පොලීසියට සපෝට් එකට නඩුවක් බාර අරගෙන

 


 උසාවිය කලුතර දිස්ත්‍රික්කයේ උසාවියකි

දවසේ නඩු විභාග කරමින් තිබෙන වේලාවයි

විත්තිකූඩුවේ කැහු⁣ටු තරුණයෙකි

පොලීසියේ බී වාර්තාවේ ඇත්තේ හොරොයින් පැකට්ටුවක් ලඟ තබා ගැනීමය.

මොකද තමුන් කියන්නෙ විනිසුරුවරයා විත්තිකරුගෙන් විමසීය.

හාමුදුරුවනේ පොලීසියෙ සිතාසි බෙදන රාළහාමි පොළේදි හම්බවුනා.පොඩ්ඩක් පොලීසියට වරෙන් කිව්වා .මම ඉතින් රාළහාමි දන්න කියන පොර නේ.මං හිතුව පොලීසියෙ ඔය වැඩක් පලක් කරන්න ඇතිය කියල .මට ඉතින් ගංජ නඩු හෙම තිබුණා .දඩ ගැහෑව්වා .සමහර ඒවා වරෙන්තු වෙලා ඇතුලට ගියා.පොලීසියෙ මාත්තරු මං ගැන දන්නවා .අවුලක් නෑ.ඒත් මේ සැරේ ගියාම උඹට කුඩු පැකට් එකක් දාල උසාවි දානවා කිව්වා.අපට ෂපෝට් එකට ඇතුළට පලයං කිව්වා.මාසයක් දෙකක් ඇදල වරෙන් ඒම නැතිනම් වරදකාරය කියහං කිව්වා .උඹට දඩයක් ගහවි .ඒක බැලන්ස් කරගමු කියලත් කිව්වා.මං ඉතින් හා කිව්වා
 
 උසාව්ය සිනා සාගරයක් බවට පෙරලුනේය.විනිසුරුවරයා සිනාව හංඟා ගෙන සිටියේ සිනහ වීමට නොහැකි හන්දාය.

ටිරාන් දේශබන්දුගේ යුක්තියේ මෙහෙයුම නාට්‍යයේ ඇතුළාන්තය ඔහොමය.

මේ විහිළු වලට හිනා වෙන්නේ කටින්ද පස්සා ⁣පැත්තෙන්ද යන්නත් හිතා ගන්නටත් බැරිය.



Comments

Popular posts from this blog

ආණ්ඩුවේ සොහොන් ලකුණු- රිය අනතුරින් සනත් නිශාන්ත මිය යයි

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

අනියම් විවාහ මංඟල උත්සවය දැනුම් දීමයි