අපේ ජනබල පක්ෂයේ නායකයා ඝාතනයට ආණ්ඩුවේ රහස් හස්තයක් තිබුනාද යන්න ගැන සැකයක් මතුවෙි

 


අද උදෑසන බෙලිඅත්ත අධිවේගය ප්‍රවේශය ආසන්නයේ පිහිටි හෝටලයක් තුළ ආහාර ගනිමින් සිටි පස් දෙනෙකුට නාඳුනන සන්නද්ධ කණ්ඩායමක් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් ඔවුන් සියළුම දෙනා එම ස්ථානයේම මිය ගියේය.එම වෙඩි ප්‍රහාරයෙන් සිදුවූ මහා මිනිස් ඝාතනය පිළිබඳව ජන මාධ්‍ය වාර්තා කිරීමත් සමගම රටම තිගැස්සී ගියේය.එහිදී සෑම අයෙකුගේම ප්‍රශ්ණය වූයේ ටිරාන් දේශබන්දු ජෝඩුවගේ යුක්තියේ මෙහෙයුම රට පුරා දියත් කර තිබෙන විට මෙලෙස සන්නද්ධ ප්‍රහාරයක් සිදු කළ හැකිද යන්නය.


ඔව් එය එසේ වී තිබේ.එම සාහසික ප්‍රහාරයේදී ආයුද සන්නද්ධ දෙදෙනෙකු පුද්ගල ඝාතනය සඳහා වෙඩි උණ්ඩ තිස් හයක් මුදාා හැර ඇති බව වාර්තා වේ. මෙහිදී මිය ගිය පිරිස අතර අපේ ජන බල පක්ෂයේ නායක වැලිසරගේ සමන් පෙරේරාද සිටී.ඔහු රෝයල් බීච් නමින්ද හැඳින්වේ.සමන් පෙරේරා අද දින තංගල්ල අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සි⁣ටීම සඳහා යමින් සිටියදී එම ප්‍රහාරයට ලක් වී ඇති බව පැවසේ.

සමන් පෙරේරාට එරෙහිව අද තිබූ නඩුව මනුෂ්‍ය ඝාතන නඩුවකි.ඒ විශේෂ කාර්ය බලකා⁣යේ සේවය කර පසුව පාතාලයට එක්වූ කුඩාවැල්ලේ අසේල සම්පත් නම් පාතාල ක්‍රියාකාරිකයකු  මරා දැමීම සම්බන්ධ නඩුවකි.

මෙසේ මරා දැමුණු අසේල සම්පත් හා මෝල් අසංක යන දෙදෙනා පාකිස්ථානු මත් ද්‍රව්‍ය ජාවාරම්කාරයෙකු ගෙන් ලබා ගත් හොරොයින්⁣ තොගයකට මුදල් නොගෙවීම පිළිබඳව ප්‍රශ්ණයක් මතු වී තිබේ.එම පාකිස්ථානුවා මුදල් කොන්ත්‍රාතුවක් දී අසේල සම්පත් මරා දැමීම කටයුතු කරන ලද අතර එම ඝාතන සැකකරුවකු හුරතලා නැමැත්තා සමන් පෙරේරා ගේ නිවසේ සැගවී සිටියදී පොලීසිය මගින් අත් අඩංගුවට ගත් අතර එම සැකකරුට රැකවරණය දීමේ වරදට සමන් පෙරේරාට එරෙහිවද නඩු පැවරිණි.මේ හුරතලා නැමැත්තාද අද දින ඝාතනය කෙරිණි.

මීට මාස ගණනකට උඩදී  අපරාධ කොට්ඨාශය මගින් අසේල සම්පත්ගේ සහෝදරය ටී පනස් හයක් සමග අත් අඩංගුවට ගැණිනි.මෝල් අසංක යනු එක්තරා කාලයක කඩුවෙල ප්‍රදේශය තුල ප්‍රචලිතව සිටි පාතාල ක්‍රියාකාරිකයකු වූ කරාටෙි ධම්මික⁣ අසල සිටි හොඳම වෙඩික්කරුවෙකි.

සමන් පෙරේරා ඝාතනය කරන ලද්දේ අසේල සම්පත් මරා දැමූ සිදුවීමට පලි ගැනීමක් බවට තොරතුරු ලැබෙමින් තිබුනද මෙම ඝාතනයට අදාලව වෙනත් වෙනත් කාරණාද ප්‍රචාරය වෙමින් තිබේ.

එහිදී කොස්ගොඩ සුජීවගේ නම ඉදිරියෙන් කියවේ.කොස්ගොඩ සුජී හා සමන් පෙරේරා යන දෙදෙනාම කොස්⁣ගොඩ ඉපදුන අයවළුන්ය.බීච් බෝයි කෙනෙකු වූ සමන් පෙරේරාට විදේශිකයකු ඉඳුරුව ප්‍රදේශයේ විශාල සංචාරක හෝටලයක් තනවා දුන්නේ දෙදෙනා අතර ඇතිවූ මිත්‍ර සම්බන්ධතාව නිසාය.එහෙත් පසු කාලයකදී එම විදේශිකයා සමන් පෙරේරා සමග පැවැති සම්බන්ධතාව නවත්වා විදේශ ගත වූයේය.මේ විදේශිකයාට සමන් පෙරේරා පාතාල ක්‍රියාකාරිකයන්  සමග.ඇසුරු කිරීම රුස්සන්නක් නොවීය.ඔහු නිතරම ⁣සමන් පෙරේරාට උපදෙස් දුන්නේ එම  සම්බන්ධතා නවත්වන ලෙසය.සමන් පෙරේරා එහිදී කුමන්ත්‍රණකාරීව විදේශිකයා මෙරටින් පිටත් කිරීම සදහා සැලසුමක් සකස් කර ඇත.ඒ තමන්ට එරෙහි පාතාල ක්‍රියාකාරිකයන් බව අඟවා තමන්ගේම මිත්‍රයන් කණ්ඩායමක් ලවා විදේශිකයාගේ ගමන් බිමන් ගිය වාහනයට වෙඩි තැබීමය.
 
විදේශිකයා එම ප්‍රහාරයෙන් සුළු තුවාල ලැබූ අතර ඉන් අතිශයින් බියටද පත්ව රටින්ද  පිට වී ගියේය.කොස්ගොඩ සුජී ඒ වන විට නියෝජනය කෙරුවේ කොස්ගොඩ නඳුන් ගේ පාතාල කණ්ඩායමයි.එම කණ්ඩායම නියෝජනය කළ ආමි මල්ලී ඉන් කැඩී ගොස් නැවතී සිටියේ සමන් පෙරේරා ළඟය.මේ නිසා ⁣නඳුන් ගේ කණ්ඩායම සමන්ගේ මස්සිනා වූ රන්දොඹේ චීනා ඝාතනය කරන්නේය.ඒ ඝාතනයට කොස්ගොඩ සුජී සම්බන්ධය.පසු කාලයකදී නඳුන් විදේශතගත වූ අතර කොස්ගොඩ සුජී හා කොස්ගොඩ රණා එහි පාතාල ක්‍රියාකාරිකයන් ලෙස පෙරට පැමිණියේය.මොවුන්ට එරෙහිව සමන් පෙරේරා පියරත්න නොහොත් මෝල් පියා තමන් සමීපයට ගත්තේය.පියරත්න නොහොත් මෝල් පියා කොළඹ කේන්ද්‍රීය කරගනිමින් මිනිස් ඝාතන තිහකට අධික සංඛ්‍යාවක් සිඳු කළ මෙලේච්ඡ දාම ඝාතකයෙකි.මොහු බලපිටිය අධිකරණයේ තිබූ නඩුවක් සදහා පැමිනි අවස්ථාවේදී කොස්ගොඩ සුජී විසින් එල්ටී⁣ටීයට සම්බන්ධව නිදහස්ව සිටි කෙනඩි නම් පාතාලයකු ලවා අධිකරණය ඉදිරිපිටදීම ඝාතනය කරවන ලදී.එදින සමන් පෙරේරාද ඉලක්කයක් වී තිබුණ නමුත් ඝාතකයාට සමන් ගැන පැහැදිලි මතකයක් නොතිබුණි.සමන් පෙරේරා මෝල් පියරත්න සමග උසාවිය ඉදිරිපිට සිට මීටර් සියයක් යාමට පෙර ඝාතකයා පියරත්න හා ඔහු සමග සිටි මිතුරකු ඝාතනය කෙරුවේය.

කෙසේවෙතත් සමන් පෙරේරා ඉඳුරුව පිහිටි සංචාරක හෝටලය විකුණා දමා  කුරුණෑගල ප්‍රදේශයේ පදිංචියට ගියේය. 

සමන් පෙරේරා නායකයා ලෙස කටයුතු කළ  ජනබල පක්ෂයට අවසන් පාර්ලිමේන්තු මැතිවරණයේදී එක පාර්මේන්තු මන්ත්‍රී පදවියක් හිමි විය.එම මන්ත්‍රීකමට පත් වීම සදහා විශාල ආරවුල් ඇති විය.ඒ මන්ත්‍රීකම හිමි වේදිනිගම විමලතිස්ස  ස්වාමින්වහන්සේ හා අතුරැලියේ රතන හිමි අතරය.මේ ආරවුලේ එක අන්තයක ගලගොඩ අත්තේ ඥානසාරද සිටියේය.කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී කම හිමි වෙිදිනිගම හිමියන් පැහැර ගත් අතර එයට වැබ පොලිස්පති  දේශබන්දුු හා ඇමති ටිරාන් අලස් සම්බන්ධ බවට ඒ දිනවල හෙළිවිය.කෙසේ වෙතත් එම මන්ත්‍රී ආසනය අතුරැලියේ රතන හිමියන්ට හිමි විය. පසුගියදා සමන් පෙරේරා පොලිස් පැමිණිල්ලක් කර ඇත්තේ ගලබොඩ අත්තේ ඥානසාර හිමි තමන් ඝාතනයට කොන්ත්‍රාතුවක් ලබා දී ඇති බවට තමුන්ට දැන ගැන්මට ලැබී ඇති බවය.

අද දින සිදුවූ සමන් පෙරේරාගේ ඝාතනය සමග පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිදුවූ අපූරු සිද්ධියක් ගැන අප⁣ට වාර්තා විය.ඒ මෙම මහා මිනිස් ඝාතනය සම්බන්ධයෙන් වැබ පොලිස්පතිවරයා ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් කැඳවා කළ සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ සමන් පෙරේරා ගේ ඝාතනයට කොස්ගොඩ සුජී සම්බන්ධ බවටය. මෙය විමතිය දනවන ප්‍රකාශයකි.ඒ  ඝාතන පිළිබඳව විමර්ශන අවසන් වීමටත් පෙර ⁣එම ඝාතනයට කොස්ගොඩ සුජී සම්බන්ධ බවට වැබ පොලිස්පති දැන ගත්තේ කෙසේද යන්නය.

වැඩ බලන පොලිස්පති ගේ මේ ප්‍රකාශයත් සමගම බලපිටිය ප්‍රදේශය තුළ තවත් විශ්මය ජනක සිද්ධියක් වී තිබේ.ඒ බලපිටිය වතුරෙගෙම පිහිටි පොලිස් විශේෂ කාර්ය බලකා ඛණ්ඩය එම ස්ථානයෙන් අකුලා ඉවත් කිරීමය.එම විශේෂ කාර්ය බලකා ඛණ්ඩය එහි ස්ථාපිත කරන ලද්දේ කොස්⁣ගොඩ සුජී ගේ පවුලේ අයවළුන්ගේ ආරක්ෂාව පිණිස බවද එම කඳවුර බාරව සිටි සහකාර පොලිස් අධිකාරි කුමාර නැමැත්තා කොස්ගොඩ සුජීගේ සමීපතමයකු බවද ප්‍රදේශවාසීන් අතර කතා බහ වූ කරුණකි.ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකු ගේ මාමණ්ඩිය වූ ගාල්ලේ වසන්ත මෙන්ඩිස් ඝාතනය සිඳු කරන ලද්දේද සහකාර පොලිස් අධිකාරී කුමාර ගේ සැලසුමක් මත අක්මීමන විශේෂ කාර්ය බලකායේ සෙබළුන් දෙදෙනෙකු බවටද ආරංචිය. 
 
කෙසේවෙතත් කොස්ගොඩ සුජී සමග නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුගේ සම්බන්ධයක් පැවැති බවටද තොරතුරු ලැබෙමින් තිබුණි.කොස්ගොඩ සුජී සමග සම්බන්ධතා පවත්වන විශේෂ කාර්ය බලකා ප්‍රධානීන් අතර එහි බුද්ධි අංශයේ පොප කොළඹගේ හා සහකාර පොලිස් අධිකාරී කුලසේකරද වේ.මෙම නිළධාරීන් කොස්ගොඩ සුජී සමග සම්බන්ධීකරණය කරන්නේ මානසික ආබාධිත කට්ටඬියකු වූ ෂාන් නැමැත්තාය.පොලිස් අත් අඩංගුවට පත් වූ කොස්ගොඩ තාරක ඝාතනය කිරීම සඳහා දේශබන්දු තෙන්නකෝන් හට කොන්ත්‍රාතුව දුන්නේද කොස්ගොඩ සුජීය.කොස්ගොඩ ප්‍රදේශය තුළ සුජී ගේ භයානක එදිරිවාදියා වූයේ කොස්ගොඩ සුජීය.යුක්තියේ මෙහෙයුමෙන් පාතාල ක්‍රියා කාරිකයන් අයුතු ලෙස උපයා ගත් දේපොල අත් අඩංගුවට ගනිද්දී කොස්ගොඩ සුජී සතුව තිබෙන බහුදින යාත්‍රා ,අම්බලන්ගොඩ නගරය තුළ පිහිටි කෝකියා නම් ව්‍යාපාරික තෙමහල්⁣ ගොඩනැගිල්ල බලපිටිය මාදු ගගේ මෝය අසල ඇති සංචාරක නිකේතනය කොළඹ පිහිටි මහල් නිවාසය හා කොස්ගොඩ තිබෙන බොහෝ  ඉඩ කඩම් කිසිවක් පිළිබඳව පොලීසිය අවධානය නොදැක්වීය.අප දිගින් දිගටම ඒ ගැන අනාවරණය කර තිබේ. ඒත් ඒ ගැන ටිරාන් හා දේශබන්දු ජෝඩුවට වගේ වගක් නැති විය.
 
අප මේ ගැන හෙළිදරව් කරන විට කොස්ගොඩ සුජී ගේ බිරිඳගේ මාමා අප සමග කතා කර පැවසුවේ තමන් හා පවුල බලපිටියේ කෝටිපතියන් බවය.පසුගියදා වෙඩි ප්‍රහාරයකට ලක්වූ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති වරයා වූ ඔහුගේ පාරම්පරික වලව්කාර කම පිළිබඳව අපි සොයා බැලුවෙමු.නන්න පෝල් ගසා සිටි ධීවරයෙකුගේ පුත්‍රයකු වූ මේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ධනපතියකු වූයේද බහුදින යාත්‍රා පහක හිමිකරුවෙකු වී ඇත්තේද කොස්ගොඩ සුජී එම පවුලේ කාන්තාවක හා විවාහ වීමෙන් පසුවය.මේ විදුහල්පතිවරයාගේ පියා ගේ මව පැල්පතක ජීවත්වී ඇති අතර සුනාමියෙන් ඇයට නිවසක් හිමි වී තිබේ.පසුගියදා ඇය අභාවප්‍රාප්ත වූවාය.

කෙසේවෙතත් කොස්ගොඩ සුජී  දේශබන්දු තෙන්නකෝන් හා විශේෂ කාර්ය බලකායේ ප්‍රධානීන් බොහොමයක් අතර මිත්‍ර සම්බන්ධතාවක් පැවැති බවට අපට තහවුරු කළ හැකි තවත් සාක්ෂි තිබේ.

දැන් ප්‍රශ්ණය වී ඇත්තේ වැබ දේශබන්දු හා කොස්ගොඩ සුජී අතර හදිසියේම විරසකයක් මතු වූයේ ඇයිද  යන්න ගැනය.එය මතුවූයේ සමන් පෙරේරා ගේ ඝාතනයත් සමගය.කොස්ගොඩ සුජීට හෙට අනිද්දාට ෂොට් එක දෙන බව දේශබන්දු දැන ගත්තාද යන්න මෙහිදී සැකයක් මතුවේ.පොලීසියේ ආශ්‍රය තියෙන්නේ වාසියට පමණය. කොස්ගොඩ සුජීට අත් විඳින්නට සිදු වී ඇත්තේ ඒ සන්තෑසියම වන්නට ඇත.දේශබන්දු පොලිස්පති කම ගැනීම සඳහා ලකුණු දමා ගැනීමට සිය මිත්‍රයා වූ කොස්ගොඩ සුජී පාවා දී ඇතැයි අපට සිතේ.කොස්ගොඩ සුජීට අවශ්‍ය නම් මේ සියල්ල එළිදරව් කිරීමට අපි අවස්ථාව ලබා දෙන්නෙමු.පාතාල ක්‍රියාකාරිකයකු වුවද අධිකරණමය තීන්දුවකින් හැර අනීතිකව ඝාතනය කිරීම  අනුමත නොකරමු.දේශබන්දුලා අවසානයේදී අපි සුදනෝ වෙන්නට හදන බවක් අපට හැඟී යයි.දාම් ක්‍රීඩා කිරීමේදී ඉත්තා සගයෙක් නොවන බව කොස්ගොඩ සුජීට අප සිහිපත් කරන්නට කැමතිය. 

කෙසේවෙතත් සමන් පෙරේරා ගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණ අතරතුරදී තව බොහෝ දේවල් එළියට එන්නටද පුළුවන.

මේ අතරේ සමන් පෙරේරා මරා දමනවාත් සමගම කුරුණෑගල පොලීසිය සමන් පෙරේරා ගේ නිවස හදිසියේම  පරීක්ෂා කරන්නට ගත්තේ පොලිස් සුනඛයන්ද රැගෙන යමිනි.වින්දිත පාර්ශවයට හිංසාවක් කිරීමේ අපේක්ෂාවෙන් මෙම පොලිස් පරීක්ෂාව සිදු කළ බව පැහැදිලිය.එහිදී අපට දැන ගැන්මට ලැබුණේ සමන්පෙරේරා සන්තකයේ තිබෙන දේශපාලනික ලියවිල්ලක් ගැනීම සදහා මේ පොලිස් පරීක්ෂාව සිඳු කළ බවය.   

සමන් පෙරේරාගේ ඝාතනයේ අබිරහස හෙට අනිද්දා වන විට ලිහා ගන්නට හැකි වෙනු ඇතැයි අප සිතමු.    




Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්