අපරාධ කැරුට්ටු සහික ටිරාන් අලස් ජාත්‍යන්තර පොලිස් සමුළුව අමතයි

 


පසුගියදා ඇමරිිිිිිිිිිකාවේ පැවැති එක්සත් ජාතීන්ගේ පොලිස් ප්‍රධානීන්ගේ සමුළුව (2024) නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගි වී ඇත්තේ නීතිය හා සාමය අමාත්‍ය ටිරාන් අලස්ය


ඔහු මේ සමුළුව අමතමින් ඉල්ලා ඇත්තේ ජාත්‍යන්තර ආරක්ෂා කටයුතු වල නිරත වීම සඳහා ශ්‍රී ලංකාවේ පොලීසියට සම්බන්ධ වෘත්තිකයන් හා විශේෂ පොලිස් ඒකකයන් යෙදවීම⁣ට අවස්ථාව ලබා දෙන ලෙසය.ඒ සඳහා දක්ෂ නිළධාරීන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින බවද ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.


මේ උන්දෑ හොඳ සිහියෙන් මේ ප්‍රකාශය කරාද නැද්ද යන්න අපි නොදනිමු.වර්තමානයේදී මේ රටේ පොලීසියේ කෙරුවාව ගැන රටේ ජනතාව දෙන සහතිකය  ජාත්‍යන්තර පොලිස් ප්‍රධානීන් කියවූ හොත් ඔවුන්ට එක දිගට වමනය යන බව නම් නිසැකය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  පාතාල ජාවාරම් කාර දෙපාර්තමේන්තුවෙකි.පොලීසියේ වගකීම් පවරා ඇති ඉහළ ඇවරියේ නිළධාරීන් බොහෝ දෙනෙකු තක්කඩි දූෂිතයන්ය.වංචා කාරයන්ය.මේ හැම⁣ටම වඩා පොලිස්පතිවරයා මානව හිමිකම් උල්ලංඝනය කර අපරාධ කරුවෙකි.අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකුගේ පුරූෂ ලිංගයේ ඖෂධීය ආලේපනයක් තවරා කුරිරු වද බන්ධනයට ලක් කරන ලදැයි චෝදනා ලබා ශ්‍රේෂ්ඨාධිකරණයේදී දඬුවම් තීන්දුවකට යටත් වූ අයෙකි.ගාලු මුවදොර පැවැති මහජන අරගලයට සහභාගිවූ පුරවැසියන්ට පහරදීම⁣ට දේශපාලන බල අධිකාරියට සෘජුවම සහයෝගය දුන් අපරාධකරුවෙකි.   

නීතිය හා සාමය බාර අමාත්‍ය ටිරාන් අලස් ගේ කෙරුවාවද ඊට වෙනසක් නැත. මේ නොසන්ඩාලයාට එරෙහිව ඔහුගේ සමාගම් වල සේවයේ නිරත වූ සේවකයන්ගේ අර්ථ සාධක අරමුදල් වංචා කර ඇති බවට ⁣අධිකරණයේ නඩු ගණනාවක් ⁣විභාග වෙමින් පවතී.මේ නඩු වලට පෙනී නොසිටීම සම්බන්ධයෙන් වරින් වර මොහුට එරෙහිව අධිකරණය මගින් නිකුත් කරන ලද වරෙන්තු සංඛ්‍යාව විසි පහකට අධිකය.විටින් විට අධිකරණයට පෙනී සිටිමින් එම වරෙන්තු ආපසු කැඳවා ගනිමින් අධිකරණය විහිළුවක් කරගෙන ඇති මේ සෙප්පඩ විජ්ජා කාරයාට මෙරට නීතිය හා සාමය ආරක්ෂා කිරීමට බාර දීම හරියට නරියාට කුකුල්ලු බාර දීමට සමානය.

දැන් මේ උන්දෑ ජාත්‍යන්තර අපරාධ මර්දනයට මෙරට පොලීසියේ හොර ජාවාරම්කාරයන් එක පොදියට එක්සත් ජාතීන් ගේ පොලිස් ප්‍රධානී ඒකකයට හා සම්බන්ධ කිරීමට කුරුමානම් අල්ලයි.
මේකා හිතන්නේ එක්සත් ජාතින් ගේ  පොලිස් ප්‍රධානීන්ගේ සංවිධානය නියෝජනය කරන පොලිස් ප්‍රධානීන් අබ්බ ගොබ්බයන් බවය.පසුගිය දිිිිනවල ජිනීවා මානව හිමිකම් සංවිධානයට පවා තර්ජනාත්මකව අභියෝග කරමින් අනීතික මිනිස් ඝාතන රාශියක් කිරීමට විශේෂ කාර්ය බලකාය මෙහෙය වූ මේ තක්කඩියාගේ කෙරුවාව ගැන ජාත්‍යන්තර පොලිස් ප්‍රධානීන් නොදැන සිටියා නම් පුදුමය.

මෙරට පොලිස් පතිවරයාගේ සිට පොලිස් ස්ථානාධිපතිවරුන් බොහෝ ⁣ දෙනෙකු පාතාල ⁣ජාවරම්කාරයන් හා සම්බන්ධය.එහිදී මේ ජාවාරම්කාර පොලිස් අපරාධ කරුවන් සිදු කර ඇති මිනීමැරුම් හා විවිධ ස්වරූපයේ අපරාධ සම්බන්ධයෙන් සාක්ෂි සහිතව අනාවරණය වී ඇතත් නීතිය හා සාමය ඇමතිවරයාගේ දේශපාලනික හා කූඨ ව්‍යාපාරවල පැවැත්ම තවදුරටත් පවත්වාගෙන යාම පිණිස ඒවා යටපත් කර ගෙන සිටී.

නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස ටිරාන් අලස් නම් ත්‍රස්තවාදී අපරාධකරුවා ටයි කෝට් හැඳ ඇමරිකාවට ගොස් එක්සත් ජාතීන් ගේ පොලිස් ප්‍රධානීන්ගේ සමුළුව ඇමතීම බඩ කොරවෙන තරමේ විහිළුවකි.කෙසේවෙතත් මේ ⁣අපරාධකාරයාගේ හා මෙරට පොලිස් පතිවරයාගේ අපරාධමය පැටිකිරිය එක්සත් ජාතීන්ගේ පොලිස් ප්‍රධානී සමුළුව වෙත යැවීමට අප විසින්  නුදුරේදීම කටයුතු කරන බව දන්වමු.





Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්