අපි අනතුරු අඟවමු -හෙට දවස ඉතා භයානකය

 

 ජාතික ජන බලවේගය සංවිධානය කළ විශ්‍රාමික පොලිස් නිළධාරීන්ගේ සමූුහය පිළිබඳව දේශපාලන දූෂිතයන් බියට පත් වී ඇති බවත් ඒ නිසාම මෙම සංවිධානයට එක්වූ විශ්‍රාමික පොලිස් නිළධාරීන්ට විවිධ ආකාරයේ අඩතේට්ටම් කිරීමේ සූදානමක් ඇති බවත් අප මීට ඉහතදී වාර්තා කෙරුවෙමු.අපගේ ඒ වාර්තා කිරීම සත්‍ය බවට තහවුරු කරමින් එක්සත් ජාතික පක්ෂයේ ලේකම් රංගෙ බණ්ඩාර එජාප රැස්වීමකදී ජාජබයේ  පොලිස් විශ්‍රාමිකයන්ට ප්‍රසිද්ධියේ තර්ජනය කෙරුවේය.

පොලිස් විශ්‍රාමික සමූහයට එක්වූ පොලිස් නිළධාරීන් ගේ පෙර වැරදි සොයා අධිකරණ ක්‍රියා මාර්ග.ගත යුතු බවට ඔහු එහිදී පැවසුවේය.එය එසේ වන්නේ නම් රංගෙ බණ්ඩාර පොලිස් සේවාවේ යෙදී සිටියදී අල්ලස් ලෙස ලබා ගත් සෝපාවක් පිළිබඳව අල්ලස් කොමිෂම සිදු කරන විමර්ශනය නැවත විභාග කළ යුතුය.එම පැමිණිල්ල විමර්ශනය අත් හිටුවන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද යොදවා ගනිමිනි.එපමනක් නොවේ.තමන් විසින් විකුනන ලද නිවසක් අරගලය සිදුවූ මැයි 09 වන ගිණි තබා විනාශ වූ බවට කූඨ ලේඛන ඉදිරිපත් කරමින් රංගෙ බණ්ඩර විසින් වන්දි ලබා ගෙන ඇති බවටද වාර්තා වේ.විශ්‍රාමික පොලිස් නිළධාරීන් ගේ පෙර වැරදි සොයන්නට පාරම් බාන්නේ මෙවැනි දූෂිත පැටිකිරියක් සහිත තක්කඩියෙකි.මේ මෙරට දේශපාලන අපරාධ කරුවන් අතර එකෙක් පමණය.තව බොහෝ දෙනෙකි.ඒ අතර මිනීමරුවන්ද ,පොදු දේපල මංකොල්ල කෑ පෝරිසාදයන්ද සිටී.

අපට වාර්තා වන ආකාරයට ජාජබයේ ⁣පොලිස් විශ්‍රාමික සමූහය සංවිධානය කළ විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න හා විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි සම්බන්ධයෙන් එජාපයේ,සමගි ජන බලවේගයේ හා පොදු ජන පෙරමුණේ පෝරිසාද අපරාධකරුවන් දැඩි භීතියට පත් වී සිටිති.ඒ තම තමන්ගේ පැටිකිරිය හා දූෂිත ක්‍රියාකාර කම් පිළිබඳව මෙම පොලිස් නිළධාරීන් දෙදෙනා ඒටු ⁣ඉසෙඩ් දන්නා බැවිනි.ජාජබය ආණ්ඩු බලය ගත හොත් මෙතෙක් මෙරට සිදුවූ අපරාධ වල සැබෑ තොරතුරු රවි හා ශානි දෙදෙනා ගේ මැදිහත් වීමෙන් සිඳු කරන විමර්ශනයන් තුළින් අනාවරණය විය හැකා බවද මෙම අපරාධකරුවන් දනී.මේ අපරාධ කරුවන් අතර සුදු කරපටි රාජ්‍ය නිළධාරීන්ද අධිකරණ විනිසුරුවරුන්ද  සිටින බව අප අමතක කළ යුතු නැත.

දැන් ජනතාව කියවමින් සිටින්නේ මෙරට දූෂිත  දේශපාලනයේ අවසාන පරිච්ඡේදය බව මෙම අපරාධකරුවන් වටහා ගෙන ඇති බව නම් නිසැකය.

මේ වටහා ගැනීමේ අන්තරායකාරී බව ඇත්තේ ජාජබයේ නායකයන් හ⁣ට නොවේ.ජාජබයේ නායකයන් ගේ ජීවිත වලට ඔවුන් කිසිදු තර්ජනයක් නොවනු ඇති බවට අපට විශ්වාසය.දැන් මේ අපරාධ කරුවන් අත ඇති අවසාන තුරුම්බුව වන්නේ රවි හා ශානි ගේ ජීවිත කෙළවර කිරීමය.එවැනි ඝාතනයක් පිළිබඳව සමාජය එතරම් කම්පනය නොවන බවට එම අපරාධ කරුවන් ගණන් හදාගෙන තිබෙන්නට පුළුවන.ඒ තුළින් යම් කම්පන ධාරාවක් සමාජය තුළින් විහිදී ගියද  එය එතරම් බරපතල විය නොහැකි බවද  මේ මෙලේච්ඡයන් දනී.එම කම්පන ධාරාව දේශපාලනිකව යටපත් කිරීමේ හැකියාවද තවමත් එම අප⁣රාධකරුවන් සතුව පවතී.ඒ රාජ්‍ය බලය ඔවුන් අත ඇති නිසාය.

එබැවින් එළඹෙන හෝරාවේ ජාජබයේ නායකයන්ගේ බරපතල අවධානය යොමු විය යුතු වන්නේ මේ විශ්‍රාමික ඡ්‍යෙෂ්‍ඨ පොලිස් නිළධාරීන් ගේ ජීවිත වල සුරක්ෂිත භාවය තහවුරු කිරීමටය.මේ මෙලේච්ඡ අපරාධකරුවන් ⁣දේශපාලනික ඝාතනයන් පිළිබඳව බොහෝ අත් දැකීම් ඇත්තන් වේ.එය මෙරට දේශපාලනික අපරාධ ඉතිහාසය නැවත සිහිපත් කිරීමෙන් සිතා ගත හැකිය.මෙහිදී රවි හා ශානි හදිසියේ හෝ අසනීපව ⁣රෝහලකින් ප්‍රතිකාර ගනිද්දී පවා ඔවුන්ගේ ජීවිත අවදානමකට ලක් විය හැකිය.එසේත් නැතිනම් වෙනත් හැඩයකින් හෝ  කිසිවෙකුටත් සැකයක් ඇති විය නොහැකි ස්වරූපයකින් මේ අවදානම මුදා හැරෙන්නට ඉඩ තිබේ.

රවි හා ශානි යන ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන්ද තමන් දන්නා දේශපාලනික අපරාධ මතු යම් දවසක අධිකරණ ක්‍රියාමාර්ග වලදී ප්‍රයෝජනයට ගත හැකි ආකාරයෙන් සුරක්ෂිත කිරීම වටී.එය පටිගත කිරීම මගින්ද දිවුරුම් ප්‍රකාශ මගින් සහතික කිරීම තුළින්ද සිදු කළ හැකිය.ජනපතිවරණයට තව ඇත්තේ පෝය තුනක් පමණි.ඒ අතර මැදි කාලය ඉතා බිහිසුණු විය හැකිය.

අපි අනතුරු අඟවා සිටිමු.සුළු හෝ අතපසු වීමකින් මෙරට ජනතාවගේ  අපේක්ෂාවන් බිඳ වැටුනහොත් ශෝක ප්‍රකාශ නිකුත් කිරීමේ කිසිම වටිනාකමක් නැත.ඒ ⁣කණගාටුවීමට පෙර ආරක්ෂා වීම වැදගත්ය.සතුරා ගේ මැදිහත්වීම සිල්ලර ලෙස සිතිය යුතු නොවේ.කම් ඕ ගෝ චිකාගෝ පන්නයේ මෙහෙයුමකට වුවද ඔවුන් ඉදිරියේදී සූදානම් වන්නට පුළුවන.එහිදී වඩාත් ආරක්ෂා විය යුත්තේ හා ආරක්ෂා කර ගත යුත්තේ රවි හා ශානි දෙපල බව ජාජබයේ නායකයන්ට අපි නැවත නැවතත් සිහිපත් කරමු. 

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්