙකට ගණන් නොගන්නා බව පවසමිනි.
සැබෑවටම
මේ යුක්තියේ මෙහෙයුම තුළ යටි බිම් ගතව ඇත්තේ පොදු ජන පෙරමුණු හා රනිල්
වික්‍රමසිංහගේ සාහසික හා මෙලේච්ඡ දේශපාලනය බව පැහැදිලිය.ගාලු මුවදොර
අරගලයෙන් පසු පොදු ජන පෙරමුණේ මැති ඇමතිවරුන්ට බියක් සැකක් නැතුව ගමට යන්නට
නොහැකි විය. ඉදිරි දේශපාලනය අපහැදිලි වී තිබුණි.සමාජය පොදුජන පෙරමුණේ මැති
ඇමතිවරු පයිසෙකට ගණන් ගන්නේ නැති වට පිටාවක් සමාජයේ නිර්මාණය විය.
යුක්තියේ
මෙහෙයුම නම් පිස්සු තිරිසනා එළියට දමන්නේ ඒ නිසාය.මෙි තිරිසනා ගේ
පීතෘවරුන් ලෙස ටිරාන් හා දේශබන්දු ඩබල නොවන බව සීයට සීයක්ම ස්ථිරය.පොදුජන
පෙරමූණේ හා රනිල් පාර්ශවයේ පාදඩයන් බොහෝ දෙනෙකු මේ පිටුපස සිටී.කෙටියෙන්ම
සඳහන් කරනවා නම් මේ අසූ අට අසූ නවය භීෂණයේ නව එපිසෝඩ් එකය.
පසුගියදා
කොළඹ රැජින වීදියේ සුඛෝපභෝගී නිවසක ආණ්ඩුවේ ඉහල ඇවරියට සම්බන්ධ පිරිසක්
අතර පැවැති සාකච්ඡාවකදී වජිර අබේවර්ධන ප්‍රකාශ කර ඇත්තේ හොඳින් හෝ නරකින්
ආණ්ඩුව ආරක්ෂා කර ගත යුතු බවය.
ආරක්ෂක
අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න යුදහමුදාපති විකුම් ලියනගේ හා ඇවන්ගාඩ්
සේනාධිපති නයිජීරියාවේ රහසිගත සංචාරයක නිරත වූයේ පසුගියදාය.ඇවන් ගාඩ්
සේනාධිපති වජිර අබේවර්ධනගේ සමීපතම ගජයෙකි.
මොවුන්
අතර පවතින ගජ මිතුරු සම්බන්ධතා හා මොවුන් ගේ පෙර වැරදි ගැන හිතන විට රට
තුළ මහා භීෂණයක් නිර්මාණය වීමට ඇති ඉඩ කඩ බොහෝය.එහිදී මෙරට වර්තමාන
ජනපතිවරයා බටලන්ද වදකාගාරයක් පවත්වාගෙන ගිය වදකයෙක් බව අමතක කරන්නට හොඳ
නැත.
ගාළු මුවදොර අරගලය ඉතා සැලසුම් සහගතව සිදු
කළ නින්දිත ප්රහාරයකි.මෙම ප්‍රහාරයට ප්‍රධාන හේතුව වූයේ අරගලකරුවන් අරලිය
ගහ මන්දිරය ඉදිරිපස වාඩි ලා ගැනීමයි. එය මෙරට මෙතෙක් පතුරවාගෙන සිටි බල
ආධිපත්‍යයට කෙරෙන අභියෝගයක් විය.ගාලු මුවදොර ප්‍රහාරය සැළසුම් කෙරුණේ ඉන්
අනතුරුවය.එම ප්‍රහාරයේ මූලිකයා වූයේ යෝෂිත රාජපක්ෂය.ඔහු එම ප්‍රහාරය සිදු
කරන දින ඕස්ට්‍රේලියාවට පලා ගියේ හයක් හතරක් නොදන්නා අයෙකු ලෙසිනි.මෙම
ප්‍රහාරයේ සැළසුම් කරුවන් අතර ප්‍රසන්න රණතුංග,පියල් නිශාන්ත,ගාමිණි ලොකුගේ
ප්‍රසන්න රණවීර හා දේශබන්දු තෙන්නකෝන් ඇතුළු ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන්
පිරිසක් සිටියහ.
එම ප්‍රහාරයේ බරපතළම මෙහෙයවීම
වූයේ ප්‍රහාරයෙන් පසුව ගම් බලා යන බස් වලට පහර දීමට හා පොදු ජන පෙරමුණේ
මැති ඇමතිවරුන්ගේ නිවෙස්වලට පහර දීමට සැළසුම් කරුවන් විසින්ම මැර කණ්ඩායම්
යෙදවීමය.එම මැර කණ්ඩායම් හමුදා බුද්ධි අංශ සාමාජිකයන් බවට සැකයක් පවතී.
අධිවේගී
ප්‍රවේශය අසලදී මතුගම වෙල්ගමට පහර දුන්නේ අරලිය ගහ මන්දිරයෙන් යොදවා
තිබුණු එවැනි මැර කණ්ඩායමකි.මේ ප්‍රහාරය සිඳු වූ දින අරලිය ගහ මන්දිරයට
කැඳවූ පොදුජන පෙරමුණු සාමාජිකයන් කොළඹට පැමිණි බස් රථ හා අනෙකුත් වාහන වල
අංක මේ මැරයන් හට එදින දහවල වන විට ලබා දී තිබුණි.එම බස් රථවල අංක හා
රියදුරන්ගේ නම් පවා අන්තර්ජාලයට එක් කෙරිණි. බස් රථ වල අංක අන්තර්ජාලයට
එක් කිරීම තුළ මෙම කාර්යය සිදු කරන ලද්දේ අරලිය ගහ මන්දිරයෙන්ම බව
නිශ්චිතවම තහවුරු වේ.එසේ නැතුව එම බස් රථ අංක පිටස්තරයන් සතුව නැත.එසේ
ඇත්නම් ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවාව සතුවය.
එපමනක්ද
නොවේ ඇතැම් පොලිස් බල ප්‍රදේශවල පොලිස් ඡ්‍යෙෂ්ඨයන්ට පවා අරලියගහ
මන්දිරයෙන් උපදෙස් දී තිබුණේ අරලිය ගහ මන්දිරයේ රැස්වීමෙන් හා ගාලු මුවදොර
ප්‍රහාරය සිදු කර ගම් බිම් කරා එන පොදු ජන පෙරමුණේ පාක්ෂිකයන්ට ආරක්ෂාව
සැපයීම නොකරන ලෙසට හා යම් සිද්ධීන් වාර්තා වුව හොත් ප්‍රමාද වී එම ස්ථාන
වලට යන ලෙසටය.
කෙසේවෙතත් සැළසුම් කරුවන්ගේ එම
සාහසික සැළසුම අසාර්ථක වූයේ පොදු ජනතාව එම ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර දීම
නිසාය.එහෙත් අරලිය ගහ මන්දිරයෙන් ඇතැම් ස්ථාන වලට යොදවා තිබූ මැර කණ්ඩායම්
තමන්ට දී තිබූ සැලසුම ක්‍රියාත්මක කරන ලද්දේ පොදු ජනතාවද හවුල් කර
ගනිමිනි.
ගාලු මුවදොර ප්‍රහාරය සිදු කිරීමට
සැළසුම අසාර්ථක වූයේ රාජපක්ෂ බල ආධිපත්‍යය බංකර්ගත කරමිනි.මේ සිද්ධිය
උද්දච්ච රාජක්ෂලාට කණේ පාරක් ගැසීම වැනි දෙයක් විය.මේ අනාවරණය කරන්නේ
කතන්දර ටෙලි වෘත්තාන්ත කතන්දර නොවේ.
රාජපක්ෂ පවුලේ දරු
මුණුබුරන්ටත් සහගහන හා හෙණ පාත්වෙන ඇත්තම තොරතුරුය.තාජුඩීන් ඝාතනය කර එම
අපරාධය වසන් කර වෙනත් චිත්‍රයක් සමාජගත කිරීමට දක්ෂයන් වූ රාජපක්ෂ
සාහසිකයන්ට ගාලු මුවදොර ප්‍රහාරයේ සැලසුම අවසානයේ එතරම් බරපතල සිදුවීමක්
නොවනු ඇතැයි සිතා ගෙන සිටින්නට ඇත.එහෙත් කරුමයට මෝල් ගසත් පත්තු වෙනවා
කියන්නේ ඒකටය.
ගාලු මුවදොර
ප්‍රහාරයෙන් පසුව නන්න පෝල් වී ගිය පොදු ජන පෙරමුණේ දේශපාලනය රාජපක්ෂලාට හා
ඔවුන්ගේ අනුගාමික පාර්ශවයන්ට නැවත ගොඩ දමා ගත යුතු විය.ඒ සදහා හොඳම දූෂිත
පොලිස් නිළධාරියා වූයේ දේශබන්දුය.මේ තක්කඩි දූෂිතයා දෙමුහුන් දේශපාලන
චරිතයක් වීමද ඒ තෝරා ගැනීමට හේතු සාධකයක් සැපයීය.පොලීසියට එක්වීමට පෙර එජාප
මූලස්ථානයේ සේවය කෙරුවේය. පොලිස් නිළධාරියකු වූ මොහු පොදු ජන පෙරමුනේ
ප්‍රබලයකු වූ දුමින්ද සිල්වා ගේ ඉතා සමීපතමයකු විය.භාරත ලක්ෂ්මන් ඝාතනය
සිදු වූයේද දේශබන්දු ගේ අනු දැනුම යටතේය.
රාජපක්ෂලා
මෙරට ජනපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත් කර ගත්තේ දීර්ඝකාලීන දේශපාලන
සැළසුමකට මිස වෙන කාරණයක් නිසා නොවේ. දේශපාලනික උද්දච්චයකු වූ රනිල්
වික්‍රමසිංහ ගේ දුර්වලතා හොදින් දැන සිටියේ මහින්ද රාජපක්ෂය.එජාපයට නැවත
ගොඩ ඒමක් නැති බවද ඔවුන් දැන සිටියහ.මහින්දගේ ඒ ගණන් හැදීම හරියට
හරිය.ජනපතිවරයා දැන් ජනපතිකමේ ආතල් ගනිමින් සිටී.මේ මී හරකා දන්නා රට
පාලනයක් නැත.එබැවින් රාජපක්ෂලා තිරයෙන් පිටුපස සිට ආණ්ඩුව හසුරවමින් සිටී.
එහිදීී පොදුජන පෙරමුණේ මූලික අවශ්‍යතාව වී තිබුණේ ස්වකීය දේශපාලන භූමිය
තුළ පවතින අනාරක්ෂිත බව තුරන් කර ගැනීමය. යුක්තියේ මෙහෙයුම නිර්මාණය කෙරෙන්නේ ඒ අවශ්‍යතාව සපුරා ගැනීම පිණිසය.
ටිරාන්
අලස් නම් අමු මී හරකා හා දේශබන්දු නම් තක්කඩියා ඒ සඳහා පිටිය සකස් කරමින්
සිටී.යුක්තියේ මෙහෙයුම නම් ඇස් බැන්දුම එළියට දමන්නේ ඒ සදහාය.මේ සාහසිකයන්
රැළ සිතන්නේ සමාජය බිය වද්දා සිය දේශපාලනික බලය තව දුරටත් පවත්වාගෙන
යාමය.යුක්තියේ මෙහෙයුමේ පළමු කොටස මත්ද්‍රව්‍ය හා පාතාල ක්රියාකාරිකයන්
අත් අඩංගුවට ගැනීමය.මෙහි ඊළඟ කොටස මීට වඩා ත්‍රාසජනක විය හැකිය.එම
ත්‍රාසජනක කොටසේදී ඉදිරි ජනපතිවරණය අංජ බජල් කිරීමේ අදහසක් පවා තිබෙන්නට
පුළුවන.
කෙසේවෙතත් මෙි සැළසුම ඉදිරියටත් පවත්වා
ගෙන යාම සඳහා දේශබන්දුට ඉදිරි මාස තුන සඳහාද රීලෝඩ් එකක් ජනපතිවරයා විසින්
දමනු ඇති බව සහතිකය. ඉදිරි මාස කිහිපය තුළ මෙරට ජනතාවට ඉතා අවදානම් තර්ජනාත්මක රාශියකට මුහුණ පෑමට සිදු වන බව නිසැකය. ටිරාන්
හා දේශබන්දු ජෝඩුව ගෙනියන පාදඩ මෙහෙයුම සමාජය බිය වද්දා ගැනීමේ
අපේක්ෂාවෙන් තව තව අපරාධ සිඳු කරන්නට පෙළඹෙනු ඇතැයි සිතිය හැකිය.
Comments
Post a Comment