සීගිරි ගලේ දිවුරන්නේ නුඹද පුතේ
දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ
සීගිරි ගලේ කවි ලිව්වේ නුඹයි පුතේ
නගුලෙන් එදා රජ කෙරුවේ නුඹයි පුතේ
පැදුරේ මෙදා නිදියන්නෙත් නුඹයා පුතේ
මේ හැත්තෑව දශකයේ අවසාන භාගයේ මෙරට ඉතා ජනප්‍රියව තිබූ ගීතයකි.මේ
ගීතය ගැයුවේ විශාරද වික්ටර් රත්නායකය.ගීතයේ පද රචනය එසේ මෙසේ කෙනෙකුගේ නොවේ.මෙරට ජනපතිවරයකු වූ රණසිංහ ප්‍රේමදාසගේය.
මාධ්‍යවේදී
සිරිලාල් කොඩිකාර විසින් ඒ දින වල තිබූ ඇත්ත පත්තරයේ පල කළ රංචාගොඩ ළමයා
නම් දේශපාලන ප්‍රහසනයට මේ ගීතය සම්බන්ධ කර ගනිමින් අමුතු ආරේ කවි පන්තියක්
ලියා තිබුණි.
දාගැබ් මහා වැව් බැන්දේ ඩෝල්ටන්
සීගිරි ගලේ කවි ලිව්වේ ඩෝල්ටන්
නගුලෙන් එදා රජ කෙරුවේ ඩෝල්ටන්
පැදුරේ මෙදා බුදියන්නෙත් ඩෝල්ටන්
සිරිලාල් කොඩිකාර නම් මාධ්‍යවේදියා
මේ
කවියේ ඩෝල්ටන් යනුවෙන් හඳුන්වා ඇත්තේ ඩෝල්ටන් අල්විස් නම්
සාහිත්‍යවේදියාය.ඔහු එදවස ප්‍රසිද්ධ ගීත රචකයෙක්ද විය.සිරිලාල් කොඩිකාර තම
නිර්මාණයෙන් හැඟවූයේ දාගැබ් මහා වැව් බැන්දේ නමි ජනප්‍රිය ගීතයේ රචකයා
රණසිංහ ප්‍රේමදාස නොව ඩෝල්ටන් අල්විස් බවය.සැබැවින්ම එම ගීතය රණසිංහ
ප්‍රේමදාසට ලියා දුන්නේ තමන් බව ඩෝල්ටන් අල්විස් විසින් සිරිලාල් කොඩිකාරට
පවසා තිබුණි.මේ දෙදෙනා බඩ බැඳ ගත් මිත්‍රයන්ය.
එක් සන්ධ්‍යාවක දෙදෙනා මී විත සප්පායම් වන විට ඩොල්ටන් අල්විස් විසින් මේ රහස හෙළි කර තිබුණි.
ඒ
කතාව එහෙමය.අප මේ ගීතය මෙහි සඳහන් කෙරුවේ මෙම ප්‍රවෘත්තියට සීගිරි ගල
සම්බන්ධ වන නිසාය.ප්‍රවෘත්තියට සම්බන්ධ තොරතුරේ ආගත නාගත කෙසේ වෙතත් එහි
කර්තෘ කාරකයාගේ නම අප විසින් සඳහන් කරන්නේ නැත.ඔහු කවරෙක්ද යන්න තමන්ම
සිතා ගැනීම වටී .එහෙත් මෙය සම්පූර්ණයෙන්ම ඇත්ත කතාවකි.ඒ බව දඹුල්ල
ප්‍රාදේශීය සභාවට සම්බන්ධ දේශපාලන පොඩ්ඩකු තහවුරු කර තිබෙි.ඔහු සීගිරියේ
ලියාපදිංචි සංචාරක මග පෙන්වන්නෙකි.
මෙරට
ඉදිරියේදී පැවැත්වීමට අපේක්ෂිත ජනපතිවරණයට තරග.වැදීමට දැන් තියාම සූට්
මසාගෙන සිටින ජනාධිපති අපේක්ෂකයකු මේ ප්‍රවෘත්තියට සම්බන්ධය.මේ ජනාධිපති
අපේක්ෂකයාගේ සමීපතම කණ්ඩායමක් පසුගියදා සවස හයෙන් පසුව සීගිරියේ සිංහ මුඛය
අසලට ගියහ.සවස හයෙන් පසුව සීගිරිය නගින්නට කිසිවෙකුට අවසර නැතත් මේ
කණ්ඩායමට එම අවසරය ලැබී තිබුණි.එසේ ගිය කණ්ඩායම සිංහ මුඛය අසල මැනුම්
කටයුතු කෙරුවේ ඉදිරි ජනපතිවරණයෙන් ජය ගන්නා තම නායකයා ජනාධිපති ධුරයේ
දිවුරුම් දීමට සැළසුම් කර ඇත්තේ එම ස්ථානයේ බව පවසමිනි.
මෙරට හිටපු ජනපතිවරුන් වන ජේ.ආර්.ජයවර්ධන ජනපති ධුරයේ දිවුරුම් දුන්නේ ගාලු මුවදොරදීය.
රණසිංහ
ප්‍රේමදාස දිවුරුම් දුන්නේ මහනුවර දළදා මාලිගයේ පත්තිරිප්පවේදීය.මිල්ටෙරි
නන්දසේන ජනපති ධුරයේ දිවුරම් දෙන ලද්දේ රුවන්වැලි සෑය ඉදිරි පිටදීය.
ඉදිරි
ජනපතිවරණයෙන් තරග වදින අපේක්ෂකයා නිසැක වශයෙන්ම ජයග්‍රහණය කරන බව කේන්දර
කාරයකු අනාවැකියක් පවසා ඇති බව නිශ්චිතය.ජනපතිවරණයෙන් පසුව දිවුරුම දිය
යුත්තේ සීගිරියේ බවද මේ අනාවැකියේ සදහන් කර ඇති බව අපට සිතන්නට පුළුවන.සිය
සමීපතමයන් සීගිරියට යවා සිංහ මුඛය අසල ලහි ලහියේ මිනුම් කටයුතු සිඳු කරන
ලද්දේ ඒ නිසාවෙන් විය හැකිය.
දැන් මේ "වෙන්ට
ජනපතිවරයා" කවරෙක්ද යන්නට ඔබේ සිතේ මතුවන ප්‍රශ්ණයට පිළිතුරු "සීගිරි ගලේ
කවි ලිව්වේ නුඹය පුතේ" ගීතය අස්සේ තිබෙන්ටද පුළුවන් බව සඳහන් කළ හැකිය.
Comments
Post a Comment