ගාලුමුවදොර අරගලයට පහර දුන්නේ පොදුජන පෙරමු⁣⁣ණේ සැලසුමකට බව නියෝජ්‍ය ආරක්ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර පවසයි

 


 ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ පවත්වන ලද ආණ්ඩු පක්ෂ රැස්වීමෙිදී

නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණඩාර තෙන්කෝන් ප්‍රකාශයක් කරමින් පවසන ලද්දේ ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවට ශ්‍රී ලංකා  පොදු ජන පෙරමු⁣ණේ දේශපාලන මණ්ඩලය ඉදිරිපත් කරනු ලැබුවේ  නාට්‍යයක් බවත් එය කලින්  සකස් කර ගත් පිටපතකට අනුව එය දිග හැරුණු   බවත් ප්‍රජාතන්ත්‍රවාදීව තීන්දු තීරණ ගැනීමේ ව්‍යුහයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තුළ නොමැති බවත් පක්ෂයේ දේශපාලන මණ්ඩලය ගත් එම තීන්දුව 2020 වර්ෂයේ මැයි 9 වන දින  අරගලයට ගහන්න ගත්ත තීන්දුවට සමාන බවය.

2020 වස⁣රේ මැයි 09 වන දින ගාලු මුවදොර තිබූ සාමකාමී අරගලයට පහරදීම කුමන්ත්‍රණකාරීව  හා සංවිධානාත්මක සිදු කළ සාහසික අපරාධයක් බව ලංකා දවස ඒ දින වල වාර්තා කරන ලදී .මෙම අපරාධය සැළසුම් කරන ලද්දේ පොදු ජන පෙරමුණේ කිහිප දෙනෙකු හා යෝෂිත රාජපක්ෂ බවට ලංකා දවසට හෙළි වී තිබුණි.මෙම පහර දීමට පසුව පොදු ජන පෙරමුණු පාක්ෂිකයන් කොළඹට ආ බස් රථ ගිණි තැබීමත් ,කොළඹින් පිටස්තර පදිංචි පොදු පෙරමු⁣ණේ මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිණි තැබීමද එම කුමන්ත්‍රණ න්‍යාය පත්‍රයට ඇතුළත්ව තිබුණි.එදින කොළඹට පොදු ජන පෙරමුණේ පාක්ෂිකයන් කොළඹට රැගෙන ආ බස් රථ වල අංක අන්තර්ජාලයට යොමු කර තිබුණේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙනි.
ගාලු මුවදොර අරගල කරුවන්ට පහරදීමත් සමග ආපසු යන බස් රථ වලටද පහරදීමට හා ගෙවල් ගිණි තැබීමට හමුදා බුද්ධි අංශ සාමාජිකයන් පවා යොදවා තිබුණු බවට තොරතුරු හෙළිවී තිබේ.පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට පහර දුන්නේද එම බුද්ධි අංශ සාමාජිකයන් විසින් මහජනයා උසි ගැන්වීම නිසාය. 
 
මෙම අපරාධය සැළසුම් කළ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානීව සිටි යෝෂිත රාජපක්ෂ එදින පාන්දර රටින් පිටව විදේශ ගත වූයේ එදිනම ගාලු මුවදොර අරගලකරුවන්ට ප්‍රහාර එල්ල කිරීමට සකස් කෙරුණ කුමන්ත්‍රණ සැළසුම ගැන  කිසිත් නොදන්නා ගානටය. පහරදීම සඳහා ලී ⁣සහ යකඩ පොලු රැගෙන එන ලෙසට පොදු ජන පෙරමුණේ මැර ක්‍රියා වලට ප්‍රසිද්ධ  ඇතැම් ප්‍රාදේශීය සභාපතිවරුන්ට පවා අරලිය ගහ මන්දිරයෙන් උපදෙස් දී තිබූණි.එහිදී අම්බලන්ගොඩ ප්‍රදේශීය සභාවෙි සභාපති පුෂ්පකුමාර පෙරමුණේ සිටි බව අනාවරණය විය.

කෙසේවෙතත් ගාලු මුවදොර අරගල කරුවන්ට පහර දීම සම්බන්ධයෙන් ⁣පොදු ජන පෙරමුණේ නායකයන් පවසා සි⁣ටියේ එම පහරදීමට පක්ෂයේ කිසිදු සම්බන්ධතාවක් නැති බවය.එහෙත් ගාලු මුව දොර අරගල කරුවන්ට පහර දෙන ලද්දේ පොදු ජන පෙරමුණේ යම් කණ්ඩායමක් ගත් තීන්දුවක් අනුව බව රාජ්‍ය ආරක්ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ගේ ආණ්ඩු පක්ෂ රැස්වීමේදී කළ ප්‍රකාශයෙන් හෙළිවේ.
⁣ඔහුගේ මේ ප්‍රකාශය ඉතා බරපතලය.ඒ ප්‍රකාශයෙන් අනාවරණය වන්නේ ගාලු මුවදොර අරගල කරුවන්ට පහර දීමේ සංවිධානාත්මක අපරාධය දියත් කර ඇත්තේ මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂයක දේශපාලන මණඩලය නියෝජනය කරන පිරිසක් බවය.එම අපරාධය සම්බන්ධයෙන් තොරතුරු දන්නා ඉතා හොඳ සාක්ෂිකරුවකු වශයෙන් රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් නම් කළ හැකිය.ඉතිරි කාර්ය භාරය ඉටු කළ යුතු වන්නේ පොලිස් දෙපාර්තමේන්තුවයි.

Comments

Popular posts from this blog

ආණ්ඩුවේ සොහොන් ලකුණු- රිය අනතුරින් සනත් නිශාන්ත මිය යයි

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

අනියම් විවාහ මංඟල උත්සවය දැනුම් දීමයි