සජිත් බබාගේ ඉස්කෝල චාරිකාව ගැන මානිගේ කොලමේ ලියවී ඇත්තේ මෙහෙමය

  


ඡ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුන්දර නිහතමානීද මැල් ගේ ෆේස් බුක් ගිනුමේ ලියවෙන මානිගේ කොලම හරිම අපූරුය. කාලීනය.රහය.බරසාරය.හාස්‍යය සමග ඉන් සමාජයට දෙන පණිවුඩයද හරිම බරය.මේ ලියවී ඇති කොළමද හාස්‍යජනකය.එහෙත් එහි ගැබ් වූ සත්‍යය තේරුම් ගැනීම අපහසු නැත.ඒ සත්‍යය අඩුම ගානේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට තේරුම් ගැනීමට අපහසු නම් ඒ පක්ෂයේ දැනුම් තේරුම් ඇති අයකු මානි පසුව ලියා ඇති කොටස පමණක් හෝ තම නායකයාට කියවා තේරුම් කර දෙන්නේනම් හොඳය.


මේ ජුනි 09 වනදා සුන්දර නිහතමානී ද මැල් ලියන ලද මානිගේ කොලමයි.

සජිත් බබා රනිල්ට ආදරෙයි

ප්‍රිය රනිල්;

මගේ ලියුමට එබී බැලූ බිරිඳ "රනිල් දිනයිද?" කියල මගෙන් ඇහුවා.එතකොට මම ඇහුවා "රනිල් ඡන්දෙ ඉල්ලයිද" කියල.ඒ සැරේ ඈ කේන්තියෙන් අහනව ඒකවත් දන්නෙ නැතුවද මෑන්ට ප්‍රිය කියල ආමන්ත්‍රණය කරන්නෙ කියල.ඕක දැක්කම ජෙප්පොන්ට කේන්ති යයිනේ කියල.

ප්‍රිය ජනාධිපතිතුමණි;

බිරිඳගේ කීමට මම ආමන්ත්‍රණය වෙනස් කරා.රටේ ඉඳලම තියෙන්නෙ අපට ප්‍රිය ජනපතිවරු නිසා මේ ආමන්ත්‍රණයට විරුද්ධ වෙන්න හේතුවක් නෑනේ.

ඒක නොවෙයි මම ඕක ලියන්න හිතුවෙ ඔයා මෙච්චර සජිත්ට තියෙන ලෙන්ගතුකම මොකද්ද කියල අහන්නයි.එහෙම විශේෂ බැඳීමක් නැති නම් ⁣මොකද උන්නැහේට ඉස්කෝලවලට ගිහිල්ල දේශපාලනය කතා කරන්න ඉඩදීල තියෙන්නෙ හලෝ.

මමත් ඉස්කෝලෙ ගිහින් තියෙනවා.ටික කාලයක් ඔයැයි බේබියි ගිය ඉස්කෝලෙටත් ගිහින් තියෙනවා.ඒක නිසා අපේ කාලයේ කිසිම කෙනෙක් ඉස්⁣කෝලෙට ඇවිත් ළමයින්ට දේශපාලනේ කතා කරල නෑ කියල ආයෙ කියන්න ඕන නැහැනේ.අපේ පුතාත් ඉස්කෝලෙ ගියා.දැන් මුණුබුරාත් ඉස්කොලෙ යනවා.ඒ ඉස්කෝලවලත් යම් යම් වැඩ වලට දේශපාලකයො ආවා.එනවා.හැබැයි මම අහල නෑ හැම තැනකදිම දේශපාලනේ කියවන ඒ වගේ  හාදයොත් ඉස්කෝලෙදි නම් දේශපාලනේ කතා කරනවා. 

සජිත් බේබි විශේෂ කෙනෙක් තමයි .හිටපු ජනාධිපති කෙනෙක්ගෙ පුතානෙ.ඒ තාත්තත් විශේෂ කෙනෙක්නේ.එයා මැරුණම මුළු ලංකාවෙම රතිඤ්ඤා පත්තු කරානේ.ඒ නිසාද සජිත් බේබිට විතරක් ඉස්කෝලවලට ගිහින් ළමයින්ට දේශපාලනේ කතා කරන්න අවසර දීල තියෙන්නෙ.

දේශපාලනේ කියලත් උන්නැහේ කරන්නෙ.අනේ ඒකට නම් අපේ විරුද්ධතාවක් නෑ.ආණ්ඩුවේ ඉස්කෝලෙට ඇවිත් ආණ්ඩුවට බනින්න දෙන්න නම් ජනාධිපතිතුමා ලිබරල් අදහස් තියෙන කෙනෙක් නිසා වෙන්නත් ඇති.එහෙම නැතිනම් ආණ්ඩුවෙ අධ්‍යාපන ඇමති කෙනෙක් නැතුවද දන්නෙ නෑ.ඕව හොයල බලන්න.අපට ඔය ඇමති කූට්ටම මතක නෑ.වගේම තමුන්⁣නැහේට අධ්‍යාපන ඇමතියෙක් නෑ කියල කල්පනාවක් නැතුවද දන්නෑ.

වැඩේ කියන්නෙ බේබි තමුන්නැහේට විරුද්ධව ගියාට තමුන් නම් හැමදාම ලොකු ප්‍රේමෙ එක්කමනේ හිටියෙ.ඉන්දු ලංකා පනත වෙලාවෙ.මාමණ්ඩිට විරුද්ධව දෝෂාභියෝගය වෙලාවෙ ලලිත් ගාමිණී දෙන්නට විරුද්ධවත් තමුන් ලොකු ප්‍රේමෙ එක්ක⁣නේ හිටියෙ.
ඒ සම්බන්ධෙ නිසා පොඩි එකා නොතේරුම් කමට කරන වැඩ කියල ඉවසා වදාරනවා ඇද්ද කියලත් හිතෙනවා.

අපේ පුතා නම් කියන්නෙ රනිල් කපටියා කියලා.අන්තිම මොහොතෙ බේබිට අගමැතිකම දෙන්නම් මමම ජනාධිපති වෙන්නම් කියල හිතාගෙන වෙන්නැතිලු 
ඔය වගේ වැඩ දැක්කෙත් නෑ ඇහුනෙත් නෑ වගේ ඉන්නෙ.

මම 

මානි


පලි: මගේ බිරිඳ කියන්නෙ බේබි⁣ට ඉස්කෝලවලට ගිහින් දේශපාලනේ කතා කරන්න ඉඩ ඇරල තියෙන්නෙ ඔන්න තොපිට හම්බුවෙන්න යන ජනාධිපති කියල අපට පෙන්නන්න බැරිද කියලයි.ඒ වුනාට අප⁣ට ඕව තේරෙන්නෙ නෑ ලොක්කා.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්