ගංජා පොලිස් අධිකාරී නැවත සේවයේ පිහිටුවලා
මොණරාගල ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස සේවයේ නිරතව සිටියදී සිය නිල නිවසේ සඟවාගෙන තිබූ ගංජා තොගයක් සමග අත් අඩංගුවට ගන්නා ලද සිසිර කුමාර නැවත සේවයේ පිහිටුවා ඇති බවත් ඔහු මේ වන විට පොලිස් මූලස්ථානයේ රාජකාරිකරමින් සිටින බවත් වාර්තා වේ.විශේෂ කාර්ය බලකාය මගින් පසුගිය වසරේ ජනවාර් මාසයේදී අත් අඩංගුවට ගන්නා ලද මේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පසුව මොණරාගල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එම සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබුණි.එහෙත් එම විමර්ශණය නිසි පරිදි නොවූ බවට වාර්තා වේ.පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ සහරාන් කල්ලියේ සාමාජිකයකු මීගමුව කටුවාපිටිය පල්ලියට බෝම්බ ප්‍රහාරය එල්ල කළ 2019 අප්‍රේල් මස 23 වන විට එම ප්‍රදේශයේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයා ලෙස රාජකාරි කටයුතු කළ මෙම සිසිර කුමාර ගේ නම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරි පැහැර ඇති පොලිස් නිළධාරීන්ගේ නම් ලැයිස්තුවේ පවා සඳහන් වේ.මෙහිදී ඔහුට එරෙහිව චෝදනා පත්‍රයක් නිකුත් කරන ලෙසටද පොලිස් විශේෂ විමර්ශන ඒකකය නිර්දේශ කර තිබුණි.පාස්කු ප්‍රහාරය පිළිබඳව සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේද ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර සම්බන්ධයෙන් මෙසේ සඳහන් කර තිබේ."ඔහු ආගමික අන්තවාදය හා අල් කයිඩාසම්බන්ධයෙන් තුර්කියේ පාඨමාලාව සදහා සහභාගි වූ පළපුරුදු පොලිස් නිළධාරියෙකි.පාස්කු ප්‍රහාරයට පෙර සී 365 සහ සී 375 සහ සී,අ,ආ ,ඈ තොරතුරු ඔහුට ලැබී තිබුණි.කෙසේවෙතත් එම තොරතුරු ඔහු විසින් පොලිස් ස්ථානාධිපතිවරුන්ට යවා නැත.තමන්ට ලැබූණ තොරතුරු වලට අනුව ඔහු යටතේ තිබූ පොලිස් ස්ථාන නිසි ලෙසට පාලනය කර නොතිබුණ බැවින් මොහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බව නිර්දේශ කරමු.(පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාවේ සිංහල පිටපත 355 පිටුව)
Comments
Post a Comment