උන් උන් ගුස්ති ඇල්ලීම ඇරඹේ

 


ඉදිරි ජනපතිවරණයේදී පොදු ජන පෙරමුණ ජනපති රනිල් වික්‍රමසිංහට සහයෝගය දැක්විය යුතුද නැද්ද යන කාරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ  හා ලොහාන් රත්වත්ත අතර ගැටුමක් ඇති වූ බව වාර්තා වේ.


කොළඹ පිහිටි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අයත් නිවසේදී මෙම ගැටම ඇති වූ බවද පැවසේ.ලොහාන් රත්වත්ත මන්ත්‍රීවරයා විසින් පොදු ජන පෙරමුණ ජනපති රනිල් වික්‍රමසිංහට සහයෝගය දැක්විය යුතු බවට තරයේ ප්‍රකාශ කිරීමත් සමගම නාමල් රාජපක්ෂ එ⁣යට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීම නිසා එම ගැටුම ඇති වූ බවත් පසුව ශිරන්ති රාජපක්ෂ මැදිහත්ව එය නිරාකරණය බවත් වැඩිදුරටත් අනාවරණය වේ.

රනිල් වික්‍රමසිංහ වෙත පොදු ජන පෙරමුණේ සහයෝගය දැක්වීමට තමන්ට අගමැති කම ලබා දිය යුතු බවට නාමල් රාජපක්ෂ ගේ ඉල්ලීම වේ.එහෙත් මේ වන විටත් පොදු ජන පෙරමු⁣ණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් ජනපති රනිල් වික්‍රමසිංහට සහයෝගය දීමට එක් වී සිටී.සිය රාජකීය විද්‍යාලීය සගයාගෙන් අගමැති කම ඉවත් කිරීමට ජනපතිවරයා කිසිසේත්ම කැමැත්තක් නැති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ශවයද නාමල් රාජපක්ෂගේ ඉල්ලීමට දැඩි විරෝධය දක්වා තිබේ.රාජපක්ෂවරුන් පිළිබඳව මෙරට ජනතාව දක්වන්නේ දැඩි පිළිකුලක් බැවින් ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමෙන් වලකින ලෙස ලන්සා පාර්ශවය ජනපතිවරයාගෙන් ඉල්ලා ඇත.   කෙසේ වෙතත් ජනපතිවරණයෙන් පසුව නාමල් රාජපක්ෂ යනු මෙරට දේශපාලන භූමියේ විහිළුකාර සිල්ලර කාසියක් බවට පත් වෙන බව නම් ස්ථිරය. 

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්