අගමැති දිනේෂ් මරු කියවයි
ජනපතිවරණයට දින නියම කර තිබේ.රනිල් වික්‍රමසිංහ හා ආණ්ඩුවේ තක්කඩියන් තමන්ගේ පරාජය ගැන හොඳින් දනී.ජනතාව පෙළ ගැසෙමින් ඉන්නේ මේ පෝරිසාදයන් එළවා දමන්නටය.ආණ්ඩුවට සම්බන්ධ හැම එකෙකුම ඉන්නේ මරු කියවමිනි.අද පාර්ලිමේන්තුවේද අගමැති දිනේෂ් ගුණවර්දනද මරු කියෙව්වේය.
පොලිස්පති
ධුරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති තීන්දුව පිළි නොගන්නා බව අද
(26) පාර්ලිමේන්තුවේදී අගමැති දිනේෂ් ගුණවර්දන ප්‍රකාශ කෙරුවේය.
අගමැතිවරයාගේ ප්‍රකාශය මෙසේය.
ව්‍යවස්ථාදායක සභාව තියෙන්නෙ පාර්ලිමේන්තුව යටතේ.පාර්ලිමේන්තු වට සමගාමීව තිබෙන ව්‍යවස්ථාදායකය පාර්ලිමේන්තුවේ දිගුවක්.ව්‍යවස්ථාදායක සභාවේ
තීරණය පාර්ලිමේන්තුවේ කැමැත්ත ප්‍රකාශ කිරීමක්.එම සභාවේ තීරණය
පාර්ලිමේන්තු පාලනයට පමණයි.පාර්ලිමේන්තුව හැර වෙන කිසිදු ආයතනයකට
ව්‍යවස්ථාදායක සභාව ගන්නා තීරණ සම්බන්ධයෙන් කිසි ආකාරයකට ප්‍රශ්ණ කළ
නොහැක.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ අනුමත කිරීමේ බලය ව්‍යවස්ථාදායක
කාර්යයක් නිසා එහි කටයුතු අධිකරණයෙන් විමසා බැලිය නොහැකිය.පාර්ලිමේන්තුව
උත්තරීතරය.ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට හෝ
නියෝග නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැත.
අගමැතිවරයා විසින් සිඳු කළ මේ ප්‍රකාශය 2024 ජනවාරි 31 වන දින ජනාධිපති මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කරන ලද නිවේදනයට ඉතා පරස්පරය.
ජනාධිපති මාධ්‍ය කොට්ඨාශය නිකුත් කරන ලද නිවේදනය මෙසේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කර ඇති පාර්ලිමේන්තුවේ කථානායක
වරයා
සභාපතිත්වය දරණ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව විධායකයේ කොටසක් වශයෙන්
ක්‍රියාත්මක වන අතර ජනාධිපතිවරයාට තම ව්‍යවස්ථාවේ කාර්යභාරය ඉටු කිරීමට
අවශ්‍ය සහයෝගය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව මගින් දෙනු ලබයි.
මේ තක්කඩියන් මරු කියවන බව අප මුලදී සඳහන් කෙරුවේ මේ නිසාය.
Comments
Post a Comment