සමාජ මාධ්‍ය වාරණ පනත දෙකට නවා අතන ගහගත්තා නම් මරුය

 


රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගේ මරණය පිළිබඳව මුහුණු පොතෙ⁣හි පල වී ඇති ප්‍රතිචාරයන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂිය ඉතා බරපතල⁣ ලෙස කම්පනයට පත් කරවන බව නිසැකය.මේ ප්‍රතිචාරයන් තුලින් ප්‍රකාශණය වන වෛරය සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට හුදකලා ආමන්ත්‍රණයක් නොවන බවද තමන් නියෝජනය කරන සමස්ත ආණ්ඩුවට දක්වන පිළිකුල් සහගත විරෝධය බවද   ඔවුන් දනී. 


මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ සනත් නිශාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මරණය සම්බන්ධයෙන් සතුට ප්‍රකාශ කරන්නේ එක්තරා පක්ෂයක් නියෝජනය කරන අයවළුන් බවත් පසුගිය කාලයේදී ඔවුන් හඳුනා ගැනීමට නොහැකිව තිබුණ බවත් දැන් එසේ නැති බවත්ය.මහින්ද අමරවීර අමාත්‍යවරයා "දැන් එසේ නැති බව" සඳහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය පාලනය කිරීම සඳහා ඊයේ (25)සම්මත කරගත් පනත යොදා ගනිමින් මර්දනය ආරම්භ කිරීම ආරම්භ කර ඇති බවට හැඟවීමක් වෙන්නට පුළුවන.

මහින්ද අමරවීර ඇමතිවරයා ඇතුළු ආණ්ඩුව සිතා ගෙන ඇත්තේ පනත පෙන්වා සමාජය බිය වැද්දීමට හැකි වනු ඇති බවය.එසේත් නැතහොත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් දෙතුන් දෙනෙකු කුදලා ගෙන ගොස් වැලිකඩ ගාල් හැකි බවය.

ආණ්ඩුව විවේචනය කරන්නේ එකෙක් දෙනෙක් නම් එහෙම කරන්නට පුළුවන.සමාජයේ බහුතරයක් ආණ්ඩුව විවේචනය කරන අයවළුන් නම් වැලිකඩ ⁣දුම්බර මහර සීආර්පී ආදී හිරගෙවල් මදි විය හැකිය. රනිල් හාමු ගේ ආණ්ඩුව මොන දහම් ගැටය ගැසුවත් වැඩක් වෙන්නේද නැත.
 
ආණ්ඩුව වැඩ වරද්දාගන්නේද අන්න එතැනදීය.මේ ආණ්ඩුවට එරෙහිව සිටින්නේ සමාජ මාධ්‍යවල ලියන කියන අය පමණක් යැයි අමරවීර හා ආණ්ඩුව සිතා ගෙන සිටිනවා වෙන්නට පුළුවන.මෙරට බහුතරය සිටින්නේ  ආණ්ඩුව පිළිබඳව දැඩි  වෛරයකිනි.පිළිකුළකිනි.
එහෙත් ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනපතිවරණය පිළිබඳව ජනතාව විශ්වාසය තබා සිටින බව පැහැදිලිය.ඒ නිසා සමාජය තවමත් සන්සුන්ය.මේ සන්සුන් කම ගැන ආණ්ඩුව හිතා ගෙන ඇත්තේ තමන්⁣ට වාසියක් තියෙන  ගාණටය.

සමාජ මාධ්‍ය මර්දනය කරමින් ආණ්ඩුව ආරක්ෂා වෙන්නට බංකර හදා ගත්තද හෙට අනිද්දාට කෙල විය හැකි තරම ගැන හිතා ගන්නටත් බැරි තරමේය.
මහන්ද අමරවීර වැනි පඟර නැට්ටන්ට යන එන මං නැති වෙන බවද අපි දනිමු.

එහිදී ආණ්ඩුවට සිද්ධ වෙන්නේ සමාජ මාධ්‍ය පනත දෙකට නවා පස්⁣සා පැත්තේ ගහගන්ටය. 

Comments

Popular posts from this blog

ආණ්ඩුවේ සොහොන් ලකුණු- රිය අනතුරින් සනත් නිශාන්ත මිය යයි

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

අනියම් විවාහ මංඟල උත්සවය දැනුම් දීමයි