එළඹ ඇත්තේ ඔබගේ වාරයයි

 


අනුර කුමාර දිසානායක සහෝදරයා යනු ජාතික ජන බලවේගයේ නායකයාය.ඔහු ජනතා විමුක්ති පෙරමුණේද නායකයාද වේ.ජාතික ජන බලවේගයේ නායකයා ලෙස ඔහු බෞතිස්ම වුවද ජාජබය යනු  බොහෝ හැකියාවන් ඇති නිර්මාණශීලී බුද්ධිමත් උගත් මිනිසුන්ගේ එකමුතුවකි.


එය මෙරට වෙනත් දේශපාලන පක්ෂ වලට වඩා නිර්මාණශීලී හා මානුෂීය අධ්‍යාත්මයක් මත චලනය වන පක්ෂයකි.අන් දේශපාලන පක්ෂ වල සර්ව බලධාරී නායකයා පක්ෂයේ නායකයාය.එසේත් නැතහොත් පක්ෂය යනු නායකයාය.එහෙත් ජාතික ජන බලවේගයේ නායකයා හැසිරෙන්නේ,හා තමන් නායකත්වය දරන පක්ෂය මෙහෙයවන්නේ එහි මධ්‍යම කාරක සභාවේ ප්‍රජාතන්ත්‍රිකව සිඳු කෙරෙන යෝජනා සංකල්ප හා මති මතාන්තර පිළිබඳව සංවාද කර න්‍යායාත්මකවත් විද්‍යාත්මකවත් එළඹෙන පොදු,මතයට එකඟවය.

ජාතික ජන බලවේගයේ හැසිරීම කවර ආකරයේ හැඩයක පවතින්නේද යන්න ගැන පිටතින් සිට විග්‍රහයකට එළඹීම අපහසුය.විශේෂයෙන් මෙරට පොදු ජනතාව අත් විඳ ඇති සම්ප්‍රදායික දේශපාලන පක්ෂවල අධිකාරිත්වය නිසාම ජාතික ජන බලවේගයේ දේශපාලන චලනය ගැන පැහැදිලි අවබෝධයක් සමාජයට නැත.

එහෙත් මෙහිදී ජාතික ජන බලවේගය පිළිබඳව ඔබ විශේෂයෙන් කල්පනා කළ යුතු යම් වටිනාකමක් තිබේ.ඒ එහි නායක⁣යා වන අනුර කුමාර දිසානායක සහෝදරයා ගැනය.අනුර ඉපදී ඇත්තේ,හා හැදී වැඩුනේ ආර්ථික දරිද්‍රතාවයෙන් පීඩා විඳි නිවසකය. මූලික අධ්‍යාපනය හැදෑරුවේද පිටිසර ගමක පාසලකය.ජීවිතයේ බොහෝ දුෂ්කර අභ්‍යාසයන් අත්විඳි ඔහු විශ්ව විද්‍යාල අධ්‍යාපනය හිමි කර ගත්තේය.අසූව දශකයේ අවසාන භාගයේ මෙරට සමාජය වෙලා ගත් භීෂණයෙන් ඔහු දිවි ගලවා ගෙන ඇත්තේ අනූ නවයෙනි.ඔහු හා එකට හැදී  වැඩුන ආදරණීය සහෝදරයාගේ ජීවිතය ඒ භිෂණයේ  යක්ෂයන් විසින් උදුරාගෙන තිබේ.එහෙත් ඔහු සිය දේශපාලන මතවාදය අත් නොහළේය.ඒ දේශපාලනය තුළ වූයේ මෙරට සම්ප්‍රදායික දේශපාලන බල අධිකාරිය⁣ට ඇතුළු වී හත් මුතු පරම්පරාව ගොඩ දැමීමේ අපේක්ෂාව නොවෙි.මෙරට දුක් විඳින තමන්ගේ පන්තියට  සමාජ සාධාරණය ඉටු කිරීම සඳහා තම ජීවිතය සතු සියළු පෞද්ගලික කැමැත්ත හා ආශාවන් ඔහු විසින් අත් හරින ලද්දේය.ඔහුගේ පරම අපේක්ෂාව වූයේ මෙරට දියුණු මිනිසුන් සතුටින් ජීවත්වන රටකි.ඔහු එක් වූයේ තමන් හා සමානම ආදරණීය සිහින දුටු මිනිසුන් රොද බැඳ ගත් දේශපාලන වේදිකාවටය.

දුක යනු අනුර කුමාර දිසානායක සහෝදරයා අමුතුවෙන් අධ්‍යයනය කළ යුතු පාඩමක් නොවේ.ජීවිත කාලයේ එක් පරිච්ඡේදයකදී ඔහු එය ඕනෑවටත් වඩා විඳ ඇති බව නිසැකය.

ජනතා විමුක්ති පෙරමුණ රෝහණ විජේවීර සහෝදරයා ගොඩනගන්නේද මෙරට සම්ප්‍රදායික දේශපාලනයෙන් ඔබ්බට මානුෂීය සමාජ වටපිටාවක් තුළ ජාතිභේද කුල භේද හා පන්ති විෂමතා නැති එකිනෙකා  සහෝදරත්වයෙන් අත්වැල බැඳ ගන්නා මවුබිමක් නිර්මාණය කිරීම සඳහාය.රෝහණ විජේවීර සහෝදරයා පක්ෂය ගොඩ නැගීම සඳහා තිස්සමහරාම පොලේ මුට්ට කර ගැසූ කුලී කාරයෙක් ලෙසද කටයුතු කෙරුවේය.ඔහු වටා රොක්වූ අනෙකත් සහෝදරයින්ද ජනතා විමුක්ති පෙරමුණ මෙරට මහ පොළොවේ පැල කිරීම සඳහා බොහෝ දුෂ්කර අභ්‍යාසයන් කරන ලදී. ඒ සියල්ලෝම ඉතිහාසයේ නම නැති වීරයන්ය.ඔවුන්⁣ එදා දුටු සිහිනය මේ වන විට මවුබිම පුරා යෝද සෙවනැල්ලක් සේ පැතිරෙමින් තිබේ.

මේ එළඹ ඇත්තේ අපගේ වාරයයි.මේ වාරය අප සැමට අහිමි කර ගත හොත් අපගේ දරු මුණුපුරන්ට මවුබිම අහිමි වනු ඇත.අනුර කුමාර දිසානායක සහෝදරයා හා ජාතික ජන බලවේගයේ 
එකම සිහිනය වී ඇත්තේ  අපේ දරු මුණුබුරන් වෙනුවෙන් ආදර්ශමත් නිදහස් නිවහල් රටක් නිර්මාණය කිරීමය.ඔබ මෙහිදී කල්පනා කළ යුතු වන්නේ අනුර කුමාර දිසානායක සහෝදරයා ගැන නොවේ.ඔහු යනු ජාතික ජන බලවේගය බවය.

අනුර කුමාර දිසානායක වැනි පීඩිතයෙකුට මේසා විශාල ජන සමූහයක නායකයා වන්නට මග හසර සැළසුනේ ජනතා විමුක්ති පෙරමුණ තුළ පවතින සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය මිස වෙනත් සාධකයක් නොවේ.ඒ නායකත්වය අප්පාගෙන් පුතාට හිමිවන ආකාරයේ මෙරට  දේශපාලනයේ පවතින සම්ප්‍රදායිකව වර නැගෙන සූත්‍රයක ආදර්ශයක් නොවේ. ඔබගේ දරුවාට ඒ නායකත්වය සඳහා ඉඩ හසර සළසා දෙමින් ඔහු හා ජාතික ජන බලවේගයේ නායකයන් මතු යම් දවසක දේශපාලනයෙන් සමු ගන්නා බවට අපට විශ්වාසය.ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික ජන බලවේගය ගොඩ නැගී ඇත්තේ එවැනි පරමාදර්ශී කැප කිරීම් මතිනි.ජාතික ජන බලවේගයේ දේශපාලනය හා අනුර කුමාර දිසානායක සහෝදරයා ගේ නායකත්වය ඔබ විසින් විනිශ්චය කළ යුත්තේ ඒ හැඩය හා හැසිරීම තුළ සිටය.එසේ නැතහොත් ඔබ සියල්ල වරද්දා ගනු ඇත්තේය.ඒ මන්ද යත් ජාතික ජන බල වේගයේ දේශපාලනය යනු තමන්ට හෝ තමන්ගේ දරුවාට රැකියාවක් ලබා ගැනීමට ආදී බොහෝ පටු දේශපාලන වාසි ප්‍රදානය කෙරෙන්නක් නොවන නිසාය.මා සහ මගේ දේශපාලනය යනුවෙන් වර නැගීම ඔබ අප විසින් අවසන් කළ යුතුය.දැන් අපි සියල්ලන්ම අපේ මවුබිම වෙනුවෙන් අත්වැල් බැඳ ගත යුතුය.

ඉතා නුදුරේදීම ජාතියේ අප්පච්චිලා ,අම්මණ්ඩිලා විවිධ ස්වරූපයෙන් ඔබ හමුවන්නට ඉඩ තිබේ.ඔබට ඔවුන් හඳුනාගැනීමට නොහැකි වුව හොත් වෙනදා මෙන්ම ඔබගේ දේශපාලනික පරාජය අවුරුදු පහක අවසානය වන විට අත් විඳින්නට සිදු වෙනු ඇත.පාර වරද්දා ගත යුතු නැත.ජාතික ජන බලවේගය අපේම හෘද ස්ඵන්දනය දන්නා නායකයකු විසින් මෙහෙයවමින් සිටී. ඔහු වටා සිටින්නේද මහ පොළොවේ පය ගසා ඇවිදින අපේම සහෝදරවරුන්ය.

දැන් එළඹ ඇත්තේ ඔබගේ වාරයයි.ඔබ ඒ සඳහා සූදානම්ද .......

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්