පොලිස්පති දේශබන්දු ⁣පොලීසියේ පොහොට්ටු බැලයෝ කපා දමා යූඇන්පී හොර තඩියන් පෙරට ගනී

 


 

තංගල්ල පොලිස් කොට්ඨාශයේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයා ලෙස කටයුතු කළ කීර්තිරත්න පොලිස්පතිවරයාගේ නියෝග පරිදි පොලිස් සෞඛ්‍ය ආරක්ෂණ කොට්ඨාශය⁣ට මාරු කර තිබේ.ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න  2022 වර්ෂයේ අප්‍රේල් 19 වන දින රඹුක්කන මහජන විරෝධතාවකදී තරුණයකුට වෙඩි තැබීම සම්බන්ධ⁣යෙන් අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත ගත කළ අයෙකි.ඔහුට එරෙහිව පවරන ලද නඩුව තවමත් විභාග වෙමින් පවතී.


⁣කීර්තිරත්න වැන්නකු පොලිස් දෙපාර්ත මේන්තුවේ ඡ්‍යෙෂ්ඨ ⁣පොලිස් අධිකාරීවරයකු ලෙස උසස්වීම දක්වාආ ගමන ගැන විමර්ශනය කෙරුවේ නම් පොලීසිය කෙතරම් දූෂණය වී තිබේද යන්න පිළිබඳව ඉතා හොඳ සාක්ෂියක් සැපයෙන බව නිසැකය.මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ කාලයේදී පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ වූ නූගත් ලුම්පන් පාදඩයන් මේ වන විට ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් බවට උසස් වී සිටී.මේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්නද එවැනි අයෙකි. මැදමුලන උපත ලද කීර්තිරත්න එම ප්‍රදේශයේ ප්‍රාථමික පාසැලක අධ්‍යාපනය හදාරා අට සමත් වීමෙන් පසුව 1989 වර්ෂයේ ඇරඹුන භීෂණයත් සමගම ඉඳුරුවට පැමිණේ. මොහු ඉඳුරුවට පැමිණෙන්නේ සිය වැඩිමහල් සහෝදරිය එම ප්‍රදේශයේ විස්කි නම් තැනැත්තකු සමග විවාහ වී සිටි නිසාය.ඉඳුරුවට පැමිණි කීර්ති රත්න ඉඳුරුව කුඩා සිල්ලර කඩයක් පවත්වාගෙන ගිය අතර ඒ කාලයේදී ඔහුට පොලිස් සේවයට එක් වීමට අවස්ථාව හිමිවිය.ඒ කීර්ති රත්නගේ ඥාති සහෝදරයා වූ නෙවිල් වන්නිආරච්චිගේ දේශපාලන සබඳතා උපයෝගී කර ගෙනය.අට සමත්ව සිටි කීර්ති රත්න පොලිස් උප සේවයට එක් වන විට අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ බවට ව්‍යාජ තොරතුරු ඇතුළත්  සහතිකයක් ඉඳරුව අතුරුවැල්ල විද්‍යාලයෙන් ලබා ගත් බව අනාවරණය වේ.මේ සහතිකය කීර්තිරත්නට ලබා දෙන්නේ ඒ වන විට එහි විදුහල්පතිවරයා ලෙස සේවය කර දිසානායක නැමැත්තාය. පැටි මහත්තයා ලෙසද හඳුන්වන දැනට වයස අවුරුදු 85 පමණ වයසැති මේ විශ්‍රාමික විදුහල්පතිවරයා තවමත් ඉඳුරුවේ ජීවත්ව සිටී.කෙසේ වෙතත් වැස්සටවත් අතුරුවැල්ල විද්‍යාලයට නොගිය කීර්ති රත්න ⁣පොලිස් උප සේවයේ උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස සේවයට එක්වන්නේ එම විද්‍යාලයෙන් ලබා ගත් ව්‍යාජ අධ්‍යාපන සහතිකය උපයෝගි කර ගනිමිනි.

පසුගිය දිනවලදී තංගල්ල පොලිස් කොට්ඨාශයේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කළ කීර්ති රත්න හදිසියේම පොලීසියේ සෞඛ්‍ය ආරක්ෂණ කොට්ඨාශය වෙත මාරු කර යවා එහි ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස පොලිස්පති වරයා විසින් පත් කර ඇත්තේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර පෙත්තතන්ත්‍රි වේ.මේ වන විට තංගල්ල හම්බන්තොට නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරියේ නිරත වන්නේ නිශාන්ත ද සොයිසාය.මේ නිශාන්ත සොයිසා හා සිසිර කුමාර පෙත්තතන්ත්‍රී දෙදෙනාම අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ජානගත එක්සත් ජාතික පාක්ෂිකයන්ය.මොවුන් දෙදෙනා තංගල්ල හම්බන්තොට පොලිස් කොට්ඨාශයේ රාජකාරියට යෙදවීම වජිර අබේවර්ධනගේ කුමන්ත්‍රණකාරී සැලසුමකට අනුව සිදුවූ දෙයක් බව පැහැදිලිය.එය නාමල් රාජපක්ෂගේ ඉදිරි දේශපාලන ක්‍රියාකාරකම් සදහා යෙදවූ පොලිස් බාධකයක් ලෙසද සිතා ගන්නට හැකිය.එය වඩාත් තහවුරු වන්නේ රාජපක්ෂ පවුලේ සමීපතමයා වූ නෙවිල් වන්නිආරච්චි ගේ බල ආධිපත්‍යය යටතේ සිටි ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න ස්ථාන මාරු කර යවා  එජාප සබඳතා පවතින පොලිස් නිළධාරීීීීන් ඒ තනතුරු සඳහා ස්ථානගත කිරීම තුළිනි.

ඒ සමගම පොලිස් දෙපාර්තමේන්තුවේ කැත හා අවලස්සන ක්‍රියාකාරකම් පිළිබඳව අනාවරණය වෙන තවත් තොරතුරක් අප වෙත ලැබී තිබේ.ඒපසුගිය කාලයේ මොනරාගල සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස සේවයේ නිරතව සිටියදී සිය නිල නිවාසයේ ගංජා තොගයක් ළඟ තබා ගෙන සිට අත් අඩංගුවට ගත් සිසිර කුමාර පෑලියගොඩ පොලිස් කොට්ඨාශයේ යුක්තියේ මෙහෙයුම අධීක්ෂණ කටයුතු බාර ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස පොලිස්පති දේශබන්දු විසින් පත් කර තිබේ.ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර නොම්මර එකේ රජ බඩුවකි.මොණරාගලදී ගංජා තොගයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අවස්ථාවට පෙරද  මොහුට එරෙහිව ගංජා ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණි.
එපමනක්ද නොවේ.මොහු⁣ට එරෙහිව නිදන් හැරීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී තිබුණි.

පාස්කු ප්‍රහාරයේදී රාජකාරිය ඉටු නොකිරීම සම්බන්ධයෙන්ද පාස්කු විමර්ශන ජනපති කොමිෂම මගින්ද සිසිර කුමාර වැරදි කරුවකු ලෙස නම් කර විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙසටද නිර්⁣දේශ කර තිබේ.එහිදී පාස්කු ජනපති කොමිෂම සඳහන් කර ඇත්තේ මෙම පොලිස් නිළධාරියා ආගමික අන්තවාදය හා අලකයිඩා ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් පුහුනුවක් ලබා තිබියදී වෙඩි ද්‍රව්‍ය පිළිබඳව මනා අවබෝධයක් තිබියදී පවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණ ⁣බුද්ධි තොරතුරු නොසළකා කටයුතු කර ඇති බවය.

කෙසේ වෙතත් මේ සියළු තොරතුරු වලින් හෙළි වන්නේ පොලිස්පති දේශ⁣බන්දුගේ පාදඩ හා නොසන්ඩාල රාජකාරි ස්වභාවයේ සැබෑ නිරුවතය.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්