රනිල්ට හොඳටම පිස්සු

 


ජනපති රනිල් වික්‍රමසිංහට ඒකාධිපති වියරුව උත්සන්න වී ඇති බව අද (18) පාර්ලිමේන්තුවේ ඔහු විසින් සිඳු කරන ලද කතාවකින් තහවුරු වී තිබේ.
අද දින පාර්ලිමේන්තු සභා වාරයට රැස් වූ ජනපතිවරයා වියරුවෙන් මෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කුණු බක්කියට විසි කර දැමිය යුතුය යන්න ප්‍රකාශ වන ආකාරයට අදහස් ප්‍රකාශ කර ඇති බවද සඳහන් වේ.ස්ත්‍රී පුරුෂ සමාන⁣ත්මතාව සහ කාන්තාවන් සවි ගැන්වීම පිළිබඳ
පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති බහුතරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබූ තීන්දුවක් පිළිබඳව ඉතා දැඩි ලෙස හා විවේචනාත්මකව ⁣පාර්ලිමේන්තුවේ අදහස් දක්වා ඇති ජනපතිවරයා ⁣ශ්‍රේෂ්ඨාධිකරණය මිනී මස් කෑමේ සංස්කෘතියක් මෙරට ස්ථාපිත කරමින් සිටින බවත් ශ්‍රේෂ්ඨාකරණය පාලි ආගමික පාඨ නොදන්නා නිසා ආගම ඉගෙන ගත යුතු බවත් සඳහන් කර ඇති බව වාර්තා වේ.එසේම ඔහු එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු නොසලකා කටයුතු කළ යුතු බවය.මෙලෙස ජනපතිවරයාගේ උදහසට ලක් වී ඇති ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති තීන්දුව ප්‍රතික්ශේප කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කිරීමටද  ඔහු විසින් පාර්ලිමේන්තුවට යෝජනා කරන ලදී.

ජනපතිවරයාට වැළඳී ඇති ඒකාධිපති වියරුවට යටත්වී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ශේප කිරීමේ සම්ප්‍රදායක් මෙරට ඇති වුව හොත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන ව්‍යවස්ථා විරෝධී අණ පනත් වලට එරෙහිව ජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට ඇති අයිතිය ඉතා බරපතල ලෙස  උල්ලංඝනය වීම නිසැකය.මෙහිදී සළකා බැලිය යුතු විශේෂ කාරණය වන්නේ ජනපතිවරයා පාර්ලිමේන්තු සාමාජිකයකු නොවන බවය.ඔහු පාර්ලිමේන්තුවට පැමිණීම කළ යුත්තේ විධායකයේ  කටයුතු පිළිබඳව ව්‍යවස්ථාදායකය දැනුවත් කිරීම සඳහාය.එහෙත් ජනපතිවරයා දැන් ක්‍රියා කරන්නේ තමන් ව්‍යවස්ථාදායකයේ සාමාජිකයෙක් ලෙස සිතාගෙන බව පෙනී යයි.

මේ වන විටත් පාර්ලිමේන්තුව ජනපතිවරයාගේ අධිකාරිවාදී බලපෑම් මත මෙරට නීති පද්ධතියේ වගන්ති 120 කට ආසන්න සංඛ්‍යාවක් සංශෝධනය කර ඇති බව දැන ගැන්මට තිබේ.එහිදී පලාත් පාලන මැතිවරණය පවා කල් දැමීම⁣ට කටයුතු කරන ලදී. 


  •  or 

  •  

    Comments

    Popular posts from this blog

    සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

    වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

    ඇත්තටම ඌ අපේ එකෙක්