කොස්ගොඩ සුජීව නිදහස් කිරීමට ඇත්තේ තව දින ගණනයි -ඒත් පොලිස්පති නිහඬයි

 



මෙරට ප්‍රසිද්ධ පාතාල ක්‍රියාකාරික් ලෙස  මිනීමැරුම් 15 කට සෘජුව සම්බන්ධවී මෙරටින් ඩුබායි වෙත පලා ගිය ජගමුනි සුජීව සො⁣යිසා හෙවත් කොස්ගොඩ සුජීව නම් අපරාධකරු පසුගියදා අබුඩාබි රාජ්‍යයේ ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගැණිනි.⁣මෙම අපරාධකරුට එරෙහිව මෙරට අධිකරණයේ පවරා ඇති නඩු සංඛ්‍යාව පනහක⁣ට ආසන්න වන අතර අධිකරණය මගින් මොහු අත් අඩංගුවට ගන්නා ලෙසට ජාත්‍යන්තර රතු වරෙන්තු පවා නිකුත් කර තිබේ.


  • කොස්ගොඩ සුජීව අබුඩාබි රාජ්‍ය මගින් අත් අඩංගුවට ගන්නා ලද්දේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් එරටින් පැන යාමට සූදානම් වීමේදීය.මොහු මෙරටින් පලා යන ලද්දේද ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදා ගනිමිනි.එම ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය සකස් කිරීම පිළිබඳ මෙරට පුද්ගලයන් දෙදෙනෙකු අම්බලන්ගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන නඩු පවරන ලදී.

     මෙම නඩුව පසුගියදා බලපිටිය මහාධිකරණයේ විභාගයට ගැණුන අතර විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කෙරිණි.බලපිටිය මහධිකරණ විනිසුරුගේ නිල නිවසේ සාද සඳහා මාළු සපයන්නේ කොස්ගොඩ සුජීවගේ සමීපතමයකු බවට බුද්ධි අංශ  වලට තොරතුරු පවා ලැබී තිබුණ බව අපට අනාවරණය විය.  


    මේ වන විටත් අබුඩාබි රාජ්‍යයේ අත් අඩංගුවේ පසුවන කොස්ගොඩ සුජීව මෙරටට ගෙන එමට හමුදා බුද්ධි අංශ බරපතල උත්සාහයක් ගත් නමුත් නීතිය හා සාමය බාර ඇමති ටිරාන් අලස් හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඒ ගැන කිසිදු උනන්දුවක් දක්වා නැති අතර ඒ පිළිබඳව මෙතෙක් කිසිදු මැදිහත් වීමක් පවා කර නැත.

    නීතිය හා සාමය බාර ඇමති ටිරාන් අලස් හා පොලිස්පති දේශබන්දු අබුඩාබි රාජ්‍යය සමග රාජ්‍ය තන්ත්‍රික මට්ටමෙන් සාකච්ඡා කර කොස්ගොඩ සුජීව මෙරටට ගෙන ඒම සදහා මැදිහත්වීමක් නොකිරීම පිළිබඳව අප විසින් දිගින් දිගටම ප්‍රශ්ණ කරන ලද අතර එයට හේතු සාධක සාක්ෂි ඇතුව දිගින් දිගටම හෙළි කෙරිණි.එහි හොඳම සාක්ෂිය වන්නේ කොස්ගොඩ සුජීව සමග සම්බන්ධකම් පවත්වන මානසික ආබාධිත කපුවකු සමග පොලිස්පති තනතුරට පත් වීමෙන් පසු දේශබන්දු තෙන්නකෝන් සීනිගම දේවාලයට යාමය.කොස්ගොඩ සුජීව සතුව බලපිටිය කොස්ගොඩ අම්බලන්ගොඩ ප්‍රදේශවල පවතින ඉඩ කඩම් හා දේපොල පිළිබඳව පවා අප අනාවරණය කර තිබේ.එහෙත් පොලිස්පති දේශබන්දු ඒවා ගැන සිටියේ නෑසූ නොදුටු ආකාරයටය.

    කොස්ගොඩ සුජීව ඩුබායි රාජ්‍යයේ අත් අඩංගුවෙන් නිදහස් කිරීමට තව ඇත්තේ දින දහයකි.එහෙත් ⁣මෙරට ආරක්ෂක බල ධරයන් ඒ පිළිබඳව සිටින්නේ තිත්ත බෙහෙත් බිවු ගොළුවන් විදියටය.මේ අපරාධකරු ලංකාවට ගෙන ඒමෙන් තමන්ගේ රෙදි ගැලවෙන පොලිස්පති දේශබන්දු ඇතුළු බොහෝ දෙනෙකු දනී.යුක්තියේ මෙහෙයුම නමින් මෙරට ජනතාව මුලා කරන මේ තක්කඩියන් සැබෑ අපරාධකරුවන් සමග එක යහනේ නිදි වදින බවට කොස්ගොඩ සුජීවගේ  සිද්ධිය හොඳම සාක්ෂියකි.    

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්