පැන්ෂන් යන නීතිපති උන්දෑට ලියා දන්වන වගනම්
සංජය රාජරත්නම් උන්නැහේ වෙතයතමුන්නැහේ හෙට පැන්ෂන් යන බව දැන ගැන්මට ලැබුණාය.හැබැයි මට නම් ලියන්න තියෙන්නේ තමුන්නැහේගේ ඒ පැන්ෂන් යාම අනාථ නාථ වෙලා පච්ච පීචං වී ගෙදර යාමක් මිස නම්බුකාර විදියට පැන්ෂන් යාමක් නමි නොවන බවයි.ජනාධිපති හාමු තව මාස හයකට නීතිපති පුටුවෙ අලවල තියාවි කියල තමුන්නැහේ හිතාගෙන ඉන්නැති නේද.ඒත් ව්‍යවස්ථාදායක සභාව අද දවසෙදිත් තමුන්නැහේගෙ ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ කරල දුන්නෙ නෑ නොවැ.මීට ඉස්සර ඔය නීතිපති පුටුවෙ වාඩි වෙලා හිටිය නීතිපතිවරුන් තමුන්නැහේට වඩා වැදගත් නම්බුකාර විදියට පැන්ෂන් ගිහිල්ල තියෙනවා.ඒත් ඒ වැදගත් නම්බුකාරකම තමුන්නැහේට තිබුනෙම නෑ .රනිල් හාමු ගේ පස්ස පැත්ත තව මාස හයක් හෝදනවට වඩා පැන්ෂන් යන්න තියෙන දවසට ගෙදර යන එක හොඳය කියල තමුන්නැහේට හැබෑවටම හිතුනෙ නැද්ද.ඒත් නහයට ගඳ සුවද දැනෙන්නෙ නැතිවුනාම තමන්ගෙ කෙරුවාව ගැන එහෙම අවබෝධයක් නැති හන්ද වෙන්නැති රනිල් හාමුගෙ සට්ටැඹිය විදියට තව මාස හයක් කෝම හරි නීතිපතිකමේ ඉන්නෝන කියල හීන දකින්නැත්තෙ නේද ලොක්කා.ඇත්තටම ලොක්කා තමුන්ට ලැජ්ජාවක් හිරිකිතයක් ගඳක් සුවඳක් දැනෙන්නෙ නැති වුනාට තමුන්නැහේගේ අඹුවට දරුවන් එහෙම ලැජ්ජාවක් නැති එවුන් කියල අපි හිතන්නෑ.ඒ නිසාම තමුන්ගෙ අජූත කෙරුවාව ගැන උන්දැලාට ලැජ්ජාවක් දැනුනෙ නැතිනම් පුදුමයි.ඒත් ඉතින් සමහර විට අඹුව වුනත් කල්පනා කරන්නැති මගේ වාහේ තව මාස හයක් නීතිපති තනතුරේ ඉන්න එක හොදය කියල.ඒකනේ රනිල් හාමු ව්‍යවස්ථාදායක සභාවට තමුන්නැහේගෙ සේවා දීර්ඝ නිර්දේශය දෙවන වරටත් යන කොට ඒ ගෑනු මනුස්සය කඩේ වහල ඉන්න ඇත්තෙ.හරි හමන් ගෑනියෙක් නම් තමුන්නැහේට කතා කරල කියන්න තිබුණ මේ ඕයි පීචං නොවී හරියටම පැන්ෂන් දවසට ගෙදර වරෙන් වාහෙ කියල.ඒත් කොහෙද ඉතින් තමුන්නැහේගෙ අඹුව තමුන්නැහේටම ගැලපෙන බඩුවක් බව හිතාගන්න පුළුවන්.තමුන්නැහේගෙ දරුවොත් ඒ වගේම තමා.එහෙම නැතිනම් ජාතක අප්ප මෙහෙම නෝන්ඩි වෙනව බලා ඉඳීවිද.කොටින්ම කියතොත් තමුන්නැහේගෙ දරුවොත් නපුසංක ලග්නෙ ඉපදිච්ච ඈයො බව හිතා ගන්නට පුළුවන්.දැන්වත් ලොක්කා ගෙදර ගිහිල්ල තමුන්නැහේ අදහන ආගම ධර්මයට අනුව නෝන්ඩි නැතුව ජීවත්වෙන්න බලනවා.එහෙම නැතුව දේශපාලන හාම්පුතාලගෙ දෙකයි පනහෙ සට්ටැඹි කුලී කාරයෙක් වෙලා තමුන්ගෙ ආත්ම ගරුත්වය සිල්ලරට අලෙවි කරන්න එපා.අම්මපා ලැජ්ජ නැද්ද හලෝ ඔය විදියට බාල්දු වෙන්න.තමුන්නැහේ ඉගෙනගත්ත මිනිහෙක් නොවැ.අඩුම ගානෙ වදාපු අම්ම අප්ප ගැන හිතලවත් මනුස්ස ආත්මයේ පෞරෂය ආරක්ෂා කරගෙන ජීවත්වෙන්න බලනවකො.සංජය රාජරත්නම් කියන හිටපු නීතිපතියා රනිල් හාමුගෙ අමු වහලා කියලා රටේ ජනතාව නින්දා අපහාස කරද්දි ඇත්තටම තමුන්නැහේට කණගාටුවක් දුකක් එහෙම දැනෙන්නෙ නැද්ද.තමුන්නැහේ ගෙ සේවා කාලය රනිල් හාමු මාස හයකට දීර්ඝ කරල දුුන්න කියල හිතමුකො.ඒත් තව මාස තුනකින් මේ රටේ ජනතාව රනිල් හාමු ජනාධිපති කමෙන් එලවල දාන එක හෙට ඉර පායනවා වාගේම ෂුවර් කාරණයක්.එතැන් සිට තමුන්නැහේට මොකද වෙන්නෙ කියල පොඩ්ඩක් හිතනවකො ලොක්කා.රෙදි නැතුව තමා ගෙදර යන්න වෙන්නෙ.ඒක මතක තියාගත්ත නම් හොඳයි.ඉතින් තමුන්නැහේට දැන් පැන්ෂන් යන්න සිද්ධ වෙන එක ස්ථිරයි.තීන්දුයි.දැන්වත් ඉතින් හිත හදාගෙන ගෙදර යන්න බොසා.පව් නොදී.මීටඅළුත්කඩේ ගෙදර නෝනා හාමිනේ
Comments
Post a Comment