ක්ලබ් වසන්ත ඝාතනය ජනපතිවරණය කල් දමා ගැනීමේ සූදුවේ තවත් තුරුම්බුවක්ද ?
පසුගියදා සිදුකරන ලද වසන්ත සුරේන්ද්‍ර පෙරේරා නොහොත් කල්බ් වසන්ත ඝාතනය තවත් පාස්කු ප්‍රහාරයක් හා සමානම දේශපාලනික කුමන්ත්‍රණයක් ලෙස සැළකිය හැකි කරුණු කාරණා එම ඝාතනය පිළිබඳව සොයා බැලීමේදී අනාවරණය වෙමින් පවතී.
මේ ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස කන්ජිපානී ඉම්රාන් මෙම දේශපාලන කුමන්ත්‍රණය සදහා යොදා ගත් බළල් අතක් ලෙස සැළකිය හැකිය.එය හරියටම පාස්කු බෝම්බ ප්‍රහාරයේ සැකකරුවන් ඒ සඳහා යොදවා ගත් ආකාරයටමය.කන්ජිපානී ඉම්රාන් වර්තමාන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ හා බොහෝ පොලිස් ඡ්‍යෙෂ්ඨයන්ගේ සමීපතමයෙකි.
බන්ධනාගාරගතව සිටි කන්ජිපානී ඉම්රාන් අධිකරණයෙන් ඇප මත මුදා හැරෙන්නේ එම සබඳතාවල ප්‍රතිඵලයක් වශයෙනි.
ක්ලබ් වසන්ත ඝාතනයට යොදා ගත් ආයුද එල්ටීටී ආයුද බවට සැකයක් පවතී යැයි පොලීසිය සඳහන් කරන ලදැයි ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.මෙතෙක්
කිසිදු සැකකරුවකු එම ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට නොගෙන පොලීසිය වසන්තගේ
ඝාතනය කරන ලද්දේ එල්ටීටී ආයුද වලින් බව ප්‍රකාශ කිරීම අප විසින් ඉහත
සඳහන් කළ දේශපාලන කුමන්ත්‍රණය පිළිබදව අපගේ සැකයට පදනමක් සැපයෙන තොරතුරක්
වී තිබේ.
මෙහිදී අපගේ අවධානය යොමුවන්නේ රාජපක්ෂ
පාලනය තුළදී මින්නේරිය යුද කඳවුරෙන් අතුරුදන් වූ ටී පනස් හය හා ටී අසූ එක
වර්ගයට අයත් ස්වයංක්‍රීය ආයුද තොගය පිළිබඳවය.එම ආයුද තොගය කොළඹට ගෙන ඒම
පිළිබඳව චෝදනා ලැබුවේ මාධ්‍යවේදියකු බව පැවසෙන තිස්ස රවීන්ද්‍ර පෙරේරා
නැමැත්තාය.මොහු මේ වන විට නීතිය හා සාමය බාර ඇමති ටිරාන් අලස්ගේ මවුබිම
පුවත්පතේ සේවය කරමින් සිටී.
එම ආයුද තොගය සම්බන්ධයෙන් අපරාධ
විමර්ශන අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ වර්තමානයේ
නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන නිශාන්ත සොයිසා උප පොලිස් පරීක්ෂක හේරත්
යන නිළධාරීන් විමර්ශනයක නිරත විය.
එම
විමර්ශනයේදී අනාවරණය වූයේ මෙම ආයුද තොගයේ තිබූ ටී පනස් හය ගණනවක්
ඩී.එස්.ජයසිංහගේ පළමු විවාහයේ පුත්‍රයා වූ ඩිල්ෂාන් ජයසිංහ අසලද ඒ වන විට
ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වූ ජගත් පී විජේවීරගේ පුත්‍රයා හා නාරාහේන්පිට
අමිල නම් පාතාල ක්‍රියාකාරිකයා සන්තකයේද තිබෙන බවය.මේ බව අනාවරණය වූයේ
නාරාහේන්පිට අමිල නම් පාතාල ක්‍රියාකාරිකයා අත් අඩංගුවට ගැනීමෙන් පසුවය.මේ
සිද්ධියට සම්බන්ධ සැක කරන ලද ඩිල්ෂාන් ජයසිංහ විවාහ වී සිටින්නේ මිල්ටෙරි
නන්දසේන ගෝඨාභයගේ පුත්‍රයා වන මනෝජ් රාජපක්ෂ විවාහ වී සිටින සෙව්වන්දි
ලියනාරච්චි ගේ සොයුරිය සමගය.
අනෙක් සැකකාරයා වන ජගත් පී විජේවීර ගේ පුත්‍රයා යෝෂිත රාජපක්ෂගේ සමීපතම මිතුරෙකු විය.
රහස්
පොලිස් කණ්ඩායම් මේ සැකකරුවන්ගේ නිවාස වැටලීමට ගිය විට මිල්ටෙරි නන්දසේන
ගේඨාභයගේ ලේකම් වූ මේජර් ජනරාල් එගොඩවෙලේ පොලිස්පතිවරයා අමතා එම පොලිස්
වැටලීම් වහාම නතර කරන ලෙසට නියෝග කරන ලදී.මින්නේරිය යුද කඳවුරේ ආයුද තොගය
අතුරුදන් වීමෙි පොලිස් පරීක්ෂණ එතැකින් අවසන් කෙරිණි.
මේ
වන විටත් එම ආයුද කොළඹ පාතාල ක්‍රියාකාරිකයන් අතර සංසරණය වන බව සැක කළ
හැකිය.ක්ලබ් වසන්ත ඝාතනයට එම ආයුද යොදා ගන්න ලද බවට පොලීසියට යම් තොරතුරක්
ලැබී ඇතැයිද සිතිය හැක.
කෙසේ වෙතත් ක්ල්බ්
වසන්තගේ ඝාතනයෙන් පසු මාලිගාවත්ත ප්‍රදේශයේ කන්ජිපානී ඉම්රාන් හා පාතාල
ක්‍රියාකාරිකයන්ගේ දරු පවුල් වලට දඬුවම් දෙන බවට සඳහන් පෝස්ටර් අලවා ඇති
බවට ජනමාධ්‍ය මගින් අද දින වාර්තා කෙරිණි.මෙම පෝස්ටර් අසූ නවය වර්ෂයේ මෙරට
පැවැති අඳුරු භීෂණය යලි සිහිපත් කරවන්නක් වේ.එය වැඩිදුරටත් ඒ දිනවල රජයට
එරෙහිව සටන් කළ සන්නද්ධ කැරලිකාරයන්ට එරෙහිව මෙරට නිර්මාණය වූ ප්‍රා -කලු
බළල්ලු ආදී අනීතික සන්නද්ධ කණ්ඩායම් වලින් සමාජය වෙත මුදා හරින ලද
ප්‍රතිචාරයට සමානය.
අප මේ සිදුවීම විග්‍රහ කළ
යුත්තේ මෙරට ජනපතිවරණය සම්බන්ධයෙන් රජයේ පාර්ශවය මෙතෙක් කල් දැක්වූ විවිධ
ආකාරයේ ප්‍රකාශයන් අවධානයට ගනිමිනි.මෙහිදී වජිර අබේවර්ධන හා රංගෙ බණ්ඩාර
වැන්නන් මහජන හමුවීම් වලදී විවිධ අවස්ථාවන් හිදී ප්‍රකාශ කරන ලද්දේ
ජනපතිවරණයක් නොපවත්වා රනිල් වික්‍රමසිංහ මෙරට විධායක ජනපතිවරයා ලෙස තව
දුරටත් බලයේ රඳවා ගත යුතු බවය.ආණ්ඩුවේ මෙහෙයවීම මත බවට සැක කළ හැකි
පාර්ශවයන් ජනපතිවරණය වැලැක්වීම සදහා ගත් අධිකරණමය ක්‍රියා මාර්ගද මෙහිදී
අවධානයට ගත යුතුය. ජනපතිවරයා ගේ යෝජනාවක් ලෙස ව්‍යවස්ථා සංශෝධනය සඳහා
අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ගැන පවා මේ වන
විට අනාවරණය වී තිබේ.ආණ්ඩුව ගත් මේ සෑම ක්‍රියා මාර්ගයකම අවසාන අදහස වන්නේ
ජනපතිවරණය පැවැත්වීම කල් දමා ගැනීම බව ඉතා පැහැදිලිය.එහෙත් එම සියළු
උත්සාහයන් මේ වන විට අසාර්ථක වී තිබේ.
ක්ලබ් වසන්ත ඝාතනය සිද්ධ වන්නේ මෙවැනි දේශපාලනික පසුබිමකය.
ව්‍යවස්ථානුකූලව
ජනපතිවරණය කල් දමා ගැනීම සදහා යොදා ගත හැකි ප්‍රතිපාදනයක් වන්නේ මෙරට
සිදුවන ස්වභාවික අන්තරාවක් හෝ යුද කැරලි තත්වයක් සමාජය තුළ ඇති වීමය.
ආණ්ඩුව
මේ ප්‍රතිපාදනය තුළ සිය බලය තවදුරටත් මෙරට පවත්වා ගැනීම සඳහා කන්ජිපානී
ඉම්රන් බළල් අතක් කර ගෙන තිබෙන බවට සැකයක් මතුවන බවට අප මුලදී සඳහන් කරන
ලද්දේ ඒ නිසාය.කන්ජිපානීට හා පාතාල ක්‍රියාකාරිකයන්ට එරෙහිව අලවා ඇති
තර්ජනාත්මක පෝස්ටර් ඒ අපගේ සැකය තව දුරටත් තහවුරු කරමින් තිබේ.
මෙම
පෝස්ටර් අලවා ඇති අතුරු හමුදා කණ්ඩායම හෙට අනිද්දා වන විට මෙරට ඝාතන
රැල්ලක් මුදා හැරිය හොත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට මෙරට සමාජය තුළ සිවිල්
සන්නද්ධ කැරැල්ලක් ඇති වී බවට ප්‍රකාශ කරමින් ජනපතිවරණය කල් දමා ගැනීමේ
අවසාන තුරුම්බුව පිටියට දැමිය හැකිය.එහිදී විශ්‍රාමික ඡ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය
පොලිස්පති රවි සෙනෙවිරත්න හා ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර යන
දෙදෙනා ඝාතනය කර මොවුන් දෙදෙනා සේවයේ නිරතව සිටින විට කන්ජිපානී ඉම්රාන්
වැනි පාතාල ක්‍රියාකාරිකයන් සමග සම්බන්ධව සිටි බැවින් දඬුවම් පමුනවන ලද බවට
සාවද්‍ය අදහසක් පවා සමාජගත කිරීමේ බරපතල අවදානමක් පවතී.
මෙම ඝාතන දෙකෙන්
ඇරඹිය හැකි ඝාතන රැල්ල මෙරට දේශපාලනික ආරවුලක් ඇති කරවන තරමට සිවිල්
කැරැල්ලක පදනම විය හැකිය.ක්ල්බ් වසන්තගේ ඝාතනය පිටුපස සිටින අදෘශ්‍යමාන
දේශපාලන හස්තයේ අවශ්‍යතාවය එය විය හැකි බවට අපට බරපතල සැකයක් පවතී.
Comments
Post a Comment