රවි මරන්නට හමුදා බුද්ධි අංශ යොදවලා අතේ මාට්ටු

  


විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිි රවි සෙනෙවිරත්න ඝාතනය කිරීම සඳහා ගත් ප්‍රයත්නයක් ව්‍යර්ථ වී ඇති බව ලංකා දවසට වාර්තා වේ.

ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදියක් යොදවා ගනිමින් යුද හමුදා බුද්ධි බලකායේ ඔරුගොඩවත්ත පිහිටි බුද්ධි ඒකක ඛණඩයේ සෙබළුන් දෙදෙනෙකු මේ සඳහා යොදවන ලද බවද තොරතුරු ලැබී තිබුණි.එම රහස් කුමන්ත්‍රණය පිළිබඳ තොරතුර පිටතට ලබා දී ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සෙනෙවිරත්න  ගේ ජීවිතය ආරක්ෂා කර දීමට පියවර ගෙන ඇත්තේස හමුදා බුද්ධි අංශයෙන් වීම විශේෂ සිදුවීමකි.

කෙසේ වෙතත් මේ සැළසුම තුළිිින්  තහවුරු වන්නේ නුදුරේදී හමුදා බුද්ධි අංශ යොදවා ගනිමින් විපක්ෂයට සම්බන්ධ ප්‍රබල දේශපාලනික ක්‍රියාකාරිකයන් ඝාතනය කිරීමේ අවදානමක් පවතින බවය.නුමුත් මෙවැනි සාහසික ඝාතනයක් සිඳු කළ හොත් ආණ්ඩුවට එරෙහිව රට පුරා බරපතල කැරැල්ලක් මතු විය හැකි   අවදානමක්ද පවතී.මෙම කැරැල්ල උපයෝගී කර ගනිමින් ජනපතිවරණය පවා කල් දමා ගැනීමට ආණ්ඩුවට ඉඩ හසර සැළසෙනු ඇත.


Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා