රතුපස්වල නඩු තීන්දුව කල් ගියේ නීතිපති වංගුවක් ගැසූ නිසාද
පසුගියදා ගම්පහ මහාධිකරණයෙන් ලබා දීමට නියමිතව තිබුණ රතුපස්වල ත්‍රිපුද්ගල ඝාතනයේ නඩු තීන්දුව කල් දැමීම සිදු කෙරුණේ විත්තිකරුවන් නිදහස් කිරීමේ යටි බිම් ගත සැළසුමකට බවට වින්දිත පාර්ශවය තුළ සැකයක් මතු වී තිබේ.ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග වුන මෙම නඩුවේ තීන්දුව ලබා දීම කල්දමන ලද්දේ පැමිණිලි පාර්ශවයේ දේශනය ඉදිරිපත් කිරීම සදහා නීතිපති නියෝජනය කරමින් කිසිම කනිෂ්ඨ නීතිඥයකු හෝ ඉදිරිපත් නොවීම නිසාය.කෙසේ වෙතත් නීතිපති හා අල්ලස් කොමිසම විසින් රාජපක්ෂවරුන්ගේ කාලයේ සිදු වූ දූෂණ අක්‍රමිතා හා මිනීමැරුම් සම්බන්ධයෙන් නඩු පවරා ඇති විත්තිකාර පාර්ශවයන් හට දක්වන සහනශීලී ප්‍රතිපත්තිය මත එම නඩු නිදහස් කිරීම සිඳු කෙරෙන බවට තහවුරු වෙමින් පවතී.
ඒ සඳහා ඇතැම් විනිසුරුවරුන් ගේ සම්බන්ධතාවන්ද පවතින බවට තොරතුරු ලැබෙමින් තිබේ.රතුපස්වල නඩුවේ විත්තිකරුවන්ද නිදොස් කොට නිදහස් කිරීමට නීතිපතිවරයා වංගුවක් ගසා ඇති බවට සැකයක් මතුවන්නේ ඒ නිසාය.
Comments
Post a Comment