අතීසාර මිත්‍ර කොස්ගොඩ සුජීට ඔහොම කරන්න එපා දේශබන්දු ලොක්කා
අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා ඝාතනයත් සමග පොලීසියේ ඉහල පුටු රත්වී තිබේ.වැඩ බලන පොලිස්පති දේශබන්දු හදිසියේම ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් සමග ඔන් ලයින් සාකච්ඡාවක් පවත්වා උපදෙස් දී ඇත්තේ කොස්ගොඩ සුජී සමග සම්බන්ධතා පවත්වන අයවළුන් පිළිබඳව වාර්තාවක් සපයන ලෙසය.කොස්ගොඩ සුජී සමග සම්බන්ධතා පවත්වන අයවළුන් පිළිබඳව අප දිගින් දිගටම අනාවරණය කර තිබේ.වැඩ බලන පොලිස් පති දේශබන්දු හට ගුරුකම් කළ පිස්සු කට්ටඬි ශාන් ගේ සහෝදරයා වන පොන්සි දසුන් ඒ අය අතර සිට්න බව අප නැවත මතක් කිරීමට කැමතිය.සුජී ගේ බිරිඳ ගේ මාමා වූ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා අනෙකාය.මොහු මුදල් විශුද්ධිකරණ පනත යටතේ සීඅයිඩී යෙන් මීට පෙර අත් අඩංගුවට ගෙන මාධ්‍ය වෙත ප්‍රකාශ කරන ලද්දේ මොහුගේ ගිනුම් වල කෝටි 40කට ආසන්න මුදලක් තිබෙන බවය.එහෙත් ඔහු මුදා හරින ලදී.මොහු මුදාහැරීම සඳහා වැබ පොලිස්පති දේශබන්දු මැදිහත් වූ බව කියවේ. සුජී හා සම්බන්ධතා පවත්වන ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියකුද සීඅයිඩීයේ සිටී.මෑතකදී ගල්කිස්ස මුහුදු තීරයේ අනවසර ගොඩනැගිල්ලක් ලෙස ඉවත් කරන ලද සංචාරක හෝටලයට යාබද මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ මස්සිනාගේ ඉඩම සම්බන්ධයෙන් පැවැති ආරවුල නිරාකරණය කරන ලද්දේ කොස්ගොඩ සුජීය.එහිදී මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට කොස්ගොඩ සුජී සම්බන්ධීකරණය කරන ලද්දේ පිස්සු කට්ටඬි ශාන්ය.බෙන්තොට හිටපු උප සභාපති සිරිමාන්න කොස්ගොඩ සුජී හා සම්බන්ධතා පවත්වන අයෙකි.සුජී ගේ මෙරට ජාවාරම් කටයුතු කළ කුඩු සැන්ටා ගේ හොරොයින් ප්‍රවාහනය කරන ලද්දේ සිරිමාන්නගේ වාහනයෙනි. මේ වන විට කොස්ගොඩ සුජීගේ මුල්‍යමය කළමනාකරණය ඔහුගේ සහෝදරයා වන හාමුදුරු අයියා විසින් සිදු කරන ලබන බවට තොරතුරු ලැබී තිබේ.මොහු මහණ වී සිට සිවුරු හළ හීරලුවෙකි.දැනට මොහු වැල්ලවාය ප්‍රදේශයේ ජීවත් වේ.අම්බලන්ගොඩ සිංගර් කෝසල නැමැත්තාද සුජී ගේ සමීපතමයෙකි.අම්බලන්ගොඩ පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයාට හා එහි අපරාධ අංශයේ ස්ථානාධිපති පොප හිරාන්ට සුජී ගේ සමීපතමයා වන ඌරගහ මයිකල් සමග සම්බන්ධතා පවත්වති.ඌරගහ මයිකල් මොවුන් දෙදෙනා හට වැටුප් ගෙවන බවටද වාර්තා වී තිබේ.අම්බලන්ගොඩ ගොඩහේන ප්‍රදේශයේ සනා නැමති අයකුද සුජීට සම්බන්ධය.එසේම අම්බලන්ගොඩ ධීවර වරාය සභාපති ලෙස කටයුතු කරන මනෝජ් නැමැත්තාද සුජී සමග සම්බන්ධතා පැවැත්වූ බවට වාර්තා වේ.මේ වන විට අම්බලන්ගොඩ නගරයේ සුජීට හිමි තෙමහල් ගොඩ නැගිල්ලක කෝකියා අවන්හල පවත්වාගෙන යන පුද්ගලයාද සුජීගේ සමීපතමයෙකි.අම්බලන්ගොඩ සුමනදාස ව්‍යාපාරයේ සවින් නැමැත්තාද සුජී සමග ගනුදෙනු කරන්නෙකි.එම සම්බන්ධතාව ඔහුට ගොඩ නගා දෙන ලද්දේ අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වේ.අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා විසින් අනියම් සම්බන්ධතා පවත්වන කාන්තාවන් රැගෙන යන්නේ අම්බලන්ගොඩ දෙල්දූව පිහිටි සවී නැමැත්තාගේ හෝටලයටය.අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පතිවරිය කොස්ගොඩ සුජීගේ උපදෙස් පරිදි අනීතිකව ළමුන් කී දෙනෙක් පාසැලට ඇතුළත් කර ගෙන තිබේදැයි ඕනෑ නම් සොයා බලන්නට පුළුවන.විශේෂ කාර්ය බලකාය සහකාර පොලිස් අධිකාරීවරුන් වන සාගර හා කුමාර යන අයවළුන්ද පොප කොළඹගේද කොස්ගොඩ සුජීවගේ මිතුරන්ය.අප ඉහතින් සදහන් කර ඇති පුද්ගලයන් ඇතමකුට සුජීව මුණ ගැසී නැති බවද සිහිපත් කළ යුතුය.එහෙත් මොවුන් සුජී හා සම්බන්ධතා පවත්වන්නේ වට්ස්ඇප් ජාලය හරහාය.මෙම සියළු පුද්ගලයන් ගැන මේජර් ජනරාල් සලේ දැනුවත්ය.මීටත් වඩා බොහෝ පුද්ගලයන් ගැන තොරතුරු මේජර් ජනරාල් සලේ සතුව පවතී.යුද හමුදා බුද්ධි බලකාය සතුවද තිබේ.වැබ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් ගැන සුජී ගේ සගයන් ගැන තොරතුරු වාර්තා සපයන ලෙසට කන්කෙඳිරි ගානවට වඩා සලේ ගෙන් හා යුද හමුදා බුද්ධි බලකායෙන් එම තොරතුරු ගන්නා ලෙසට අපි යෝජනා කරමු.ඒ සමගම මෑතකදී මුදල් විශුද්ධිකරණ පනතෙන් විමර්ශනයක් ආරම්භ කරන ලද අම්බලන්ගොඩ තැනැත්තකුට එරෙහිව සිදු කළ විමර්ශන කටයුතු අත් හිටුවීමට උපදෙස් දුන්නේද තමන් බව වැබ දේශබන්දුට මතක නැති වීම පුදුමයකි.එසේම තමන් ඒ සඳහා මැදිහත් වූයේ කොස්ගොඩ සුජීව ගේ ඉල්ලීම පරිදි බවද අමතක කිරීම ගුණමකු ක්‍රියාවක් බවද අප දේශබන්දුට සිහිපත් කරන්නට කැමතිය.
Comments
Post a Comment