යකෝ රනිල් නාකියෝ මේ පාදඩ පිස්සු බල්ලන් දෙන්නා බැඳල දාපං වාහේ
නාරම්මලදී පොලිස් උප පොලිස් පරීක්ෂක වරයෙකු තරුණයකු ඝාතනය කිරීමේ සිද්ධිය සමාජය තුළ දැඩි කතා බහට ලක්වී තිබේ.එහිදී ටිරාන් ගේ දේශබන්දුගේ යුක්තියේ මෙහෙයුම විවිධ තරාතිරමේ අයවළුන්ගේ විවේචනයට ලක් වී ඇති බව පෙනී යයි.එහෙත් ටිරාන් හා දේශබන්දු ජෝඩුවට ඒ පිළිබඳව කම්පනයක් නැත.මේ දෙදෙනා හිතන්නේ තග දමා සමාජය බය කළ විට පාතාල ක්‍රියාකාරම් අවසන් වෙනු ඇති බවටය.ඒ සමගම රටේ පවතින නීතිය බුල්ඩෝසර් කරගෙන යමින් හිට්ලර් ගේ එස්එස් හමුදා පන්නයේ මිල්ටෙරිකාර පොලීසියක් නිර්මාණය කිරීමට මේ ජෝඩුව උත්සාහ දරමින් සිටී.දැන් මේ මී වස්සන් දෙදෙනා රට පුරා රැස්වීම් තියාගෙන යන්නේ මහජනතාව බය කර තග දාන්නට මිස වෙන කෙහුරකට නොවේ.ඊයේ පෙරේදා දවස්වල මුන් දෙන්නා පැවැත්වූ මහජන හමුවීම් වලදී දෙන්නාම ප්‍රකාශ කළ එක කාරණයක් තිබේ.ඒ නාරම්මල පොලිස් වෙඩි තැබීම සම්බන්ධයෙනි මුන් දෙන්නාම කිව්වේ එකම කතාවය.හරි ඉතින් නාරම්මල සිද්ධියක් වුනා.අපි ඒකට මිලක් ගෙව්වා දැන් ඒක එතැනින් ඉවර බව කවුරුත් දැන ගන්න ඕන.හැබැයි ඒ සිද්ධියට පොලීසියට විරුද්ධව කවුරු හරි බෝඩ් උස්සගෙන පොලීසියෙ ගේට්ටු කඩන්න ආවොත් අපි නිකම් ඉන්නෙත් නෑ.ඒක මතක තියාගන්න එක හොඳයිමේ මුන් සිද්ධ කළ කතාවේ සරල තේරුම නම් ඉදිරියේදීත් වෙඩි තබා මිනිසුන් ඝාතනය කරන බවය .සත්‍ය වශයෙන් කියනවානම් මේ ජෝඩුව දැන් ඉන්නේ මහසෝන් සන්නියට ඇඳලාය.ලේ රහම ඉව කරමින් සිටී.තමන් ගේ තක්කඩිකමි උණ්ඩයෙන් යටපත් කරන්නට හදනවාය.මුන්ගේ අම්මාට හැමිනෙන මෙහෙයුම රට පුරා තියෙද්දී බෙලිඅත්තේ මහා මිනිස් ඝාතනයක් සිඳු වී තිබේ.ඒ මිනිස් ඝාතනයට දේශබන්දුගේ හා ටිරාන් ගේ සම්බන්ධයක් ඇති බවට පොලීසියේ රහස් වලින් හෙළිවෙි.දේශබන්දුගේ වැබ පොලිස්පති කමට කෙලවීමට ඝාතනය වූ සමන් පෙරේරා සැලසුම් කර තිබුණ බව පැවසේ.සමන් හා දේශබන්දු අතර පැවැතියේ නයි මුගටි වෛරයකි.එක් අවස්ථාවකදී පන්සලක සැඟවී සිටි සමන් පෙරේරා අත් අඩංගුවට ගැනීමට පොලිස් බල ඇණියක් යෙදවීමට දේශබන්දු ක්‍රියා කෙරුවද ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්නගේ දුරකථන ඇමතුමකින් එය වැලකී ගියේය.මෙරට ප්‍රසිද්ධ කයිවාරු කාරයකු වූ නාමල් කුමාර පිටුපස සිටියේද සමන් පෙරේරාය.නාමල් කුමාර වෙනුවෙන් මුදල් වියදම් කෙරුවේද සමන් පෙරේරාය.සමන් පෙරේරා හිටියේ දේශබන්දුගේ කෙරුවාව අවසන් කිරීමේ මෙහෙයුමකය.ඔහු මෙරට දේශපාලනයේ හා පොලීසියේ ප්‍රබලයන් ගේ කුණු කතන්දර දන්නා අයෙකි.ඒ කුණු රහස් කතන්දර එළියට දැමූ විට දේශබන්දු ටිරාන් ජෝඩුව නන්නාත්තර විය හැකිව තිබුණි.දේශබන්දු ඊට පෙර ඉස්සරවුන බව නම් සිතිය හැකිය.කෙසේවෙතත් ටිරාන් හා දේශබන්දු ජෝඩුව පොලීසිය යොදා ගනිමින් මනුෂ්‍ය ඝාතන සිදු කරමින් සිටින බව නම් ඇත්තය.මේ ඝාතන රැල්ල කොහෙන් ඉවර වේදැයි කිව නොහැකිය.ටිරාන් හා දේසබන්දු හිතාගෙන ඉන්න දේ මේ මහ පොලොව උඩ කරන්න නම් නොහැකිය.මීට පෙරද දේශපාලනයේ ඔය වගේම ගූ චන්ඩි හිටිය බව අපට මතකය.නුමුත් උන්දැලා අළු දූලි වෙලා ගිය හැටිත් අමතක කරන්නට බැරිය.දේශබන්දු හා ටිරාන් ජෝඩුවගේ පාදඩ කෙරුවාව ගැන තොරතුරු මෙිජර් ජනරාල් සලේ නොදන්නවා විය හැකිය. ඒ මක් නිසාද යත් අප ලියන බොහෝ තොරතුරු වල මූලාශ්‍ර අපට ලැබෙන්නේ මේජර් ජනරාල්ගේ මේසය උඩට යද්දීම නිසාය.ඒ නිසා මේ සිද්ධවන සියල්ල ජනපතිවරයා නොදන්න බවක්ද සිතිය නොහැකිය.කුඩු සළිදු හා දේශබන්දු අතර තිබුණු සහෝදර ප්‍රේමය මේජර් ජනරාල් සලේ ළඟද තොරතුරු තිබේ.කංචිපානී හට මෙරටින් පැන යාමට උපකාර කෙරුවේද දේශබන්දුය.ඒ ගැනද මේජර් ජනරාල් සලේ නොදන්න විදියක් නැත.එසේ නම් මුන් ගේ අමුඩය ගැලවීම සලේට හා කමල් ගුණරත්නට අවස්ථාව තවමත් පවතින බව සිහි කරන්නට කැමතිය. නුමුත් ඒ අප උදාහරණයට ගත්තේ දේශබන්දු සිදු කරන ලද ජාවාරම් දෙකක් පමණයජනපතිවරයා හා පොදු ජන පෙරමුණේ මදාවියන් ඉන්නේ ටිරාන් හා දේශබන්දු ජෝඩුව යොදාගෙන මෙරට අමුතු හැඩයේ භීෂණයක් නිර්මාණය කර ඡන්දය කල් දමා ගැනීම හෝ ඡන්දය දිනීමට මග පාදා ගැනීමට නම් අපට ඒ ගැන කියන්න තියෙන්නේ වෙරි සොරි හාමු කියා පමණය.ඒ අත්හදා බැලීම් අසූ අට අසූ නවයට ඕකේ වූවාට දෙදහස් විසි තුනට වලංගු නැත.අවසානයේ ටිරාන් හා දේශබන්දු යන ගොන් වස්සන් දෙදෙනා මේ කරන කියන ඒවායින් ජනපති හාමුට වැලිකඩ කූරු ගණන් කරන්නට පාර හදා නොදුන්නොත් පුදුම වෙන්නට දෙයක් නැත.දැන් ජනපතිවරයාට කියන්නට දෙයක් අපට තිබේ. ඒ මෙහෙමය.... යකෝ අවලං රනිල් නාකියෝ මේ පාදඩ පිස්සු බල්ලන් දෙන්නා බැඳලා දාපං වාහේ කියාය.
Comments
Post a Comment