පොලීසියේ දේශබන්දුට හා සන්නස්ගලට මාතර මහාධිකරණය අච්චු කරයි

 


ඔහු ඇතුළු අනෙක් විත්තිකරුවන් දෙදෙනාද මාතර මහාධිකරණ විනිසුරු චාමර තෙන්නකෝන් පසුගියදා (24)දින දුන් නඩු තීන්දුවෙන් පසුව විලාප නඟා හඬන්නට විය.

මෙලෙස විලාප නගා හඬා වැලපුන ඔහු වර්තමානයේ කොස්ගොඩ පොලීසියේ 
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇලබොඩආරච්චිගේ සිරිනිමල් ප්‍රභාත් දේශබන්දුය.ඔහු සමග හඬා වැලපුන අනෙක් දෙදෙනා වූයේ වැල්ලවත්ත පොලීසියේ උප පොලිස් පරීක්ෂක සන්නස්ගල මුදියන්සේලාගේ ප්‍රසන්නජිත් සන්නස්ගල හා දැනට වැඩ තහනමකට ලක්ව සිටින පොලිස් සැරයන් සරත් කුලතුංගය.

 මොවුන්ට එරෙහිව චෝදනාව වූයේ මොවුන්  තිස්සමහාරාම පොලීසියේ සේවය කරන අවධියේ එම පොලිස් බල ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක හිමිකරු වූ උදය ශාන්ත දිසානායක හා එහි සේවකයන් වන ගාමන්ත ,අජන්ත, රුවන් සහ  එවකට විශ්ව විද්‍යල සිසුවකු වූ සුජීව දිසානායක නම් අයවළුන් පැහැර ගෙන ගොස් වද හිංසා කර කෘරත්වයට පත් කිරීමේ චෝදනාවය.
මීට අවුරුදු 19 කට පෙර මේ සිදුවීමට  මුහුණ දුන් පැමිණිලිකාර පාර්ශවය විසින් මීට ඉහතදී මෙම පොලිස් නිළධාරීන් ගේ අගතිගාමී රාජකාරිය නිසා ⁣ තමන්ගේ මානව අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා තිබූ අතර එම නඩුවේ තීන්දුව ප්‍රකාරව පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මගින් සිදු කළ විමර්ශනයකින් අනතුරුව නීතිපතිවරයා විසින් විත්තිකාර පොලිස් නිළධාරීන්ට එරෙහිව මාතර මහාධිකරණයේ මෙම නඩු පැවරීම සිදු කර තිබූණි.

පැමිණිලිකාර පාර්ශවයට එරෙහිව ගිණි අවි හා බෝම්බ ළඟ තබා ගත් බව⁣ට චෝදනා කරමින් මෙම  පොලිස් නිළධාරීන්  විසින් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයේ පවරන ලද නඩුව මේ වන විටත් විභාග වෙමින් පවතී.

විත්තිකාර පොලිස් කරුවන්ට  මාතර මහාධිකරණයෙන් දඬුවම් හිමි වූ  විට ඔවුන් විලාප තැබූ අසරණකම ගැන දුටු අපට සිතුනේ සාමාන්‍ය ජනතාවට පකුම් පාට් දාන බොහෝ පොලිස් කාරයන්ට මේ අච්චුව මතක හිටින පාඩමක් බවය.
තරු තුනක් ඇඳ සිටි පොලිස් ලොක්කා පොලීසියේ සේවය කරන විට ලඟින් සිටි යාළු මාළු⁣වන් ඔහු හිර ජම්පරය අඳින විට වැලිකඩ පැත්ත පලාතේ යන එකක් නැත.ඔහු ගේ දුක සැප බලන්නට වැලිකඩ ගේට්ටුව ලඟ තපිනු ඇත්තේ අඹුව හා දරුවන් පමනක් වනු ඇත.දැනටත් වැලිකඩ එච් වොර්ඩ් එකේ ජම්පරය ඇඳගෙන හිටපු ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගනේන්ද්‍ර වාස් ගුණවර්ධන හොටු කඳුළු පෙරා සිටී.
ගනේන්ද්‍ර වාස් පොලීසියේ සේවය කරන විට රෙදි නැතුව කඩේ ගියේ එවකට බලයේ සිටි රාජපක්ෂවරුන්ටය.එහෙත්  රාජපක්ෂවරුන්ට අද වන විට මෙවැනි පොලිස් කාරයකු තමන්ට බැලමෙහෙවරකම් කළ බවක් වත් මතක නැත.

එසේම පොලීසියේ නිල බලය යොදා ගනිමින් පාහර නොසන්ඩාල වැඩ කළ හා දේශපාලන වුමනාවන් වෙනුවෙන් මිනීමැරූ පොලිස් බල්ලන් ගණනාවකටම තව ටික දවසකින්  වැලිකඩ ජම්පර සූදානම් බවද මෙහිදී සිහිපත් කරනු වටී.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්