රවි හා ශානි අත් අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයේ පැමිණිලිකාර පොලිස් පරීක්ෂක දේව ඉන්දුක සිල්වා මාර බඩුවක්

 


⁣රහස් පොලීසියේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න හා එහි හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඉදිරි කාලයේදී අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරවීමේ කුමන්ත්‍රණයක් අ⁣නාවරණය වේ.මෙම කුමන්ත්‍රණයේ පළමු අදියර ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක දේව ඉන්දුක  සිල්වා යොදා ගනිමින් රවි සෙනෙවිරත්න හා ශානි අබේසේකර දෙදෙනාට එරෙහිව පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබියදී රාජකාරිය පැහැර හැරීම නිමිති කරගෙන පැමිණිල්ලක් කිරීමට නියමිතය.

දේව ඉන්දුකද සිල්වා අනූව දශකයේ මුල් භාගයේදී සමුද්‍ර දේවී දුම්රියේදී කාන්තාවකට අයුතු ලිංගික බලපෑමක් කිරීම⁣ට ගොස් කොස්ගොඩ ප්‍රදේශයේදී පහර කෑමකට ලක් වූ අයෙකි.මොහු උප සේවා උප පොලිස් පරීක්ෂක වරයෙක් වශයෙන් පොලිස් සේවයට බැඳී තිබේ.රහස් පොලීසියේ අධ්‍යක්ෂ වරයා ලෙස ශානි අ⁣බේසේකර කටයුතු කරන අවදියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක දේව ඉන්දුක සිල්වාට එරෙහිව විනය පරීක්ෂණ ගණනාවක් පවත්වා ඇත.මෙහිදී පුදුකුඩුඉරුප්පු දේවපුරම් ප්‍රදේශයේ නීති විරෝධී පතලක් හෑරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ඉන්දුක සිල්වා අසමත් වීම හේතුවෙන් ශානි අබේසේකර විසින් සිදු කළ පරීක්ෂණයේදී හෙළි වූ කරුණු මත මොහු රහස් පොලීසියෙන් මාරු කිරීමට නිර්දේශ කරන ලදී.එම නිර්දේශයට එරෙහිව ඉන්දුක සිල්වා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලද නමුත් එය විභාගයට ගත් මුල් අවස්ථාවේම ප්‍රතික්⁣ෂේප කෙරිණි. එලෙසම මොහු හා සම්බන්ධ දූෂණ ක්‍රියාවක් පිළිබඳව ශානි අබේසේකර විසින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් පවා කර ඇත.

ඉන්දුක සිල්වා රහස් පොලීසියේ සේවය කළ කාලයේ කාන්තා පොලිස් කොස්තාපල් වරියක සමග පැවැත්වූ අනියම් සම්බන්ධතාවක් පිළිබඳව ගොනු කරන ලද පැමිණිල්ලක් ශානි අබේසේකර විසින් රහස් පොලීසිය බාර රවි සෙනෙවිරත්න වෙත යොමු කර ඇත්තේ ඒ ගැන විශේෂ විමර්ශණ  ඒකකය මගින් විමර්ශනය කළ යුතු බවට නිර්දේශ කරමිනි.අනතුරුව ශානි අබේසේකර විසින් එම කොස්තාපල්වරිය රහස් පොලීසියෙන් ස්ථාන මාරු කර යවා ඇත.

ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක සිල්වා විසින් තමා මංකොල්ලකෑමකට ලක්වූ බව සඳහන් කරමින් 2016 නොවැම්බර් මස 16 දින වැලිකඩ පොලීසියට අසත්‍ය පැමිණිල්ලක්  කර තිබුණි.මෙම අසත්‍ය පැමිණිල්ල හේතුවෙන් රහස් පොලීසිය විසින් ඔහු⁣ට එරෙහිව චෝදනා පත්‍රයක් නිකුත් කර අතර 2016 වර්ෂයේදී විනය හේතු මත මොහු රහස් පොලීසියෙන් පිටතට ස්ථාන මාරු කර යැවිනි.පසුව මොහු දේශපාලන සම්බන්ධතා යොදා ගනිමින්2021 වර්ෂයේ නැවත රහස් පොලීසියට අනුයුක්ත කර ගෙන ඇති බව සඳහන්ය.

රවි සෙනෙවිරත්න හා ශානි අබේසේකර බන්ධනාගාර ගත කරවීමේ කුමන්ත්‍රණයේ මුල් පැමිණිලිකරුගේ පැටිකිරිය එවැනිය.නීතියේ සාධාරණත්වය පතන්නා පිරිසිදු දෑතින් පැමිණිය යුතුය යන කියමන ප්‍රධාන  පොලිස් පරීක්ෂක දේව ඉන්දුක සිල්වා අසා නැති බව අපට පැහැදිලිය.එබැවින් අපට මේ මෝඩ අට පාස් පොලිස් කාරායාට කියන්නට ඇත්තේ අනේ බං ගොනා වුනාට උම්බෑ කියන්නට යන්න එපා කියාය.  

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්