උඹට ඇත්තටම ලැජ්ජ නැද්ද බං ටිරාන්

 


නීතිය හා සාමය බාර ඇමති ටිරාන් අලස් පසුගිය දින වල පුරසාරම් ඇද බෑවේ මෙරට නීතිය කඩන්නන්ට එරෙහිව බරපතල දඬුවම් දෙන බවටය.නීතිය කඩන්නන් දඬුකදේ ගසන බවටය.

මෙහිදී පොලිස් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන චුදිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්ටද මොහු නින්දා අපහාස කෙරුවේය.  මොහුගේ වීරයාට ඇඳිල්ල ජාත්‍යන්තරයේ මානව හිමිකම් සංවිධාන වල අවධානයට පවා යොමු විය.ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයට අභියෝග කර තග දාන්නට හැකි තරමේ උනක් පසුගිය දිනවල අලස්ට වැළදී තිබුණි.

එහෙත් ටිරාන් අලස් ගේ "මම පොර" වෙස් මුහුණ ගැලවී තක්කඩි පෝරිසාද සැබෑ මුහුණ පෙන්වන ප්‍රවෘත්තියක් අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයෙන්
ඇසේ. 

ටිරාන් අලස් යනු තමන් වැදූ අම්මා ජීවතුන් අතර සිටියේ නම් උන්දෑද පිටකොටුව බෝ ගහ යට පිට වුන්ට ආතල් ගන්නට අලෙවි කර මුදල් හොයා ගන්නා ජාතියේ  තක්කඩි බිස්නස් කාරයෙකි. මේ පෝරිසාදයාගේ හිමිකම යටතේ පවතින සමාගම් තුනක් තිබේ.ඇෆෝජි ඉන්ටනැෂනල් ,ඇෆෝජි සික්‍යුරටීස් හා සිලෝන් නිවුස් පේපර්ස් යන සමාගම් තුනය.

එම සමාගම් වල සේවය කර විශ්‍රාම ගිය හා ඉන් ඉවත්වූ සේවකයන් හ⁣ට තමන්ට හිමි සේවක අර්ථසාධක අරමුදල (EPF)හා සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල (,EPF )ආපසු ලබා ගැනීමට යාමේදී තමන් සේවය කළ සමාගම විසින් එම මුදල් මහ බැංකුව වෙත බැර කර නැති බව අනාවරණය වේ.එසේ මහ බැංකුව වෙත බැර කර නැති මුදල රුපියල් 1148 25421.00 කි.(එකොළොස්  කෝටි හතලිස් අට ලක්ෂ විසි පන්දහස් හාරසිය විසි එකක්)

මේ වන විට එම සේවකයන් සාප්පු හා කාර්යාල පනත ,පඩි පාලක පනත උල්ලංඝනය කරමින් වංචා කර ඇති පෝරිසාද ටිරාන් අලස් ගේ සමාගම් වලට එරෙහිව කොළඹ අලුත්ක⁣ඩේ අංක 05 මහේස්ත්‍රාත්,අධිකරණයේ නඩු පවරා තිබේ.කම්කරු කොමසාරිස් කාර්යාලයටද පැමිණිලි කර ඇත.එහෙත්
මෙම නඩු වලට පෝරිසාද අලස් ගේ සමාගම්වල අධ්‍යක්ෂවරුන් ⁣නොපැමිණීම නිසා විවෘත වරෙන්තු 21 ක් අධිකරණය මගින් මේ වන විට නිකුත් කර තිබේ.සිය හාම්පුතාගේ බල පුළුවන්කාර කම නිසා මේ අධ්‍යක්ෂවරුන් අධිකරණයට නොපැමිණෙන බව අමුතුවෙන් සඳහන් කරන්නට ඕනෑ නැත.

සේවක අර්ථ සාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල යාවත්කාලීන වන්නේ යම් සමාගමක සේවකයන්ගේ වැටුපෙන් අඩු කරගන්නා යම් මුදල් ප්‍රමාණයක් සමග අදාල සමාගම වෙතින් එම සේවකයන් වෙනුවෙන් බැර කරන මුදලිනි.

අළුගුත්තේරු පෝරිසාද ටිරාන් ගේ සමාගම් වෙතින් මේ සේවකයන් ගේ  අදාල අරමුදල් සදහා තඹ⁣ දොයිතුවක මුදලක් බැර කර නැති අතර මෙහි විලි ලැජ්ජා නැති සිද්ධිය වන්නේ එම අරමුදල් සඳහා සේවකයන්ගේ මාසික වැටුපෙන් අඩු කරගත් මුදල්  පවා වංචා කර තිබීමය. 

යුක්තියේ මෙහෙයුමේ නිරත පොලිස්පතියා මදාවියන් හොරුන් කුඩු ජාවරමුන් අල්ලන්නට පොලිස් කාරයන් මදිවී ඒ මෙහෙයුමට පොලිස් බල්ලන්ද යොදා ගෙන සිටී.ඒ බල්ලන් පවා අල්ලන්නේ මැති ඇමතිකම් නැති එවුන් පමණකි.  ඒත් දැන් පොලිස් බල්ලන්ගේ මහා එකා නොම්මර එකේ වංචා කාරයෙක් බව හෙළිවී තිබේ.මේ නිසා බල්ලනි බලුකම හරියට කරපියව් කියන්නට අපට සිඳුවේ.

හීන් සීරුවේ උපාසක ලීලාවෙන් මහජන රැස්වීම් වල මහප්‍රාණ කයිවාරු අත හරින ටිරාන් අලස් ගෙන් අපට අහන්නට තියෙන්නේ අහිංසක සේවකයන් ගේ දාදිය මහන්සියෙන් උපයා ගත් වැ
ටුප පාහර නොසන්ඩාල විදියට වංචා කිරීම සාධාරණද නැද්ද යන ප්‍රශ්ණයයි.

පිටිසර ගම් වල මේ ආකාරයට වංචා කරන පාහරයන්ට ගමෙි ඇත්තන් විසින් "අපි හම්බකරගත් තුට්ටුව හොරකම් කළ තොට ලේ බඩ යන්නෝන" කියා සාප කරන සිරිතක් තිබේ.අහිංසකයන්ගේ රීරි මාංශය උරා බිව් ටිරාන් අලස් පෝරිසාදයාටත්  ලේ බඩ යන දවසක් නම්  උදා වෙන බව නිසැකය.
ඒ මේ සේවකයන්ගේ දරු පවුල් වල සාපයෙනි.




Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්