හූති ගරිල්ලන් පෙන්වා බොකොරාම් ත්‍රස්ත ප්‍රහාරයක් සිදු කරන්නට යාමේ සැළසුමක් ගැන සැකයි


 

 දැන් මෙරට දේශපාලනයේ සිද්ධ වෙමින් තිබෙන ඒවා සැකයෙන් බැලිය යුතු කාරණාය.ආණ්ඩුව වැඩ කරන්නේ පාතාල අයිආර්සී ලෙවල් එකේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා බල්ලා මාක් කරලාය.පලාත් පාලන මැතිවරණය කල් දමා ආණ්ඩුව විපක්ෂයේ කෙරුවාව හීන් සැරේ අධ්‍යයනය කෙරුවේය.ආණ්ඩුව හිතා ගෙන හිටියේ විපක්ෂය රට දෙවනත් කරාවි කියලාය.ඒත් ඡන්දය කල් දැමීම ගැන විපක්ෂය පැත්තෙන් ඇහුණේ බලු⁣ කෙඳිරියක් පමණි.සිවිල් සමාජය සිදු කළ විරෝධතාවන්ද ආණ්ඩුව පඩයකට ගණන් ගත්තේ නැත.

ඊළඟට ඇත්තේ ජනපතිවරණයයි.ජනපතිවරණය කල් දැමීමට ව්‍යවස්ථානුකූලව ඉඩ ප්‍රස්ථාවක් නැත.විපක්ෂය ඒ නිසා ඉන්⁣නේ අමුතුම ආතල් එකකය.

ඒත් ඒ ජනපතිවරණය කල් දැමීමට ස්වභාවික ව්‍යසනයකට පුළුවන්ය.
මේ ස්වභාවික ව්‍යසනය පත්තු කරන්ටද ආණ්ඩුවට බැරි නැත.ඒ සඳහා දක්ෂ ගේම් කාරයන් ආණ්ඩුව පැත්තේ සිටී.
පාස්කු ප්‍රහාරය එල්ල වූයේ ඒ ගේම් කාරයන්ගේ කෙරුවාවෙනි.
ඒත් මේ ආන්ඩුවට එවැනි දීර්ඝකාලීන ව්‍යාපෘතියකින් වැඩක් නැත.සිද්ධ වෙන දේ තව මාස දෙක තුනක් ඇතුළත සිදු විය යුතුය.

වජිර අබේවර්ධන ප්‍රකාශ කර ඇත්තේ හොඳින් හෝ නරකින් ආණ්ඩුව ගෙන යා යුතු බවය.මේ ප්‍රකාශ හුරතලයට කියන එවා නොවේ.වජිර අබේවර්ධන යනු ජනපතිවරයාගේ ගඳ සුවඳ දන්නා සමීපතමයෙකි.

අප අපගේ අනාවැකි ලියන්නේ ග්‍රහ පිහිටීම් වල බලපෑම් වලින් හෝ දේව හාස්කමි යොදා ගනිමින් නොවේ.එහිදී අප යොදා ගන්නේ මෙරට දේශපාලනය තුළ හැසිරීමයි.ආණ්ඩුව මේ මොහොතේදී සිදු කරන මැදිහත් වීම් පිළිබඳව අපි අවධානය දක්වමු.විමර්ශනය කරමු.විග්‍රහ කරමු.අත්දැකීම් මත පිහිටා ප්‍රශ්ණ කරමු. අවසාන විග්‍රහයේදී නිගමනයක⁣ට එළඹෙමු.එහෙත් ඒ නිගමනය නිශ්චිතයක් නොවන්ටද පුළුවන.හරි වන්ටත් එසේ නැතිනම් වැරදි වන්ටත් ඉඩ තිබේ.

ජනපතිවරණය කල් දැමීමට මොනවා හෝ දහම් ගැටයක් ආණ්ඩුව පැත්තෙන් ගසනු ඇති බව නම් විශ්වාස කරන්නට හැකිය.ආණ්ඩුවේ කෙරුම් කාරයන්ගේ කයිවාරු වලින් ඒ බව ඇඟවෙමින් පවතී. 

පසුගියදා ජනපතිවරයා හූති කැරලි කරුවන්ට එරෙහිව මෙරටින් නෞකා දෙකක් යැවීමට කටයුතු කරන බව ආණ්ඩුව පාර්ශවයෙන් නිවේදනය කරනු ලැබීය.පුක කහගන්නට නියොපොත්ත නැති රටක් විදියට ජාත්‍යන්තර ත්‍රස්තයන්ට එරෙහිව යුද නෞකා යැවීම බඩ කොරවෙන තරමට විහිළුවක් විය හැකි නමුත් මෙවැනි ක්‍රියාමාර්ගයකට ආණ්ඩුව එළඹීම ගැන එක් වරක් නොව දෙවරක් තුන්වරක්ම කල්පනා කළ යුතු කාරණයකි.

ඒ අස්සේම ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න යුද හමුදාපති විකුම් ලියනගේ හා ඇවන්ගාඩ් සේනාධිපති නයිජීරියාවේ රහසිගත සංචාරයක නිරත වීමද බරපතල ලෙස අවධානයට ගත යුතු සිදුවීමකි.
නයිජීරියාව  තුළ ක්‍රියාත්මක වන බොකො⁣රාම් ත්‍රස්තයන් කුඩා ළමයින් හා කාන්තාවන් පවා යොදා ගනිමින් මරා ගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන සාහසික ව්‍යාපාරයකි.ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානද සමගද සම්බන්ධකම් පවත්වන බොකො⁣රාම් ත්‍රස්ත සංවිධානය ජාවරම්කාර ගණුදෙනු වල යෙදෙන මිනීමරු සංවිධානයකි.
පසුගියදා නයිජීරියාවට ගිය ඇවන්ගාඩ් සේනාධිපති බොකොරාම් ත්‍රස්තයන් සමග සම්බන්ධතා පවත්වන අයෙකු බව හෙළි වී තිබේ.පාස්කු ප්‍රහාරයට ඇවන්ගාඩ් සේනාධිපති ගේ යටි බිම් ගත සම්බන්ධයක් පැවැති බවද අසන්නට ලැබෙි.

ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ඇතුළු කණ්ඩායම නයිජීරියාවට යාම ඉතා සැක සහිතය.මෙරට තුළද නයිජීරියන් ජාතිකයන් සිටී.ඔවුන් විවිධ මුල්‍ය අපරාධ වල නිරත වෙන බවටද බොහෝ අවස්ථා වලදී හෙළිි වී තිබේ.

කෙසේ වෙතත් නයිජීරියන් බොකොරාම් ත්‍රස්තයන්ට මුදල් කොන්ත්‍රාතු  ලබා දී මෙරට පිපිරීම් දෙක තුනක් කිරීමට බැරි නැත.අප එහෙම ලියන්නේ එය විය හැකිම නිසා නොවේ.වෙන්නට ඉඩ ඇති නිසාය.එය එසේ වුව හොත් බිල ලියවෙන්නේ හූති ත්‍රස්තයන් වෙතය.
එවිට මේ සිද්ධිමය ජවනිකාවත් පාස්කු ප්‍රහාරයේ දෙවන නිෂ්පාදනය වෙන්නට බැරි නැත. 

ඇවන්ගාඩ් සේනාධිපති යනු ජනතා විමුක්ති පෙරමුණ බිමට සමතලා කිරීමට තමන්ගේ වත්කම් තුළ අන්තිම රුපියල දක්වා වැය කිරීම⁣⁣ට සූදානම් බවට ප්‍රකාශ කළ පුද්ගලයාය. රට තුළ ඇතිවිය හැකි සිද්ධිය උපකල්පන මත පිහිටා මෙසේ ලියන්නට පුළුවන.

හූති ගරිල්ලන්ට එරෙහිව නෞකා යැවූ නිසා එම ත්‍රස්තයන් මෙරට පිපිරීම් මාලාවක් ඇති කර තිබෙි.රට තුළ ඉන් මතුවී ඇත්තේ සන්නද්ධ අර්බුදකාරී වටපිටාවක් නිසා ව්‍යවස්ථානුකූලව ජනපතිවරණය තැබීමට ඉඩක් නැත.
සැබැවින්ම ඉන් අනතුරුව ප්‍රකාශයට පත් කරන ආණ්ඩුවේ නිවේදනය බොහොම සරලය.එය මෙසේ වන්නට පුළුවන.ඡන්ද තැබීමට පෙර ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගත යුතුය.එබැවින් සියළු මැතිවරණ කල් දමන අතර ආණ්ඩුව රට තුළ සාමය ඇති කිරීමට පියවර ගනිමින් සන්නද්ධ හමුදා සේවයේ යොදවනු  ලැබේ.ඉවසිල්ලෙන් සිටින ලෙස ජනතාවට ආණ්ඩුව කියා සිටී.

එසේ ජනපතිවරණය කල් දැමුවහොත් ඒ සම්බන්ධයෙන් එරෙහිව ගන්නා ක්‍රියා මාර්ග ගැන විපක්ෂයට තවම අදහසක් නැති බව පෙනී යයි.විපක්ෂයේ සෑම නායකයෙක්ම ඉන්නේ ජයග්‍රහණයේ ගිණි කන වැටිලාය.එබැවින් ආණ්ඩුව
ඇඟට පතට නොදැනී වාසි ගනිමින් සිටින බව පැහැදිලිය.
 


Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්