පොලීසියේ පිස්සු කෙලිල්ල ඉවර වන්නේ කවදාද
කුරුණෑගලදී අහිංසකයෙක්ගේ ඔළුවට වෙඩි තබා ඝාතනය කළ එස්අයි කාරයා සේවය කෙරුවේ නාරම්මල පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයේය.වයස අවුරුදු පනස් නවයකි.මේ පොර තනි තරුව ඇන්දේ මීට අවුරුද්දකට ඉස්සරය .තනි තරුව ඇන්ද ගමන් මේ උන්දෑ පොලීසියේ හිටියේ පොලිස්පති වාගේය.පොලිස් බල්ලන්ගෙන් පවා සර් කියවා ගැනීමේ අමුතු මාදිලියේ ආශාවක් මේ එස් අයි කාරයාට තිබුණ බව ආරංචි වේ.පොලීසියේ ඕඅයිසී මහත්තයාට ජරාව හොයා දුුුුන්නේ මොහුය.අසරණයාට වෙඩි තැබූ දවසේ මේ එස්අයි කාරයා යුනිෆෝම් නැතුව තව රාළහාමි කෙනෙක් සමග පාරට ඇවිත් තිබුණේ ඕඅයිසී මහත්තයාට වැඩ බලන පොලිස්පති දේශබන්දු ලොක්කා වෙනුවෙන් බෝධි පූජා තැබීමට මුදල් හොයා ගන්නටය.මේ ඇත්ත කතාවය.ඕඅයිසී දැන් ඇත්තේ මුඛ පූට්ටු වෙලාය.පොලීසිය උකස් කරමින් හරි හම්බකරගෙන කන එවුන්ට ඉබේ දඬුවම් ලැබෙන බවට බොහෝ පූර්වාදර්ශ පවතී.මේ තවත් එක් සිද්ධියකි.නුමුත් මේ මී ගොන් වස්සා නිසා දරු පවුලක්ම අනාථ විය.මේ වෙඩි තැබීම සිද්ධ වූයේ තරුණයන් පිරිසක් වටපිටාවේ සිටියදීය.එහෙම නැති වුනා නම් මිය ගිය අසරණයා ලොරිය අස්සේ අයිස් තොගයක් ගෙනියන එකෙක් වෙන්නට ඉඩ තිබුණි.දැන් මරා දැමූ අසරණයාගේ පවුලට රුපියල් දහ පහලොස් දාහක් පොලීසියෙන් ගෙවීමට කටයුතු කරනු ඇත.ඇමති ගේ හා වැබ පොලිස්පතියාගේ ශෝකය සඳහන් කර මල් වඩමක් පවා යවන්නට ඉඩ තිබේ. සියල්ල එතැනින් හමාර විය හැකිය.අලස් දේශබන්දු බානට මේ ඝාතනය යුක්තිය මෙහෙයුම අතර තුර සිඳුවූ තවත් සුළු සිද්ධියක් පමණි.එය තහවුරු කෙරෙන තොරතුරක් අපට ලැබී තිබේ.පසුගිය දිනක අලස් ඇමතිවරයා ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් කැඳවා උපදෙස් දී ඇත්තේ මිනිසුන් බිය වැද්දීම සඳහා වෙඩි තැබීම් සිඳු කළ යුතු අතර ඒ සඳහා පතොරම් නැතිනම් චීන පටස් හෝ පත්තුකර දැමිය යුතු බවය.මේවා ඇහෙන විට ටිරාන් අලස් පිස්සු කෙලිමින් සිටින බවක් අපට වැටහේ.මේ ගොන් වාහේගේ පිස්සු කෙලිල්ල අවසන් වෙන්නට තව මිනිස් බිලි කීයක් අවශ්‍ය වේද යන්න පැහැදිලි නැත.රට පුරාම පොලීසි වල උන් දැන් ඉන්නේ අලස් හා දේශබන්දු හක්කේ තියා සෙම අරින කේන්තියකිනි.එහෙත් පොලීසියේ ඒ කේන්තිය පිට කෙරෙන්නේ අහිංසක මිනිසුන්ගේ ඔළු උඩටය.වැරැද්ද ඇත්තේ එතැනය.
Comments
Post a Comment