එමිල් කාන්තන් ලංකාවට ඇවිල්ලා
එල්ටීටී ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය විසින් රතු වරෙන්තු නිකුත් කරන ලද එල්ටීටී සංවිධානයේ මුල්‍ය අංශයේ නායකයා ලෙස කටයුතු කරන ලද නික්ලාපිල්ලේ
ඇන්තනී
එමිල් ලක්ෂ්මී කාන්තන් නොහොත් එමිල් කාන්තන් ලංකාවට පැමිණ සිටින බවට
වාර්තා වේ.මොහු එල්ටීටී සමයේ සිදුවූ අපරාධ වලට හා වංචා සහගත මුල්‍ය ගණුදෙනු
වලට සමිබන්ධ බවට චෝදනා ලැබූ ත්‍රස්ත ක්‍රියාකාරිකයෙකි.
එමිල්
කාන්තන් මේ වන විට නීතිය හා සාමය බාර අමාත්‍ය ටිරාන් අලස්ගේ රැකවරණය යටතේ
රනිල් වික්‍රමසිංහගේ ජනපතිවරණ ඡන්ද ව්‍යාපාරයට ආධාර කරමින් සිටින බවට යුද
හමුදා බුද්ධි සේවාව වාර්තා කර තිබේ.
මෙරට සිදු
කරන ලද ත්‍රස්තවාදී අපරාධ ක්‍රියා වලට සම්බන්ධවීම හේතුවෙන් 2014 මාර්තු 21
වන දින සිට ගැසට් අංක 1854/41 යටතේ අසාදු ලේඛනගත කර සිටි එමිල් කාන්තන් ගේ
නම එම ලේඛනයෙන් ඉවත් කිරීමට 2023 ඔක්තෝම්බර් මස 23 රජය ගැසට් පත්‍රයක්
නිකුත් කරන ලද අතර එහි අත්සන් කර තිබුණේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල්
ගුණරත්නය.
කළුතර බන්ධනාගාර පරිශ්‍රය තුළදී
ඇමති ඩග්ලස් දේවානන්දට පහරදී මරා දැමීමට තැත් කරන ලදැයි එමිල් කාන්තන් ඇතුළු පිරිසකට නඩු පවරා තිබූ අතර මේ පිරිස 2017 ඔක්තෝම්බර්
30වන
දින කොළඹ මහාධිකරණය විසින් නිදහස් කෙරිණි.වර්තමානයේ නීතිය හා සාමය අමාත්‍ය
ටිරාන් අලස් සමග සිඳු කළ රාඩා ගණුදෙනුව සම්බන්ධයෙන්ද එමිල් කාන්තන් හට නඩු
පැවරුන අතර එම නඩුව පවත්වාගෙන නොයාමට නීතිපතිවරයා කටයුතු කළ නිසා ඔහු එම
නඩුවෙන් නිදහස් විය.
මෙරට ආණ්ඩු ක්‍රම
ව්‍යවස්ථාවට එරෙහිව කටයුතු කරමින් අපරාධ සිදු කළ එල්ටීටී සංවිධානයේ ප්‍රබල
නායකයකු වූ එමිල් කාන්තන් මෙරට නීතිය හා සාමය බාර ඇමතිවරයාගේ ආරක්ෂාව හා
රැකවරණය යටතේ සිටිමින් දේශපාලන ක්‍රියාකාරකම් වල නිරත වීම පිළිබඳව බරපතල
සැකයක් මතු වී තිබේ.මහින්ද රාජපක්ෂ පළමුවරට ජනපතිවරණය තරග කරන අවස්ථාවේ
බැසිල් රාජපක්ෂ සමග මුදල් ගණුදෙනුවක නිරත වී මහින්ද රාජපක්ෂට වාසි සහගත
අකාරයට උතුරු නැගෙනහිර ඡන්ද හසුරවන ලද්දේ එමිල් කාන්තන්ය.එම කඩාකප්පල්
කාරී මෙහෙයුමේ සම්බන්ධීකාරකයා ලෙස එමිල් කාන්තන් සමග.කටයුතු කරන ලද්දේ
ටිරාන් අලස් ඇමතිවරයාය.මෙරට ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට චෝදනා ලද
රාජද්‍රෝහීන් දෙදෙනෙකු නැවත එක්වීම හොඳකට නොවන බව ජනතාව බරපතල ලෙස අවධානයට
ගත යුතු කාරණයකි.
Comments
Post a Comment