ආණ්ඩුවේ රෙදි ගැලවෙන ඇමති මනූෂගේ කයිවාරු කෙරුවාව
මේ රටේ සංවර්ධන ව්‍යාපෘති කඩා කප්පල් කරන්නට පිටරටින් සල්ලි අරගෙන කම්හල් වලින් අල්ලස් අරගෙන තමා පහුගිය දවස්වල එක මිටට අර මිටට කියල වියදම් කෙරුවේ යැයි ප්‍රකාශ කරමින් ඇමති මනූෂ නානායක්කාර මැයි රැළියේදී චෝදනා කරන කරන ලද්දේ ජාතික ජන බලවේගයේ නායකයන් හටය.
ඇමති පට්ටම ලබා
ගැනීමට පෙර විපක්ෂයේ සමගි ජන බලවේගයට වී විරව පට්ටම් ගහගෙන කුල්ල කුජීත වී
සිටි මනූෂ නානායක්කාර අද වන විට සුපිරි ධනපතියෙකි.මොහු අමාත්‍ය පදවියක් ලබා
ගැනීම සඳහා දේශපාලන පොර පිටියේ ගැසූ තුරුම්බුව වූයේ පාස්කු දින සිදුවූ
බෝම්බ ප්‍රහාරයයි.එම බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් කොන්දේසි විරහිතව
පෙනී සිටින්නකු ලෙස රඟ පෑ මේ තක්කඩියා තමන්ගේ දේශපාලන වෘත්තිමය වටිනාකම
ඉන් ඉහළ දමා ගත්තේය.මොහුගේ අනෙක් සගයා වූයේ හරීන් ප්‍රනාන්දුය.හරීන්
ප්‍රනාන්දු කතෝලිකයෙකි.නොම්මර එකේ කුඩ්ඩෙකි.මොවුන් දෙදෙනා විපක්ෂය පවා දී
ආණ්ඩුවට පැන ගත්තේ තමන්ගේ ජීවිත ගොඩ දා ගැනීමට මිස වෙන කාරණයකට නොවේ.මනූෂ
නානායක්කාර මේ වන විට උපයා ගෙන ඇති දේපොල ගැන සොයා බලන විට එය තහවුරු කර ගත
හැකිය.මේ වන විටත් තරුණ තරුණියන්ට විදේශීය රැකියා අවස්ථා ලබා දෙන බවට
පොරොන්දු දෙමින් දිස්ත්‍රික්ක මට්ටමින් මනූෂ නානායක්කාර අමාත්‍යවරයාගේ
ප්‍රධානත්වයෙන් ගෙන යන බේගල් වැඩ සටහන ඔහුට හා ඔහුගේ මදාවිකාර හෙංචයියන්ගේ
කල්ල මරේ වැඩසටහනක් වී තිබේ.සැබවින්ම මෙය මහජන මුදල් කාබාසිනියා කරමින්
වටේ යමින් සැප ගන්නා වැඩසටහනකි.ඡන්දය ලබා ගැනීමට අහිංසක තරුණ තරුණියන්
මුලා කරන්නකි.මේ වාහෙලා එම වැඩ සටටහන් වලදී විදේශගත රැකියා අවස්ථා ලබා දීම
සඳහා තරුණ තරුණියන් ගෙන් එකතු කර ගන්නා අයදුම්පත්‍ර සංඛ්‍යාව සංඛ්‍යාත්මකව
ගණනය කෙරුව හොත් මෙපමණ විදේශ රැකියා අවස්ථාවන් පවතීද යන්න පවා සැක
සහිතය.මේ සිඳු කෙරෙන්නේ ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට තරුණ ඡන්ද ලබා
ගැනීමේ බිලි බා ගැනීමක් මිස වෙන යමක් නොවේ.අහිංසක තරුණ තරුණියන් මේ ආකාරයට
මුලා කිරීම ගැන නම් අපට කියන්නට ඇත්තේ මේවා මනූෂ නානායක්කාරගේ අම්මා
අප්පාගේ සොහොන් වලටත් වැදූ දරුවන්ටත් හෙණ ගහන අසික්කිත නොසන්ඩාල වැඩ බවය.
මනූෂ
නානායක්කාර ජනාධිපති මහින්ද රාජපක්ෂ යුගයේ විපක්ෂය නියෝජනය කළ එක්සත්
ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විය.ආර්ථික දරිද්‍රතාවයේ පීඩනයෙන් අසරණව සිටි
මොහු ආණ්ඩුවට බිලි බා ගත්තේ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ සජින් ද
වාස් ගුණවර්දන වේ.සජින් වාස් ගුණවර්ධන යනු සිය දේශපාලන ප්‍රතිවාදියාගේ
දුර්වල නිලය වටහාගෙන ගනුදෙනු දේශපාලනයේ යටිබිම් ගත ගේම් කාරයෙකි.මනූෂ
නානායක්කාර බඩේ බත් නැතුව විඳවන බව වටහා ගත් සජින් ද වාස් ගුණවර්ධන එක්
දිනයක මොහු සිය අම්බලන්ගොඩ නිවසට ගෙන්වා ගත්තේය.එහිදී මනූෂ නානායක්කාර
තමන් විඳවන ජීව්තය ගැන සජින් ද වාස් වෙත හෙළි කෙරුවේය.මේ ගණුදෙනුව සිදුවන
අවස්ථාවේ එහි සිටි එය දුටු සජින්ද වාස් ගේ සමීපතමයන් කිහිප දෙනෙක්ම තවමත්
යහතින් ජීවතුන් අතරය.
ඔව් ,සජින් අයියෙ මට දැන්
එල්ලිල මැරෙන්න හිතිල තියෙන්නෙ.හැම අතින්ම ණය වෙලා ඉන්නෙ.අනේ මට පිස්සු වගේ
යැයි එහිදී මනූෂ හඬමින් පැවසූ ආකාරය ඒ අයවළුන්ට තවමත් මතකය.
සජින්
ද වාස්ට සිය ගේමට ඒ දුක් ගැනවිල්ල හොඳටම ඇතිය.ඒ අවස්ථාවේදීම මනූෂගේ ණය
ගෙවා දැමීමට ලක්ෂ හැටක චෙක් පතක් සජින් ද වාස් විසින් දුන්නේ බය වෙන්න එපා
තව දෙන්නම් යැයි පවසමිනි.ඊට පසු දින මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා එජාපය
හැර දමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෑත ශක්තිමත් කිරීමට ආණ්ඩුවට එක්
වූයේ මහා දේශප්‍රේමියෙකුට ආරූඩ වෙමිනි.
මෙහෙව් ජරා බායියකුගේ හෘද සාක්ෂියට ජාතික ජන බලවේගයේ නායකයන්ගේ සැබෑ කැපවීම දරා ගන්නට නොහැකි වීම සාධාරණය. මොහු තම හෘද සාක්ෂියේ ආතතිය දරා ගන්නට උත්සාහ කරන්නේ ජාතික ජන බලවේගයට අවලාද නගිමිනි.අපහාස කරමිනි.
.
මැයි
රැළියේදී මනූෂ නානායක්කාර ජාතික ජන බලවේගය වෙත කළ චෝදනාව පිළිබදව මේ වන
විට එක්සත් ජාතික පක්ෂයේ රංඟ බණ්ඩාර ,රුවන් විජේවර්ධන යන අයවළුන්ගේ
අප්‍රසාදය පල වී තිබේ.
මේ ගෝතයා කට කයිවාරු
ගහනවා.දැන් මාලිමාවෙ උන් අපට චලෙන්ජ් කරොත් ආණ්ඩු බලය තියෙන හන්ද පොලීසියෙ
පැමිණිලි දාන්ට කියල එහෙමත් නැතිනම් අල්ලස් කොමිෂමට පැමිණිලි කරන්න කියල
අපේ තමයි රෙදි ගැලවෙන්නෙ. මූ ඇමතිකමෙන් හම්බ කරන ගමන් පක්ෂයත් අමාරුවෙ
දානවා යැයි රංගෙ බණ්ඩාර සිය හිතවතුන් වෙත ප්‍රකාශ කර තිබේ.
කෙසේ
වෙතත් මනූෂ නානායක්කාර අමාත්‍යවරයාට අප එක අභියෝගයක් කිරීමට කැමතිය.ඒ මැයි
රැළියේදී ඇමතිවරයා ප්‍රකාශ කළ ආකාරයට ජාතික ජන බලවේගයේ නායකයන් මෙරට
සංවර්ධන ව්‍යාපෘති කඩා කප්පල් කිරීමට විදේශ රටවලින් මුදල් ලබා ගෙන තිබේ නම්
ඒ කවර රටවල් වලින්ද එසේත් නැතිනමි කම්හල් වලින් අල්ලස් ගෙන තිබේනම් ඒ කවර
කම්හල්ද යන්න නම් වශයෙන් හා ගත් මුදල් ප්‍රමාණයන් කොපමණද යන්න වහාම හෙළි
කරන ලෙසටත් ඒ දූෂණ අක්‍රමිකතාවන්ට එරෙහිව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට
මැදිහත් වන ලෙසත්ය.
එසේ නම් ඇමති මනූෂ......එය සිදුකරන්නට සූදානම්ද.......ඒ "මගෙන් පටන් ගමු" අරඹන්නට හොඳම විදියයි
Comments
Post a Comment