අයුතු ලෙස අත් අඩංගුවට ගෙන පහරදුන්නාට ලන්ඩන් පොලිස් රාළහාමි වැරදිකරු වේ
ලන්ඩන් රොම්ෆෙන් සෞඛ්‍ය සායනයක වෘත්තිකයකු වූ රසික අත්නායක නම් ශ්‍රී ලංකිකයකු සාවද්‍ය ලෙස අත් අඩංගුවට ගෙන පහරදීමක් සිදු කරන ලදැයි චෝදනා ලැබූ ජොනතන් මාෂ් නම් පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණය මගින් සති 12 ක අත් හිටවූ සිර දඬුවමක් ලබා දී ඇති බව ලන්ඩනයෙන් වාර්තා වේ.වැඩිදුරටත් විත්තිකාර මාෂ් විසින් වන්දි වශයෙන් පවුම් 1500 ක දඩයක්ද ගෙවිය යුතු බව තීන්දුවේ දැක්වේ.
ජොනතන්
මාෂ් නම් පොලිස් කොස්තාපල් වරයා 2022 නොවැම්බර් මාසයෙදී රසික අත්තනායක අත්
අඩංගුවට ගෙන ඇත්තේ වෛද්‍ය සායනයක දේපලවලට හානි කිරීමේ චෝදනාවකටය.එහෙත්
පසුව එය වැරදි තොරතුරක් මත සිදුවූ අත් අඩංගුවට ගැනීමක් බව අනාවරණය වී
තිබේ.එහෙත් රසික අත්තනායක එසේ සාවද්‍ය ලෙස අත් අඩංගුවට ගෙන පහර දීම
සම්බන්ධයෙන් පසුව පොලිස් කොස්තාපල් ජොනතන් මාෂ්ට එරෙහිව නඩු පවරා තිබේ.
මෙම
නඩුවේ තීන්දුව ප්‍රකාශ කළ ඇනබෙල් ෆීලින් ප්‍රකාශ කර ඇත්තේ පොලිස්
කොස්තාපල් මාෂ් ගේ ක්‍රියාව පිළිකුල් සහගත අනවශ්‍ය මැදිහත්වීමක් බවය.සැළකිය
යුතු වගකීම් සහිත පොලිස් නිළධාරියකු මෙසේ හැසිරීම තුළින් පොලීසිය පිළිබඳව
පවතින මහජන විශ්වාසය බිඳ වැටෙන බවද විනිසුරුවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත.
තීන්දුවට
පසු දෙදරු පියකු වන 42 හැවිරිදි රසික අත්තනායක මාධ්‍ය වෙත ප්‍රකාශ කර
ඇත්තේ තමන් ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස පන්දු යවන්නකු බවත් මෙම පහර දීම නිසා
තමන්ගේ උරහිස ආබාධයට ලක් වී ඇති නිසා එම අවස්ථාව මග හැරී ඇති බවය.තමන්ට
යුක්තිය ඉටු වීම පිළිබඳව සතුටු වන ඔහු පොලීස් නිළධාරීන් විෂයෙහි පුහුනුවීම්
අවශ්‍ය කෙරන බවද නීතිය සැමට ඉහළින් පවතින බවද ප්‍රකාශ කර තිබේ
(බීබීසී ලෝක සේවයෙනි )
Comments
Post a Comment