උසාවි වරෙන්තු වලින් පස්ස පිහ දාන ටිරාන් අලස්
මෙරට අපරාධ මර්ධනය පිළිබඳව මහජන රැස්වීම් වලදී ජාතක කතන්දර පවසන නීතිය හා සාමය බාර ඇමති ටිරාන් අලස් උන්නැහේගේ අජුත කෙරුවාව පිළිබඳව ලංකා දවසට තොරතුරු ලැබී තිබේ.මේ උන්නැහේ පෙනී සිටින්නේ සුදු පිරුවට හැඳගත් හතර පෝයට සිල් ගන්නා උපාසකයෙක් විදියටය.කතා කරන්නේ රහසින්වත් වරදක් නොකරන සිල්වත් ගුණෝපේත ශුද්ධාත්මයක් විදියටය.ටිරාන් ගේ අප්පා ඩීඇස් සේනානායක විද්‍යාලයේ හිටපු විදුහල්පති වරයා බව කවුරුත් දනී.ඒ උන්දෑ ඩීඇස් විද්‍යාලයේ සිටියදී සිදු කළ පික් පොකට් ගැහිල්ල දන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහය.රනිල් වික්‍රමසිංහ ඒ දවස්වල මේ රටේ අධ්‍යාපන ඇමතිවරයාය.අලස් උන්දෑ හීන් සීරුවේ සිදු කළ ජාවාරම් වල කෙළවරක් නැති තැන අධ්‍යාපන අමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඔහු ඩීඇස් විද්‍යාලයෙන් නෙරපා හැරිණි.මොහුගේ කෙරුවාව ගැන තව අනම් මනම් ලියන්නට ඕනෑ නැත.විදුහල්පති සේවයෙන් විශ්‍රාම ගිය විගස මොහුට ජාත්‍යන්තර පාසැලක් ආරම්භ කිරීමට තරමේ මුදල් කන්දරාවක් අත තිබුණේ කෙසේද යන්න සොයා බැලුවා නම් හොදටම ඇතිය.මේ ටිරාන් අලස් ඔහුගේ පුත්‍රයාය.අප්පා කරපු දේ නොකොරොත් ඌ නොට්ටිගෙ පුතා යැයි කියමනක් තිබේ.මොනවා වුනත් ටිරාන් අලස් තමාගේ අප්පාගෙන් වංචාව හොරකම කරන්නේ කෙසේද කියා හොඳින් ඉගෙන ගෙන තිබේ.ටිරාන් අලස් යනු සුදු කරපටි අපරාධකාරයෙකි.මේ අපරාධකාරයාට මෙරට නීතිය හා සාමය බාර දී තිබේ.එය හරියට කොකාට මාළු බාර දුන්නා වගේය.මවුබිම පත්තරයේ හිමි කරුවා වන්නේද මේ ටිරාන් අලස්ය.රට තුළ නීතියේ ආධිපත්‍යය හා විධානය පිහිටුවීම ගැන මාධ්‍යයට ඇඟ හිරි වැටෙන කතන්දර පවසන ටිරාන් අලස් ගේ පුවත්පතේ අධ්යක්ෂ මණ්ඩලයට මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති වරෙන්තු සංඛ්‍යාව විසි එකකි.එහෙත් මේ අධ්යක්ෂ මණ්ඩලය ඒ වරෙන්තු පුක පිහදාන කඩදාසියක් තරමේ ගණන් ගන්නේ නැත.ඒ තම හාම්පුතාගේ බල පරාක්‍රමය නිසාය.ටිරාන් ගේ සමාගම්වලට එරෙහිව නඩු පවරා ඇත්තේ සේවකයන්ගේ ඊටීඑෆ් බැර කර නැති නිසාය.එසේ බැර කර යුතු අවසාන ශේෂය එකොලොස් කෝටි හතලිස් ලක්ෂයකට ආසන්න වේ.අපට දැන් අසන්නට ඇත්තේ කොහොමද නීතිය හා සාමය බාර පොර ගේ අවලම් පජාත කෙරුවාව කියාය.නමුත් මේ ගෝතයාට ලැජ්ජාවක් හිරිකිතයක් දැනේනේ නැති බවත් අපි දනිමු.අප ලියන මේ වචන මාධ්‍යයට වලංගු නැති බවත් අපි ඉතා හොඳින් දනිමු.එහෙත් තක්කඩියෙකුගේ අමුඩය ගැලවීමට සුන්දර වචන භාවිතා කිරීම වැඩක් නැත.හරි විදියට ටිරාන් අලස් නම් පාදඩයාගේ කෙරුවාව ගැන ලියන්නට අප අමුනන මේ වචන පවා හරිම හෑල්ලුය.ගමේ ගොඩේ මෙවැනි පාදඩ කෙරුවාවන් කරන වාහේලාට ගැමියන් කියන්නේ වල් බල්ලන් කියාය.නුමුත් ටිරාන් නම් පෝරිසාද හොර තක්කඩියාට බල්ලා කියා ලිවීම බල්ලන් විෂයෙහි සිදු කරන බරපතල අසාධාරණයකි.ඒ විතරක් නොවේ.මවුබිම පුවත්පතේ කර්තෘ මණ්ඩලයට මාස ගණනක වැටුප් ගෙවීම සිදු කර නැත.ප්‍රාදේශීය වාර්තා කරුවන්ගේ ගෙවීම්ද පැහැර ඇර තිබේ.මවුබිම පත්තරේ ගණකාධිකාරී ගයාන් නැමැත්තා ඉන්නේ හාම්පුතාගේ පොලිස් බලය ඉහ උඩ තියාගෙනය.වැටුප් ඉල්ලන සේවකයන්ට ගණකාධිවරයා දාාන පුස් පාට් කෙලවරක් නැත.පැන්ඩෝරා පේපර්ස් වල සඳහන්ව ඇති ආකාරයට ටිරාන් අලස් ගේ වත්කම බිලියන ගණනකි.ඒ වත්කම අම්මා අප්පගෙන් හිමිවූ බූදලයේ වටිනාකම නොවේ.තක්කඩි ගේම් වලින් උපයා ගත් ඒවාය.කටුනායක වීසා ගණුදෙනුවටද මේ හොර තඩියාගේ සමාගමක් සම්බන්ධය.මේ ගණුදෙනු සියල්ල සිද්ධ වී ඇත්තේ රාජ්‍ය ටෙන්ඩර් ප්‍රතිපත්තිය නොතකා හරිමිනි.ටිරාන් අලස් යනු අමු තක්කඩියෙකි.පට්ට හොරෙකි.පාදඩ දූෂිතයෙකි.මේ කාලකන්නියාට නීතියෙන් දඬුවම් දීමට නොහැකිය.ඒ දේශපාලන හයි කාරකම නිසාය.එහෙත් මේ වන විටත් "ඉබේනිස්" නඩුකාරයා මේ පාදඩයාගේ කිළිටි ආත්මය ගැන විනිශ්චය දී හමාරය.ඒ ශරීරයේ පිලිකාවක් ඇති කර විඳවීමට ඉඩ හැරීමෙනි.
Comments
Post a Comment