ආණ්ඩුවට කඩේ යන පොලිස් ඕඅයිසීලා පත් කර ගැනීමේ රහස් සැළසුමක් හෙළිවේ
මෙරට පැවැත්වෙන කවර හෝ ඉදිරි මැතිවරණයකට පෙර පොලිස් ස්ථානවලට ආණ්ඩුවේ දේශපාලනයට බැළ මෙහෙවරකම් කරන පොළිස් නිළධාරීන් තෝරාගෙන ඔවුන් නව පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස පත් කිරීමේ රහස් සැළසුමක් පිළිබඳව තොරතුරු අනාවරණය වේ.මෙම පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ පත් කිරීම සෘජුවම දේශපාලන සම්බන්ධතා මත සිදු කරන්නක් බවද දැන ගැන්මට තිබේ.
මෙලෙස මෙරට පොලිස්
ස්ථාන 250 ක පොලිස් ස්ථානාධිපතිවරුන් හදිසියේ පත් කිරිමට නියමිත අතර එම
පත්කිරීම් සඳහා ආණ්ඩුවට දැනට පක්ෂපාතිත්වය දක්වන ප්‍රාදේශීය සභා
සභාපතිවරුන්ගේ හෝ එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ නිර්දේශයන්
අනිවාර්යෙන්ම ලබා ගන්නා ලෙසද නීතිය හා සාමය බාර ඇමතිවරයා පොලිස්පති
දේශබන්දු තෙන්නකෝන් දැනුවත් කරන ලද බවද පොලීසියෙන් ලැබුණ තොරතුරු වලින් දැන
ගැන්මට තිබේ. දැනට ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ නිර්දේශ මත පොලිස්
ස්ථානාධිපතිවරුන් ලෙස පත්වීම් ලැබූ පොලිස් නිළධාරීන් ගේ වෙනසක් මෙහිදී සිදු
නොකරන බවද පැවසේ.
Comments
Post a Comment