කැත අසික්කිත හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුගේ ගඳ ගහන පැටිකිරිය මෙන්න

 

 

පසුගියදා ජාතික ජන බලවේගය මගින් සංවිධානය කරන ලද පොලිස් විශ්‍රාමික සමූහය පිළිබඳව පොලීසියේ සේවය කර විශ්‍රාම ගොස් සිටින තවත් ජරා බායියන් පිරිසකට ඩෝං ගොස් තිබේ.මේ ජරා බායියන් ගේ ⁣පෞද්ගලික ලිපි ගොනුවල සඳහන් දෑ හා මේ බායියන් පොලිස් සේවාවේ සිටියදී කළ කී නොසන්ඩාල කෙරුවාව අප නොලියා සිටියත් මහනුවර අස්ගිරිය පොලිස් සුනඛ දෙපාර්තමේන්තුවේ බල්ලන් පවා දනී.⁣ජාජබයේ ⁣විශ්‍රාමික පොලිස් සමූහයට එරෙහිව මේ විශ්‍රාමික ජරා බායි රැළ කැඳවා තිබුණේ හිටපු පොලිස්පති වරයෙකි.ඒ චන්ද්‍රා ප්‍රනාන්දුය.මෙරට පොලිස් සේවාවේ සිටි නොම්මර එකේඅලුගුත්තේරුවෙකි.කපටියකි.අන්ඩපාලයෙකි.පොලීසියේ නිල ඇඳුම පිටින් රාජපක්ෂ වලව්වේ වැසිකිලි සේදූ අන්ත දූෂිතයෙකි.මේ වන විටත් මේ සත්වයා සිදු කරමින් ඉන්නේද එම රාජකාරියයි.


  • චන්ද්‍රා ප්‍රනාන්දු පොලිස් පති ධුරයට පත් වූයේද යටි කූට්ටු ගේමකිනි.ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිවරියගේ කාලයේදීය.ඒ වන විට ⁣පොලිස්පතිවරයා වූ ආනන්ද රාජා පොලිස් සේවාව තුළ ගෞරවණීය නමක් හිමි කරගෙන සාටි නිළධාරියෙකි.ඔහගෙන් පසුව ඡ්‍යෙෂ්ඨතාව අනුව පොලිස්පති ධුරය සදහා ලේඛන ගතව සිටියේ චන්ද්‍ර ප්‍රනාන්දුය.ආනන්දරාජා පොලිස්පති ධුරයෙන් විශ්‍රාම යන තුරු බලා සිටීම තමාට පොලිස්පති ධුරයට පත් වීමේ ඉඩ කඩ සීමා විය හැකි බව මොහුට වැටහී තිබුණි.පොලීසියේ අන්ත දූෂිතයන්ගේ කල්ලියක ප්‍රධානියකු වූ චන්ද්‍රා ප්‍රනාන්දු 
    ඒ දින වල ප්‍රසිද්ධ හෙරොයින් ජාවාරම්කාරයකු කුඩු ඩේලු සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය අයෙකි.මේ කුඩු ඩේලු කොළඹ ප්‍රභූ වරයින් ජීවත්වන ප්‍රදේශයක ඉඳි කළ සුවිසල් මන්දිරයක ජීවත් විය.ඔහුගේ එම නිවසේ තිබූ උපන්දින පාටියකට තම අඹ යාළු ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුටද ආරාධනා කෙරිණි.ආරාධනාව ප්‍රතික්ෂේප කරන්නට නොහැකි නිසා චන්ද්‍රා ප්‍රනාන්දු පොලිස්පති ආනන්ද රාජාටද එම උපන්දින පිටියට ආරාධනා කෙරුවේය. ඒ කුඩු ජාවාරම්කාරයකුගේ නිවසේ පාටියකට තමන් සහභාගි වූයේ යැයි එල්ල  විය හැකි චෝදනා වලින් නිදහස්වීමේ ඉදිරි සැලසුමක් සිතා ගෙනය.මෙම උපන්දින පාටියේදී පොලිස්පති ආනන්ද රාජා කුඩු ඩේලු සමග එකට එක්ව සිටින ඡායාරූප කිහිපයක් ගැනීමට චන්ද්‍රා ප්‍රනාන්දුට හැකිවිය.ඊට පසු දින මොහු කල්පනා කෙරුවේ මෙම ඡායාරූප කිහිපයෙන් තමන්ට ගොඩ යා හැකි බවය.
    පොලිස්පති ආනන්දරාජා හා ඩේලු එක්ව සිටින ඡායාරූප  සිය හිතවත් මාධ්‍යවේදීන් කිහිප දෙනකු වෙත යවා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිවරිය අතට පත් කරවීමට චන්ද්‍රා  ප්‍රනාන්දුට හැකි විය.සියල්ල අවසාන වූයේ ආනක්ද රාජා පොලිස්පති ධූරයෙන් ඉල්ලා අස්වී චන්ද්‍රා ප්‍රනාන්දුට පොලිස්පති ධුරය හිමිවීමය.

    එහෙත් පොලිස් පරීක්ෂක වරුන්ගේ සංඟමය විසින් චෝදනා පහක් සඳහන් කරමින් චන්ද්‍රා ප්‍රනාන්දු පොලිස්පති ධුරයට පත් නොකරන ලෙසට ජනපතිවරිය වෙත ලිපියක්  ඉදිරිපත් කෙරිණි

    එම ලිපිය ඉදිරිපත් කළ දිනය වූයේ 2004 අගොස්තු 31 වනදාය.

    එම ලිපියේ පළමු චෝදනාව ලෙස සඳහන් වූයේ චන්ද්‍රා ප්‍රනාන්දු සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස සේවය බැඳී වැටුප් රහිත නිවාඩු ගෙන වසර හතරකට කාලයකට ජපානයට ගොස්  වසර පහක කාලයක් අනීතිකව එහි රැඳී සිට නැවත ලංකාවට පැමිණ පොලිස් සේවාවට එක්ව වංචනික ආකාරයෙන් ඊළඟ ශ්‍රේණියට උසස්වීමක් ගෙන වැටුප් රහිත නිවාඩු ගෙන තිබූ කාලයට හිඟ වැටුප් ලබා ගත් බවය.

    ඊළග චෝදනාව යාපනය පොලිස් අධිකාරීවරයා ලෙස මොහු සේවයේ නිරතව සිටියදී සිඳු කළ රාජ්‍ය දේපොල සංවිධානාත්මකව මංකොල්ල කෑමක් පිළිබඳවය.දිනය 1985 මැයි 15 වන දා වේ.යාපනය අධිකරණයේ නඩු භාණ්ඩ වශ⁣යෙන් තිබූ රන් භාණ්ඩ තොගයක් ආරක්ෂාව සදහා  යාපනය පොලීසියේ සේප්පුවක රඳවා තිබුණි.ඉහත සඳහන් දින සිය රියදුරු වන රාජරත්නම් සමග යාපනය පොලීසිය⁣ට පැමිණි පොලිස් අධිකාරී චන්ද්‍ර ප්‍රනාන්දු පොලිස් රියදුරු රාජරත්න ලවා පොරොවකින් ගසා සේප්පුව කඩා එහි තිබූ රන් බඩු සියල්ල පැහැර ගෙන ගොස් තිබේ.පසුව පොලිස් රියදුරු  රාජරත්න අභිරහස් ආකාරයට ඝාතනය කිරීමටද චන්ද්‍ර ප්‍රනාන්දු කටයුතු කරන ලද බවද එම පැමිණිල්ලේ සඳහන් වී තිබුණි.
    රාජරත්නම්ගේ ඝාතනය සම්බන්ධයෙන් සෙවීමට සහකාර පොලිස් අධිකාරී එච්.එස් ජයසූරිය පත් කරන ලද නමුත් ඔහු හා චන්ද්‍රා ප්‍රනාන්දු අතර පැවැති මිත්‍ර සම්බන්ධතා ව මත එම පරීක්ෂණය යටපත් වී ඇත.

    මී⁣ට අමතරව එම පැමිණිල්ලේ සඳහන් කර තිබුණේ චන්ද්‍රා   ප්‍රනාන්දු පොලිස් අභ්‍යාස විද්‍යාලය බාර නියෝජ්‍ය පොලිස්පති වරයා ලෙස පොලිස් නිළධාරීන්ගේ උසස්වීම් ලබා දීම සදහා පැවැත්වූ තරග විභාග වලදී අක්‍රමවත්ව හා විනිවිද භාවයකින් තොරව පැවැත්වීම නිසා සුදුසුකම් සපුරා තිබූ  නිළධාරීන් පිරිසකට උසස්වීම් අහිමි වූ බවට කෙරුණු චෝදනාවකි.

    එමෙන්ම චන්ද්‍රා ප්‍රනාන්දු උසස් පොලිස්  අභ්‍යාස ආයතනය තුළ රාජකාරියේ නිරතව සිටියදී සිය අනියම් බිරිය ලෙස තබා ගන්නා ලද පොලිස් කාන්තාවක සුදුසුකම් සපුරා නොමැතිව උපපොලිස් පරීක්ෂක වරියක ලෙස පත් කිරීමට කටයතු කළ බවට චෝදනාවක්ද ඉන් ඉදිරිපත් වී තිබුණි.

    පොලිස් පරීක්ෂකවරුන් ගේ සංඟමය චන්ද්‍රා ප්‍රනාන්දුට එරෙහිව සිදු කළ චෝදනා නොසළකා පොලිස්පති ධුරයට පත් කරන ලදී

    පොලිස්පති වීමෙන් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිවරියට එරෙහිව මහින්ද රාජපක්ෂට කේලාම් කීම චන්ද්‍රා ප්‍රනාන්දුගේ පුරුද්ද විය.පොලිස් බුද්ධි සේවාවේ තොරතුරු සියල්ල  මහින්ද රාජපක්ෂ වෙත ලබා දීම චන්ද්‍රා ප්‍රනාන්දු විසින්  සිදු කෙරුණි.

    අයි.පී ඩග්ලස් නිමල් ඝාතනය වූයේද චන්ද්‍රා ප්‍රනාන්දු පොලිස්පති වරයා ලෙස සේවයේ නිරතව සිටියදීය.එම ඝාතනය සඳහාද පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු සෘජුවම සම්බන්ධය.

    අයිපී ඩග්ලස් නිමල් යනු පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළ කිව්ව නාහන පොලිස් නිළධාරියෙකි.ඔහු සෑම අවස්ථාවකදීම නීතියට ගරු⁣ කෙරුවේය.
    විශේෂ කාර්ය බලකායේ සිට සාමාන්‍ය පොලිස් සේවාවට අනුයුක්ත වූ ⁣අයි පී ඩග්ලස් නිමල් දෙමටගොඩ රාජකාරි කරන විට කිඹුල ඇලේ ගුණාගේ මස්සිනා හා තවත් අයෙකු අත් අඩංගුවට ගන්නා ලද්දේ හොරොයින් ජාවාරම්වලට සම්බන්ධවය.අත් අඩංගුවට ගත් මේ සැකකරුවන් දෙදෙනා පොලිස් පති චන්ද්‍රා ප්‍රනාන්දු හා කිඹුලඇලේ ගුණා සමග පවතින සහ සම්බන්ධය අයිපී ඩග්ලස් නිමල් වෙත හෙළි කරන ලදී.මොවුන් සිදු කරන ප්‍රකාශ පිළිබඳව අයිපී ඩග්ලස් නිමල් විසින් එවකට බස්නාහිර පලාතේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර වෙත හෙළි කෙරිණි.පූජිත ජයසුන්දර වහා මේ බව පොලිස්පතිවරයා දැනුවත් කළ අතර එම සැකකරුවන් තමන් වෙත බාර දෙන ලෙසට පොලිස්පති විසින් පූජිත ජයසුන්දර වෙත උපදෙස් දෙන ලදී.එහිදී අයිපී ඩග්ලස් නිමල්ද නිකම් හි⁣ටියේ නැත.⁣ඔහු මේ සියල්ල තොරතුරු පොතෙහි සටහන් කර සැකකරුවන් දෙදෙනා පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු වෙත යැවීය.ඊට ⁣දින දෙකකට පසුව මේ සැකකරුවනඅබිරහස් ලෙස ඝාතනය කර පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේදී හමුවිය.පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුගේ උපදෙස් පරිදි මේ මිනිස්  ඝාතනය සිදු කරන ලද්දේ සහකාර පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි විසින් බව අනාවරණය වී තිබේ.

    මේ සිදුවීම් මාලාවේ අ⁣වසානය වූයේ අයිපී ඩගලස් නිමල් හා ඔහුගේ බිරිඳ ඝාතනය වීමයි.ඒ සඳහා පාතාල ඝාතකයන්ට කොන්ත්‍රාතුව ලබා දී තිබුණේ එවකට සහකාර පොලිස් අධිකාරිි සරත් ලූගොඩය.      

    එක් අවස්ථාවක පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා⁣ට යොමු කළ ප්‍රශ්ණ කිහිපයකදී චන්ද්‍රා ප්‍රනාන්දු ගැන සඳහන් කර තිබුණේ මහින්ද රාජපක්ෂගේ උතුරු නැගෙන හිර ඡන්ද සංවිධානය කිරීමේ කළමණාකරු ලෙසටය.ඒ සඳහන  හැන්සාඩ් ගතව තිබේ.

    චන්ද්‍රා ප්‍රනාන්දු පොලිස් කොමිසමේ සභාපති වරයා ලෙස පත් වීමෙන් පසුව
    ඔහු ගේ අන්ත දූෂිත රාජකාරියට එරෙහිව කොමිසමෙි අනෙකත් අධ්‍යක්ෂ වරුන් ඉල්ලා අස්වූ බවටද ඒ දිනවල වාර්තා විය.ස්වාධීන කොමිසමක් වූ පොලිස් කොමිසමේ සභාපතිවරයා ලෙස චන්ද්‍රා ප්‍රනාන්දු කටයුතු කරමින් සිටියදී මෙරටට පැමිණි බැසිල් රාජපක්ෂ පිළිගැනීමට කටුනායක ගුවන්තොටුපොළ වෙත යාම ඒ දින වල මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් විය.
    බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරන විට ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ මේ චන්ද්‍රා ප්‍රනාන්දු දේශපාලඥයන් අතර ප්‍රසිද්ධ වූයේ බැසිල් රාජපක්ෂගේ ලිපි ගොනු උස්සාගෙන යන මෙහෙකරු ලෙසය.

    ජාජබයේ පොලිස් විශ්‍රාමික සමූහයට එරෙහිව චෝදනා ඉදිරිපත් කරමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූයේ පොලිස් සේවාව තුළ සිටි මෙවැනි අපකීර්ති සහගත නොසන්ඩාල කැතම කැත ජරා බායියකි.ඔහු සමග නිදි වැදීමට එක්ව සිටි අනෙක් බායියන් ගේ පැටිකිරිය ගැනද අපි හෙට අනිද්දා හෙළි කරමු.ඒ විස්තර උන්ගේ අඹු දරුවන්ට පාරේ බැහලා යන් බැරි තරම නින්දා සහගත වනු ඇත්තේය.එහෙත් කුම්බලා මාලු කෑවා නම් විඳවාපන් බළලෝ යැයි කියන්නට අපට සිදු වී තිබේ.
     
      


Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්